පොහොට්ටුවෙන් දිලිත්ගේ පංගුව ඉල්ලයි – රටේ රාළ

May be an image of 1 person, dais and text
මෙච්චර කල් පොහොට්ටුව කියන්නේ රාජපක්ෂලාගේ පවුලේ පක්ෂය කියලයි කවුරුත් හිතාගෙන හිටියේ.පොහොට්ටුවේ වගකිවයුතු තනතුරු කවදාවත් රාජපක්ෂලාගෙන් පිටදෙන්නේ නෑ. පොහොට්ටුවේ කිරුළ තවමත් දරාගෙන ඉන්නේ මහින්ද. පොහොට්ටුවේ ඔටුන්න හිමි කුමරා නාමල්.පොහොට්ටුවේ නිර්මාතෘ සහ මහ මොළකරු විදිහට පිලිගන්නේ බැසිල්.
ඊට අමතරව පොහොට්ටුවේ අවශේෂ තනතුරු හම්බ වෙන්නේ රාජපක්ෂ පවුලේ හොඳම දේශපාලන බත් බැලයන්ට.පහුගිය දවසක මහින්දගේ බලය නාමල්ට පවරද්දී බැසිල් සෑහෙන දුරක් පස්සට වීසිවුනා.බැසිල්ට දැන් තියෙන්නේ එක්කෝ නාමල්ව ඉස්සර කරගෙන ගිහින් බලය තහවුරු කරගන්න.නැත්තං වැඩේ අතෑරලා සියරට යන්න.හැබැයි බැසිල්ට මේ දෙකම කරන්න බෑ.එක පැත්තකින් බැසිල්ට ආයෙත් අධිරාජ්යයක් ගොඩනගන්න නාමල් ඉඩදෙන්නේ නෑ.
නාමල් මෙතෙක් ගොඩනගලා තියන බැසිල්ගේ පොහොට්ටු අධිරාජ්යය කුඩුපට්ටම් කරන එක ෂුවර්.පහුගිය දවසක මහින්ද ඉදිරි මැතිවරණ ගැන කතා කරන්න කියලා පොහොට්ටුවේ විධායක සභාව කැදවලා,මැතිවරණ ගැන සහ ජනාධිපති අපේක්ෂකයෝ ගැන කතාකිරීම තහනම් කරලා නාමල් ජාතික සංවිධායකයා කරගෙන තිබුණා.දැන් නාමල් හම්බ වෙච්චි අවස්ථාවෙන් ප්රයෝජන ගන්න වැඩේට බැහැලා.
පහුගිය 30 වෙනිදා නාමල් වැඩ පටන් ගත්තේ තංගල්ලෙන්. හම්බන්තොට පොහොට්ටුවේ දිස්ත්රික් සමුළුවෙන්.නාමල් එතනදී සම්පුර්ණයෙන්ම මහින්දට ඇඳලා හිටියේ.පෙනුමෙන් නාමල් මහින්දගේ ලුක් එක ගන්න මාර ට්රයි එකක් දීලා තිබුණා.නාමල්ට පෙනූමෙන් මහින්දගේ ලුක් එක ගන්න පුළුවන් උනත් මහින්දගේ දේශපාලනයේ තිබුණ ආකර්ෂණීය බව ගන්න නාමල්ට බෑ.
නාමල් බාප්පාව පිටමං කරලා, තාත්තගේ උරුමය ගන්න නාමල් හදද්දී පොහොට්ටුවට අයිතිවාසිකම් කියන තවත් කෙනෙක් එදාම බදුල්ලෙන් මතුවුනා. ඒ මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර.දිලිත් වැඩේට එන්ටර් වෙන්නේ ප්රසන්න රණතුංග කියපු කතාවකින්.ප්රසන්න දිගටම කියන්නේ පොහොට්ටුවට ජනාධිපති අපේක්ෂකයෙක් නෑ.ඒක නිසා රනිල්ට තව පහක් දෙන්න ඕනි කියලා.දිලිත් අහන්නේ අපේක්ෂකයෙක් නැත්තේ කොයි පොහොට්ටුවටද කියලයි?
දිලිත් කියන්නේ බැසිල්ගේ පොහොට්ටුවට නං අපේක්ෂකයෙක් නෑ හැබැයි ජනතාවගේ පොහොට්ටුවට අපේක්ෂකයෙක් ඉන්නවා කියලයි. එහෙම කියන ගමන් ජනතාවගේ පොහොට්ටුවේ අපේක්ෂකයා මම කියලත් දිලිත් කිසිම බයක්, සැකක්,චකිතයක්, ලැජ්ජැවක් නැතිව කියනවා.දැන් මෙතන ප්රශ්නයක් තියනවා.දිලිත්ට එහෙම පොහොට්ටුවට අයිතිවාසිකම් කියන්න පුලුවන්ද?මොන අයිතියක් ගැනද දිලිත් මේ කතා කරන්නේ.දැන් බලනකොට පොහොට්ටුවට සෑහෙන අයිතිකාරයෝ හිටලා තියනවනේ.
පොහොට්ටුවේ මහින්දට තිබුණ අයිතිය නාමල්ට ගියා.බැසිල්ට තිබුණ අයිතිය නාමල් කඩාගත්තා. දැන් පොහොට්ටුවේ නිල අයිතිකාරයා වෙලා ඉන්නේ නාමල්. නාමල් නිල අයිතිකාරයා වෙද්දී රනිල් පොහොට්ටුවේ නිල නොවන අයිතිකාරයාවෙලා.ඒ අතර තමයි දිලිතුත් පොහොට්ටුවට අලුත් අයිතිවාසිකමක් කියාගෙන එන්නේ. දිලිත් අයිතිවාසිකම් කියන්නේ ජනතාවගේ පොහොට්ටුවට.ඒ කියන්නේ 69 ලක්ෂයේ ජනවරමට. බලනකොට දැන් 69 ලක්ෂයටත් අයිතිකාරයෝ ගොඩක් ඉන්නවා.
දිලිත් කියන විදිහට පොහොට්ටුව හදන්න දිලිත්ලගේ දාඩිය මහන්සිය යොදවලා තියනවා.දිලිත් සල්ලි වියදම් කරලත් ඇති.ඒක බොරුවක් වෙන්න බෑ.
දිලිත් කියන්නේ දැන් භාවිතා කරන පොහොට්ටුවේ ලකුණ ඇන්ඳේ එයා කියලා.69 ලක්ෂයක් ආකර්ෂණය කරපු ලකුණ ඇඳලා තියෙන්නේ දිලිත්.රටේ රාළ කියන්නේ ඇත්තටම මේවා හෙලි වෙන්න ඕනි කාරණා කියලයි.මහා ලොකු ජනතා ක්රියාකාරීත්වයක අයිතිය තනියෙන් එක පවුලකට ලියාගැනීමේ වරඳ කොතනින් හරි නිවැරදි වෙන්න ඕනි.පොදුජන පෙරමුණ කියන නම භාවිතා නොකර අපේ රටේ ජනතාව ඒ පක්ෂය හැදින්නුවේ පොහොට්ටුව කියලා.
ඒ තරම් දිලිත් ඇඳපු පොහොට්ටුව සමාජ ආකර්ෂණය දිනා ගත්තා.ඒ විතරක් නෙවෙයි පොදුජන පෙරමුණ කියන නමත් කඩාගත්ත එකක් බව පොදුජන පෙරමුණ කියන නම නිර්මාණය කරගෙන පක්ෂයක් ගොඩනගපු චමින්ද ජනප්රිය දිසානායක කියනවා.මෙතනදී අපි තවත් එකක් අමතක කරන්න හොඳ නෑ.ඇත්තටම පොහොට්ටුවේ 69 ලක්ෂයේ ජනවරමට පදනම දැම්මේ විමල්ලා,ගම්මන්පිලලා,වාසුලා ඇතුළු ශ්රිලනිප මන්ත්රි කණ්ඩායම ආරම්භ කරපු මහින්ද සුළඟෙන්.
ඒ වෙනකොටත් ඇමරිකාවේ හැංගිලා හිටපු බැසිල් ඇවිත් කළේ ඒ සියල්ල මංකොල්ල කාලා රාජපක්ෂ පවුල වෙනුවෙන් පක්ෂයක් හදාගත්තා.දැන් තමන්ගේ අයිතිය ඉල්ලගෙන්න මුල් හිමිකරුවන් එන්න පටන් අරන්. විමල්ලා කියන්නේ රාජපක්ෂලා 69 ලක්ෂයේ ජනවරමට පිටුපෑවා කියලයි.දැන් විමල්ලා ආයෙත් එලියට බැහැලා ඉල්ලන්නේ ඒ අයිතිය වෙන්න ඕනි.දිලිත් බදුල්ලේ ඉඳන් ඉල්ලුවෙත් ඒ අයතිය වෙන්න ඇති.දිලිත්ලා,විමල්ලා පොහොට්ටුවට කියන අයිතිවාසිකමට රටේ රාළ විරුද්ධ නෑ.
ඒත් මේ 69 ලක්ෂයේ ජනවරම නැවත ඉල්ලීමේ වැඩිම අයිතිය තියෙන්නේ ශ්රී ලංකා නිදහස් පක්ෂයට.ඇත්තටම ශ්රීලනිපය කඩා වෙන්කිරීම සම්පුර්ණයෙන්ම බැසිල්ලගේ සහ විමල්ලගේ කුමන්ත්රණයක්.විමල් ඒ කුමන්ත්රණයට සහභාගී කරගත්තේ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකකම දෙන්න පොරොන්දු වෙලා.ඒක නිසා මේ අයිතියේ ලොකුම පංගුකාරයා වෙන්නේ ශ්රිලනිපයයි.හැබැයි ඒ අයිතිය ඉල්ලන්න නෙවෙයි හිටං ඉන්නවත් වාරු නැති තැනට මෛත්රී ශ්රිලනිපය පත්කරලා.
ඒ අර්ථයෙන් බලද්දී තමන්ගේ අයිතිය දීපල්ලා කියලා දිලිත්ලා රාජපක්ෂලාගෙන් කරන ඉල්ලීම සාධාරණයි.අද මේ වෙනකොට 69 ලක්ෂයෙන් පංගුවක් මාලිමාව උදුරගෙන ගිහින්.69 ලක්ෂයේ ජනවරමේ බලය අරන් තියෙන්නේ රනිල්.ඒ විතරක් නෙවෙයි 68 ලක්ෂයේ මහින්දගේ ජනවරමේ වැඩිම numbers තියෙන්නෙත් රනිල් ළඟ.
පොහොට්ටුවට නිල සහ නිල නොවන අයිතිකාරයෝ ගොඩක් හිටියත් පොහොට්ටුව සැලකිය යුතු පංගු දෙකක් රනිල් සහ අනුර උදුරගෙන.දිලිත් රාජපක්ෂලාගෙන් උදුර ගන්න පංගුව ගැන තවමත් යමක් කියන්න බෑ.හැබැයි දිලිත්ටත් ඒ උරුමය වෙනුවෙන් සටන් කරන්න අයිතියක් තියන බව පිලිගන්න වෙනවා.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 1 person, dais and text

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *