|

කොහේ ගියත් යන්නේ එතෙන්ට – අස්පට් ෂූටිං

May be pop art
ආයුබෝවන් මචංලා…..
මචං ලප කුමාර සහෝදරයයි, පුතාණෝයි බලය ගත්ත ගමන් කවුන්සිලේ විසුරවන්න සැලසුම් හදාගෙනලු ඉන්නේ.ඒ කියන්නේ මචං දෙන්නගෙන් කාට බලය ගියත් general එකක් අත ළඟ.
බලපං මචං ඒ අතින් මේ දෙන්නා කොච්ච Quick ද කියලා.
තරුණ ජවයනේ මචං.
ඔය දෙන්නා presidential එකට ලෑස්ති වෙන්නේ දැනට අවුරුදු දෙකකට විතර ඉදන්.හැබැයි දැනට අවුරුදු දෙකකට උඩදී ලෑස්ති වෙන presidential එක තියන්න තව මාස හතක් තියනවා.
ඒක දිනුවට පස්සේ general එකකට යන්න අඩුම ගානේ තව මාස දහයක් තියනවා.General එක දිනුවට පස්සේ හදන කැබිනට් එකත් දැන් දෙපැත්තෙන්ම හදලා ඉවරයි.ආරක්ෂක ඇමතිලා. විදේශ ඇමතිලා,මුදල් ඇමතිල,අධ්යාපන ඇමතිලා ඔක්කොම නම් කරලා ඉවරයි.
දෙපැත්තේම ආර්ථික කවුන්සිල් දෙකත් පිහිටවලා ඉවරයි.මචං පුතානෝ ඒ කැබිනට් එකේ සමහර ඇමතිලා අයින් කරලත් ඉවරයි.ඇයි බං ජාතික ආරක්ෂාව බාරදුන්නේ ෆොනීටනේ.ෆොනී දැන් left නේ.
මිනිහාගේ ඇමතිකම ගලවලා පුතානේ ජනාධිපතිතුමා යටතට අරන් දැන් මාසයක් දෙකක් විතර ඇති.දෙපැත්තෙම හොරු අල්ලන වැඩපිලිවෙල හදලා ඉවරයි. හොරුන්ට දඩුවම් කරන වැඩපිලිවෙලත් හදලා ඉවරයි.
මචං මෙහෙම කඩිසර නායකයෝ දෙන්නෙක් මේ රටේ තවම නං පහලවෙලා නෑ.ඔය අප්පච්චිලට, හාමුලට පුළුවන්ද මචං මෙයාලත් එක්ක හැරෙන්නවත්.පුතානෝ උදේ පහත රට නං දවල් උඩ රට,රෑට මතුරට.
ලපයා අද මෙරට නං හෙට පිටරට, මචං දෙන්නම මාර ට්රයි එකක් තමයි දෙන්නේ ගොඩයන්න..
එතකොට මචං රට හදන සැලසුම් හෙමත් ඔන්චිල්ලා හදලා ඉවර ඇති නේද?
මචං ඒ ගැන පුතානෝයි,ලප කුමාර සහෝදරයයි ඉන්නේ එකම අදහසක.
දෙන්නම ඉන්නේ ඒවට මහන්සිවෙලා කාලය නාස්ති කරන්න ඕනි නෑ කියලා.කොහොම හරි ඉස්සෙල්ල කරගන්න ඕනි බලය ගන්න සැලැස්ම හරියට ක්රියාත්මක කරගෙන බලය ගන්න එකලු.
ඉතින් මචං බලය ගත්ත ගමන් සැලසුම් හදාගෙන වැඩ පටන්ගන්න සෑහෙන කාලයක් යයි නේද?
ඒක හරි dangerous වැඩක් නේද?
මොන dangerous ද මචං ලපයටයි!පුතානෝටයි ඕවා දලං.
එහෙනං කලින්ම වැඩපිලිවෙල හදාගෙන ඇති.
නෑ මචං එහෙමත් නෑ.එහෙනං කොහොමද මචං එකපාරට රට හදන වැඩේ කරන්නේ.
ඇයි මචං හාමුගේ වැඩපිලිවෙල තියනවනේ ඒකම ඉදිරියට කරගෙන යනවා.මේ දවස්වල හාමු රට හදන වැඩ ටික කරගෙන යනවා,ලපයයි,පුතානෝයි බලය ගන්න වැඩ ටික කරගෙන යනවා.
ඉතිං බං හාමුගේ වැඩපිලිවෙල ක්රියාත්මක කරන්න ලපයයි, පුතානෝයි මොකටද.හාමු හිටියම ඇතිනේ.
අස්පට් ෂූටිං.
May be pop art

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *