|

ලන්සා හමුවේ ඇති අභියෝගය – රටේ රාළ

May be an image of 1 person, dais and text
දැන් රනිල් වටේ ඉන්න කණ්ඩායම්වල නිර්මාණය වෙලා තියන තත්වයන් එක්ක රනිල් හදන්න හිතාගෙන ඉන්න සන්ධානය තවත් ටිකක් පස්සට ගන්න වෙනවා.එක්කෝ ජනාධිපතිවරණය ප්රකාශයට පත්කරන්න ඔන්න මෙන්න තියෙද්දී හරි,නැත්තං ජනාධිපතිවරණය ප්රකාශයට පත්කලාට පස්සේ හරි තමයි දැන් සන්ධානය හදන එක ප්රායෝගික වෙන්නේ.
පහුගිය දවස්වල සිද්ධවුන දේශපාලන වෙනස්කම් එක්ක අලුත් අභියෝගවලට මුහුණ දෙන්න සමහරුන්ට සිද්ධවෙලා.ඒ අය අතර අනුර යාපා – නිමල් ලන්සලා කණ්ඩායමත් ඉන්නවා.එයාලා ශ්රිලනිපයත් එක්ක හදන්න ගිය සන්ධානය තවමත් හැදිලා නෑ.දැනට තියන තත්වයට අනුව නං ඒක හැදෙන සන්ධානයක් නෙවෙයි.ඒක නිසා දැන් ලොකු හෝ පොඩි සියලු කණ්ඩායම්වලට තියන එකම විසදුම ඉදිරියේදී රනිල් හදන සන්ධානයත් එක්ක වෙන වෙනම සෙට් වෙන්න.
පොහොට්ටුවෙන් එලියට බැහැලා,ඒ වෙනකොට හැදිලා තිබුණ රනිල් රාජපක්ෂ කියන සංකල්පය බිඳින්න මුල් උනේ අනුර යාපා – ලන්සා කණ්ඩායම. එයාලා රාජපක්ෂලා එක්ක යුද්ධ ප්රකාශ කිරීම ඇතුලේ තමයි ඒක වුනේ.ඒ ප්රහාරය ලන්සලාගේ පැත්තෙන් එල්ල නොවෙන්න රනිල් තවමත් රනිල් රාජපක්ෂ තමයි.රටේ රාළ කියන්නේ කණ්ඩායමක් විදිහට ලන්සලා ඒ අභියෝගය බාරගැනීම විසින් මේ මොහොතේ එයාලා යම් දුෂ්කර තැනකට පත්වෙලා තියනවා.
ඒකට ප්රධාන හේතුව තමයි රාජපක්ෂලා තමන්ගේ උපක්රම වෙනස් කරමින් රනිල් ඉස්සරහා ව්යාජ යටත්වීමක් පෙන්වීම.ඒක ඇත්ත යටත්වීමක් කියලා රටේ රාළ නං පිලිගන්නේ නෑ.කොහොමත් රාජපක්ෂලාට තියන අවසන් උත්තරය රනිල්ට යටත්වීම තමයි. මේ ව්යාජ යටත්වීමත් එක්ක ලන්සලාට ground එකේ හිටපු ප්රභල හතුරෙක් අහිමි වුනා.ඒ කියන්නේ දෙගොල්ලෝ මිතුරු වුනා නෙවෙයි.
රාජපක්ෂලා උපක්රමිකව යටත්වීමත් එක්ක ලන්සලා රාජපක්ෂලාට දුන්න අභියෝගය අහෝසි වෙනවා.ලන්සලා දිගටම කිව්වේ පුළුවන්නම් පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් දාන්න කියලයි.නැත්තං නාමල්ට ඉල්ලන්න කියලයි.පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් දැම්මොත් රාජපක්ෂලා ඉතිහාසයේ කාපු ලොකුම පරිප්පුව කනවා.ඒක දන්න හින්දා තමයි රාජපක්ෂලා ව්යාජ යටත්වීමකට ගියේ.
ඒකෙන් රාජපක්ෂලා පොහොට්ටුව ඇතුලේ තිබුණ ප්රතිවිරෝධය එළියට පේන එක නැති කරගත්තා.ඇතුලේ ඉඳන් රාජපක්ෂලා එක්ක සටන් කරපු ප්රසන්නලාට රාජපක්ෂලාගේ මේ ව්යාජ යටත්වීම ලොකුවට බලපාන්නේ නෑ.එතන දැන් රාජපක්ෂලා කරන්නේ කපන්න බැරි අත ඉඹින එකයි.මේ තත්වය යටතේ රාජපක්ෂලාගේ වැඩිම පීඩනය එල්ල වෙන්නේ ලන්සලාට. මේ සංකීර්ණ වටපිටාව ඇතුලේ කොහොමද සටන් බීමට ආය කඩාගෙන පනින්නේ කියන එකට උත්තරයක් ලන්සලා ඉක්මනින් හොයාගන්න ඕනි.
රටේ රාළ කියන්නේ මෙතනදී ලන්සලා සටන අතෑරියොත් අනිවාර්යයෙන්ම පරාදයි.මේ දුෂ්කර මොහොතේ එයාලා කොහොම හරි සටන අල්ලන් ඉන්න ඕනි.මොකද පොහොට්ටුව ඇතුලේ නාමල්ගේ ජාතික සංවිධායකත්වයට එරෙහිව අලුත් ප්රතිවිරෝධයක් වර්ධනය වෙමින් තියනවා.එයාලා තමයි දැන් ආපහු බැසල් ඉල්ලන්නේ.ඊළඟට රනිල් එක්ක ඉන්න අය ආයෙත් පොහොට්ටුව පැත්තට හැරෙන්නේ නෑ.
පොහොට්ටුව ඇතුලේ රනිල්ට බහුතරය සහ රාජපක්ෂලාට සුළුතරය කියන බෙදීමේ වෙනසක් නෑ.ඊළඟට ජනාධිපතිවරණයට තව කල් තියනවා.ඒ කාලය ඇතුලේ තව ගොඩක් දේවල් වෙන්න පුළුවන්. රටේ රාළට පේන දේශපාලන දුර අනුව ලන්සලට මෙතන අභියෝග දෙකක් වගේම උත්තර දෙකකුත් තියනවා.මෙතනදී රාජපක්ෂලාට පරාජයක් තිබුණත් ඒ පරාජය ඇතුලේ නාමල්ට යම් ජයග්රහණක් තියනවා.
හැබැයි නාමල්ගේ ගමන තීරණාය වෙන්නේ පොහොට්ටුව මන්ත්රී කණ්‌ඩායම ඇතුලේ එයාට තියෙන numbers ගාන මතයි.ඒක රැකගන්න එයාට හැපෙන්න වෙන්නේ රනිල් එක්ක.රනිල් ළඟට ගිය අය ආපහු නාමල්ට ලේසියෙන් ගන්න බෑ.ඒක නිසා නාමල් එලියේ ඉන්න අය අදින්න බලයි.එතනදී නාමල්ගේ එක ඉළක්කයක් බවට ලන්සලාගේ කණ්ඩායම පත්වෙන එක නවත්තන්න බෑ.ලන්සලාගේ ටීම් එකෙත් හෙලවෙන අය ඇති.
ලන්සලාගේ ඉස්සෙල්ලාම රැලිය කරපු ගම්පහ නලින් ප්රනාන්දු සුදු කොඩිය දාලා රාජපක්ෂලාට යටත්වුනාද කියන සැකය රටේ රාළට නං තියනවා.දැන් ලන්සලා කරන්න ඕනි සටන අතාරින්නේ නැතිව තමන්ගේ පිරිස ස්ථාවර කරගන්න එකයි.ඒක දෙකද,තුනද, දහයද,පහලොවද නෙවෙයි ඉන්න ගාන හරියට ෂුවර් කරගැනීමයි. ඊළඟට මෙතනින් එහාට ලන්සලාටත් වැඩපිලිවෙලක් සහිත දේශපාලන ගමනක් ඕනි වෙනවා.
එයාලත් දැන් බලවේගයක් වෙනුවෙන් ෆයිට් කරන්න ඕනි. එකක් පොහොට්ටු ධාරාව ඇතුලේ, අනික රටේ ජනතාව ඇතුලේ. එතනදී රටට අවශ්ය දේශපාලන, ආර්ථික ප්රතිසංස්කරණ සම්බන්ධව රටට පණිවිඩයක් දෙන කණ්ඩායමක් විදිහට එයාලටත් ස්ථානගත වෙන්න වෙනවා.ඒ ස්ථානගත වීමේදී ලන්සලාට තියෙන්නේ උත්තර දෙකයි. එක්කෝ තමන්ට අනන්ය උන දේශපාලන සහ සංවිධාන වැඩපිලිවෙලක් එක්ක අලුත් ගමනක් පටන් ගන්න.
එහෙමත් නැත්තං රනිල්ගේ දේශපාලන වැඩපිලිවෙලට සමාන්තර දේශපාලන භූමිකාවක් සහිත ගමනක් තෝරන්න.ඒ කියන්නේ ස්ථාවර කණ්ඩායමක් විදිහට ශක්තිමත් වෙලා කෙලින්ම රනිල්ගේ සන්ධානයට එකතු වෙන්න.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 1 person, dais and text

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *