මාස තුනට සංචාරක පැමිණීම ලක්ෂ හය ඉක්මවයි

 

2024 වසරේ ජනවාරි 1 දා සිට මාර්තු 27 දක්වා කාලය තුළ  ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 608,475 ක් දක්වා ඉහළ ගොස් ඇත.

එමෙන් ම, මාර්තු 01 සිට 27 දක්වා කාලපරිච්ඡේදය තුළ දී විදෙස් සංචාරකයින් 181,872 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් සඳහන් කර ඇත.

මාර්තු මාසය තුළ පැමිණ ඇති සංචාරකයින්ගෙන් 16% ක් ඉන්දීය සංචාරකයින් වන අතර 14% ක් රුසියානු සංචාරකයින් වේ.

සමස්තයක් ලෙස ගත් කළ 2024 ජනවාරි 01 සිට මාර්තු 27 දක්වා කාලපරිච්ඡේදය තුළ දී මෙරටට පැමිණ ඇති ඉන්දීය සංචාරකයින් සංඛ්‍යාව 92,644 ක් සහ අතර රුසියානු සංචාරකයින් ප්‍රමාණය 88,301 ක් ලෙසින් වාර්තා වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *