මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර රහස් පොලිසියට කැඳවයි!

මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර රහස් පොලිසියට කැඳවයි!

 ‘ද නේෂන්’  පුවත්පතේ සම සංස්කාරක කීත් නෝයර් මහතා, 2008 වසරේ මැයි මස පැහැරගෙන ගොස් රදවා තබාගෙන ප්‍රශ්න කරමින්, පහර දීම සම්බන්ධව, මේ වන විට සිදුවන විමර්ශණයන්හි ඊළඟ පියවර ලෙස, එවක හමුදා බුද්ධි අංශ ප්‍රධානියාව සිටි මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර (එවක කර්නල්) ඉදිරි දින කීපය තුලදී ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා රහස් පොලිසිය වෙත කැඳවා තිබේ.

විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයා මෙසේ රහස් පොලිසියට කැඳවා ඇත්තේ කීත් නෝයර් සිද්ධිය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් භාරයේ පසුවන බුද්ධි අංශ නිලධාරීන්ගෙන් හෙලිදරව් වූ කරුණු මතය.

කීත් නෝයර් මහතා පැහැර ගත් විගස එසේ පැහැර ගන්නා ලද මේජර් බුලත්වත්ත ඒ බව දැනුම් දී ඇත්තේ එවක කර්නල් අමල් කරුණාසේකර වෙතය. අමල් කරුණාසේකර විසින් ඒ බව එවක ජාතික බුද්ධිඅංශ ප්‍රධානී කපිල ‍හෙන්දාවිතාරණ වෙතත්, හෙන්දාවිතාරණ විසින් හිටපු ආරක්ෂක ලේකම් නන්දසේන ජී රාජපක්ෂ (ගෝඨා) වෙත දැනුම් දුන් ආකාරය දුරකතන දත්ත විශ්ලේෂණය කිරීමේදී මැනෙවින් තහවුරු වී තිබේ. අවසානයේ හිටපු ආරක්ෂක ලේකම්වරයා කීත් නෝයර් පැහැර ගත් මේජර් බුලත්වත්ත වෙත කෙලින්ම කතා කොට ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දැනුම් දී ඇත.

රහස් පොලිසිය විසින් මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි සිදුවූ සම්පූර්ණ ක්‍රියාදාමය පරිවේෂණීය සාක්ෂි මත (Circumstantial  evidence) ඉතා කදිමට ගොඩ නගා තිබේ. මෙම සාක්ෂි හිටපු ආරක්ෂක ලේකම්වරයා වරෙන්තුවක් රහිතව අත්අඩංගුවට ගැනීමට හොදටම ප්‍රමාණවත් වුවත් මෙය තවත් දේශපාලන ඩීල් එකක් නිසා මග හැරී යාමට බොහෝ දුරට ඉඩ ඇති බව නීතිඥ ප්‍රජාවගේ මතයයි.

හිටපු ආරක්ෂක ලේකම් නන්දසේන ජී රාජපක්ෂ මේ වන විට තම අත්අඩංගුවට ගැනීම වලක්වා ගැනීම සඳහා හතර අතේ කටයුතු කර මින් සිටින බව ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කර සිටී.

LANKA NEWS WEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *