ලන්සා නිහඬ ඇයි? – රටේ රාළ

May be an image of 1 person and dais
ජනාධිපතිවරණ උණුසුම වේගයෙන් ඉහළ යමින් තියන වෙලාවේ කවුරුත් තම තමන්ගේ කොටස සහ ස්ථානය වෙනුවෙන් ලොකු සටනක් දෙන බව පේනවා.අපේක්ෂකයෝ විදිහට ජනාධිපතිවරණ පිටියට ඇතුළු වෙන්න පොරකන අලුත් අයත් මතුවෙනවා.එහෙම මතුවුන අලුත්ම වෙන්ඩ ජනාධිපති තමයි විජේදාස රාජපක්ෂ. ජනාධිපතිවරණ සටන් පෙරමුණේ තවමත් අපරාජිතව ඉන්නේ සජිත්, අනුර,රනිල් සහ දිලිත් හතර දෙනා විතරයි.
ඒ වගේම චම්පිකත් ජනාධිපතිවරණ සටනට ඇතුළු වෙන්න යම් උත්සාහයක් දරන බව පේනවා.නාමල් ජනාධිපතිවරණයට එනවා කියන news ඉඳ හිට plant උනත් ඒවා එච්චර සමාජ අවධානයට ලක් වෙන්නේ නෑ. නාමල් සමහරවිට හිතනවා ඇත්තේ එහෙම news plant කලහම කට්ටිය පේවෙලා නාමල් හොයාගෙන එයි කියලා වෙන්න ඇති.ජනතාවගේ පැත්තෙන් නං රාජපක්ෂලා හොයාගෙන එන්න තියන ඉඩ තවමත් බැහැර කරන්න බෑ.
මොකද රාජපක්ෂලා බලයේ නොහිටියත් හිටපු ගමන් අලුත් වෙන පරණ කතාවලට තවමත් ජනතාවට මළ පනිනවා.ඇත්තටම මේ වෙලාවේ රාජපක්ෂලා හරියට මරාගෙන මැරෙන මිනිස් බෝම්බ වගේ.ගත්තොත් ගත්ත පැත්ත ඉවරයි.පක්ෂයක් විදිහට දැනට පොහොට්ටුවට ඡන්ද ලක්ෂ 15 – 20 ක් විතර ඇති.පොහොට්ටුවට උඩින් සජබය සහ මාලිමාව ඉන්නවා. පොහොට්ටුවේ මේ කඩාවැටෙන්නේ ඡන්ද 69 ලක්ෂයක ඡන්ද පදනමක්. ඒ බිඳවැටීමට රාජපක්ෂලා කෙලින්ම වගකියන්න ඕනි.
තවදුරටත් රාජපක්ෂලා තියන හැම පියවරක්,පියවරක් පාසාම වෙන්නේ පොහොට්ටුව කඩා වැටීම විතරයි. දැනට ඉතිරි වෙලා තියන පොහොට්ටුවේ පෙනුම ආරක්ෂා කරගන්න ඕනි හින්දා පහුගිය දවසක රාජපක්ෂලා රනිල්ට යටත්වීම ප්රකාශ කළා.ඇත්තටම ඒක ව්යාජ යටත්වීමක්.රනිල් ජනාධිපති අපේක්ෂකයා කරලා නාමල් අගමැති අපේක්ෂකයා කරන්න කියලා යෝජනාවක් රාජපක්ෂ පවුල පැත්තෙන් ඇවිත් කියලා ආයෙත් news පලවෙන්න පටන් අරන්.
රනිල් ඒ වගේ පියවරකට යනවා කියන්නේ සියතින් ගෙල සිදගන්නවා වගේ වැඩක්.ඒ වගේ පියවරකට රනිල් යයි කියලා හිතන්න බෑ.පහුගිය දවස්වල පොහොට්ටුවේ පෙරළිකාර කණ්ඩායම උන අනුර යාපා – නිමල් ලන්සා කණ්ඩායම මේ දවස්වල පේන්න නෑ.හයිඩ් පිටියේ රැළියෙන් පස්සේ එයාලගේ ලොකු වැඩක් ගියේම නෑ.බැසිල්ගේ පැමිණීම සහ රාජපක්ෂලාගේ ව්යාජ යටත්වීම මේ නිහඩතාවයට ආසන්නම හේතුව වෙන්න පුළුවන්.
පහුගිය කාලේ රාජපක්ෂලාට එරෙහි ප්රහාරයේ ඉදිරියෙන්ම හිටියේ ලන්සලා.සජබයට සහ ජවිපෙටත් වඩා ඉදිරියට ගිහින් එයාලා රාජපක්ෂලා විවේචනය කළා.ජනාධිපතිවරණ සටන දවසින් දවස උණුසුම් වෙද්දී එයාලා ground එකේ නැති එක රනිල්ට ලොකු පාඩුවක්.ලන්සලා ශ්රිලනිපය එක්ක එකතු වෙලා හදන්න හදපු සන්ධානයත් ලත් තැනම ලොප්.ඒ වගකීම පෞද්ගලික මෛත්රී බාරගන්න ඕනි.මෛත්රී ඒ වෙනුවෙන් කරන්න ඕනි කැපකිරීම කළේ නෑ.
අන්තිමට රෙපෙයාර් කරන්න ගිය පුටුවත් නැතිව මෛත්රීත් ශ්රිලනිපයත් එක්කම ගොඩගන්න බැරි තැනකට කඩාගෙන වැටුණා. මෛත්රී ළඟ හිටපු ගොඩක් දෙනෙක් දැන් මෛත්රී දාලා යන්න පටන් අරන්.ඒ සන්ධානය හදලා තිබුණා නම් ඒක වටේට විශාල බලවේගයක් එකතු කරගන්න තිබුණා.ඒ උත්සාහය බිද වැටීමේ වාසිය ගියේ මාලිමාවට. කොහොම උනත් රනිල් මෙතනදී ඉක්මන් තීරණයකට යයි කියලා හිතන්න බෑ.
රනිල් මැතිවරණ සටනට එන්නේ මැයි මාසේ. එතකන් රනිල් කරන්නේ කල් බලන එකයි.රනිල්ට මේ සටනින් දිනන්න නම් අනිවාර්යයෙන්ම පොහොට්ටුවට සහ සජබය ඇතුළු පක්ෂ කළමණාකරණය කරගන්න වෙනවා.රටේ රාළ කියන්නේ රනිල් දැනටමත් බොහෝ දුරට පොහොට්ටුව කළමනාකරණය කරගෙන ඉවරයි.දැනට එතන ප්රශ්නයකට තියෙන්නේ රාජපක්ෂලාගේ මේ ප්රශ්නය විතරයි.
මේ සටනේදී රනිල් රාජපක්ෂලා ඔඩොක්කුවට ගත්තොත් රනිල්ට වෙන්නේ ඡන්ද කරන්න නෙවෙයි කනෝ කනෝ කියකියා කෑගගහා ඉන්න.ඒක හින්දා රනිල්ට රාජපක්ෂලා ඈත් කරලා තියන්නම වෙනවා.ඈත් කරන දුර ප්රමාණය කොච්චරද කියලා තීරණය කරන්නත් ඕනි රනිල්.රනිල් දැනගන්න ඕනි අනිත් බලවේග කලමණාකරණය කරද්දී රනිල් රාජපක්ෂලා තියලා තියන දුර හරිම වැදගත් කියලා.
රනිල්ට පොහොට්ටුව විතරක් කලමණාකරණය කරලා කවදාවත් දිනන්න බෑ.අනිවාර්යයෙන්ම, උතුර,නැගෙනහිර,වතුකරය සහ සජබෙයත් කලමණාකරණය කරගන්න වෙනවා.සජබය කලමණාකරණය කරනවා කියන්නේ සජබෙන් එකා දෙන්නා බාන එක නෙවෙයි.අනිවාර්යයෙන්ම සජිත් මේ සටනින් ඈත් කරලා තියන්න ඕනි.ඒ කියන්නේ සජිත් මේ ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙන් වෙන්න බෑ.ඒක නවත්තන්න ලේසි නෑ.හැබැයි පුඵවන්.ඒකට ඉස්සෙල්ලාම සජබයට අනපේක්ෂිත ප්රහාරයක් එල්ල කරන්න වෙනවා.
මැයි වගේ වෙනකොට සජබෙන් ලොට් එකක් ගලවලා ඒ මානසික ප්රහාරයක් එල්ල කරන්න රනිල් සැලසුම් කරයි.ඒ වෙනුවෙන් මාලිමාව උපරිම වශයෙන් යොදා ගැනීම රනිල්ගේ උපක්රමය වෙන්න ඕනි.ඒක කරන්න යද්දී රනිල් රාජපක්ෂලා තියලා තියන දුර කොච්චරද කියන එක තදින්ම බලපානවා.රාජපක්ෂලා රනිල්ගේ ඔඩොක්කුවේ හුරතල් වෙවී හිටියොත් රනිල්ට ඒ ප්රහාරය හරියට එල්ල කරන්න බෑ.ඇත්තටම ලන්සලා රාජපක්ෂලාට එරෙහිව දක්වන විරෝධයේ ලොකු දේශපාලන ගැඹුරක් තියනවා.ඒක නොසලකා කටයුතු කරන්න ගියොත් රනිල් අමාරුවේ වැටෙනවා.
රටේ රාළ දිගටම ලන්සලාට කිව්වේ කොච්චර දුෂ්කර උනත් මේ වෙලාවේ සටන අතාරින්න එපා නෑ කියලයි.මොකද රනිල් අලියගෙන්වත්, පොහොට්ටුවෙන්වත් ජනාධිපතිවරණයට එන්නේ නෑ. රනිල් එන්නේ අලුත් ලකුණකින් සහ අලුත් සන්ධානයකින්.ඒකේ පුටුවක් අනිවාර්යයෙන්ම අනුර යාපා – නිමල් ලන්සා සන්ධානයට වෙන්වෙනවා. ඊළඟට මැයි ජුනි වෙනකොට මේ සටන වෙනස්ම විදිහකට කැරෙනවා.ඒ වෙනකොට සටනේ නොසිටීම කාටවුනත් වාසිදායක නෑ.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ
May be an image of 1 person and dais

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *