|

පිඟන් සහ සරං – අස්පට් ෂූටිං

May be an illustration of one or more people and text
ආයුබෝවන් මචංලා….
මොකද්ද මචං අර අවිද්යා රතන සහෝදරයා කියන කතාව.ලප කුමාර සහෝදරයගේ ආණ්ඩුවේ පළවෙනි කැබිනට් එක ගන්න තිරණ එදා රෑට ප්රවෘත්තිවලින් කියද්දී අතේ තියන පිඟන් බිමට වැටෙනවා කියලා.
ඒ කියන්නේ මචං එදාට ලොකු භූ කම්පනයක්වත් සිද්ධ වෙනවද?අතේ තියන පිඟන් බීමට වැටෙන්න නං රිට්ටර් මාපකයේ 7.3 කවත් භූ කම්පනයක් වෙන්න ඕනි.
අස්පට් ෂූටිනුත් බැලුවා මොනවද අප්පා මේ යකා කියන තීරණ කියලා.
මචං අවිද්යා රතන සහෝදරයා කියන්නේ හිටපු ජනාධිපතිලා නිල නිවාසවලින් අයින් කරනවලු, පැන්ෂන් අහෝසි කරනවලු.ඒක ඇහිලා තමයිලු මේ පිගන් බිමට වැටෙන්නේ.
මචං අවිද්යා රතන ඕක කියන්න ඕනි ඔහොම නෙවෙයි.අපේ ආණ්ඩුවක් ආවම සියලු මහජන නියෝජිතයින් නිල නිවාසවලින් අයින් කරනවා කියලා.
එතකොට මචං ඉස්සෙල්ලාම පිඟාන වැටෙන්නේ මෝල් කාන්ත සහෝදරයගේ.ඇයි මචං මෝල් ඉන්නේ ආචාර්ය සහෝදරීගේ නිල නිවසේනේ.
එතන මචං තව නිල නිවාස දෙකක ජෙප්පෝ ඉන්නවා.ලපයටයි,යටත් විජිතටයි හම්බ උන නිල නිවාස දෙකේ.ඒකේ ඉන්න ජෙප්පන්ගෙත් පිඟන් වැටෙනවා.
මහජන නියෝජියන්ට දුන්න විශ්රාම වැටුප් අහෝසි කරනවා කියනකොට සෑහෙන ජෙප්පෝ තොගයක්‌ගේ පිඟන් වැටෙනවා.ඉන්න සහ හිටපු ජෙප්පෝ සෑහෙන පිරිසකට ඕක වෙනවා.
මචං ඕවට කියන්නේ ගොං පාට් කියලා.
ඔය කරන්නේ මචං ගිරා පෝතකයන්ට මෝඩ චූන් දෙන එක. හරි මචං ඔය ටික ගත්තට පස්සේ ඉතුරු වෙන මුළු මුදල ගනින්කෝ. අරන් ඒක මේ රටේ ජනගහනයෙන් බෙදපංකෝ.එක්කෙනෙකුට කීයක් එනවද?
අඩුම ගානේ ටොපියක් කන්න පුලුවන් ගාණක් එන්නේ නෑ.
මචං ජෙප්පෝ හිතාගෙන ඉන්නේ මේක රටක් නෙවෙයි පොඩි ගෙබි වලක් කියලා.මචං මේක රටක්. මිලියන 22 ක් ඉන්න රටක්.ඕක කළා කියලා මිනිස්සුන්ට කන්න දෙන්න පුළුවන්ද?
ඒකට මචං රටේ නිෂ්පාදනය වැඩි කරන්න ඕනි. ඒකට වැඩපිලිවෙලක් නැති ජෙප්පෝ වේදිකා උඩ ගොන් ආතල් දෙනවා.ඒවා මචං ගිරාපෝතක ජෙප්පන්ටත් නැගලා යනවා.
ලපයා ආපු දවසට කොහොමත් පිඟන් ඕනි නෑ තමයි.පිගන් ඕනි වෙන්නේ කන්න තියනවා නංනේ.
කන්න නැති මිනිස්සු පිගන් පැත්තකින් තියලා එදාට පොලු, මුගුරු අතට ගන්නවා.ලපයා ඇවිත් මාස තුනක් යන්න ඉස්සෙල්ලා ඔය ප්රවෘත්තිවලටම කියයි ජනතාව ඇවිත් ලපයා පැන්නුවා,ලපයා ආගිය අතක් නෑ කියලා.
එදාට මචං අවිද්යා රතන සහෝදරයාගේ වැටෙන්නේ පිඟාන නෙවෙයි…..සරම.
අස්පට් ෂූටිං
May be an illustration of one or more people and text

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *