|

රනිල් බෙදාගෙන සටන අවසන් කිරීම – රටේ රාළ

May be an image of 1 person
අනුර,සජිත්,දිලිත් ජනාධිපති අපේක්ෂකයෝ විදිහට විවිධ ආකෘතිවලින් ජනතාව අමතමින් යනවා.මීට අමතරව අනෙක් පක්ෂත් ඉදිරි මැතිවරණයට සුදානම් වෙමින් ඉන්නවා.දැනට පක්ෂ බහුතරයක් භූමියට බැහැලා.ඒ කිසිම පක්ෂයක ආරම්භක පියවර අසාර්ථක නෑ.මැතිවරණ උණුසුම වැඩි වෙනවත් එක්ක ජනතාව තමන් කැමති මතවාද එක්ක එකතු වෙනවා.ඒවාට ප්රතිචාර දක්වනවා.
මෙතනදී ජනාධිපති රනිල් වික්රමසිංහ අනෙක් අයට වඩා වෙනස් ආකාරයේ ප්රවේශයක් අරන්.පහුගිය දවස්වල මාධ්යවලට මුදා හැරලා තිබුණ රනිල්ගේ විඩියෝ පටවලින් ඒක තහවුරු වෙනවා.රනිල්ගේ කැම්පේන් එක අනෙක්වාට සාපේක්ෂව ප්රශස්ථ එකක්.අනුරගේ සහ සජිත්ගේ වේදිකාවලින් අපට ඇහෙන්නේ බොරු පම්පෝරි විතරයි.අනුරගේ සහ සජිත්ගේ පොර ටොක් අහගෙන හිස් අතින් ගෙදර යන ඕඩියන්ස් එකක් එයාලට තියනවා.ඇත්තටම ඊට වඩා සංවාදයක් දිලිත් එයාගේ ජනහමුවල කරනවා.
හැබැයි රනිල් හදුන්වලා දීලා තියෙන්නේ ඊට වඩා වෙනස් කන්ෂෙප්ට් එකක්.රනිල් පෙරේදා ගාල්ලේ hospital එකක් විවෘත කළා. ඊළඟ ශිෂ්ය පාර්ලිමේන්තුව වැඩසටහනට සහභාගීවුනා.විශ්ව විද්යාල ආචාර්ය මහාචාර්යලා එක්ක කරපු සාකච්චාවක් මේ දවස්වල වෛරල් වෙමින් තියනවා. රනිල් මේ වැඩසටහන් තුනේදීම වෙනස් පැත්තකට දේශපාලන සංවදය ගෙනිච්චා.සජිත්ගේ හරි අනුරගේ හරි වේදිකාවලින් ඇහෙන පොර ටෝක් සහ වාද බයිලා වෙනුවට රනිල් පොදු සමාජ සංවාදයක් නිර්මාණය කළා.
රනිල් මේ හැම තැනදීම හොඳ සවාදයක් ගොඩනගනවා.රනිල් මූලික හැදින්වීමක් කරලා අනිත් අයගේ අදහස්වලට ඉඩ දෙනවා. සභාවෙන් එන ප්රශ්නවල උත්තර සභාවෙන් අහනවා.අන්තිමට ඒවා සම්බන්ධව රනිල්ගේ ස්ථාවරයත් කිව්වා.රනිල් එතනින් අලුත් පණිවිඩයක් සමාජගත කරනවා. රනිල් අනුරට,සජිත්ට ඇඩ්රස් කරන්න බැරි වෙනස් තලයකට කැම්පේන් එක ගෙනිහින්. ඔහොම වැඩ දෙක තුනක් දවසකට එන්න පටන් ගත්තොත් රනිලුත් වෙනම තලයකට ඉස්සෙන එක නවත්තන්න බෑ.
තමන්ගේ ප්රතිවාදියාට බනින එක සහ fake account හදාගෙන කුණුහරුප කමෙන්ට්ස් දාන එක නෙවෙයි දේශපාලන කියන්නේ කියන එක රනිල් ඔප්පු කරළා තියනවා.ඇත්තටම මේ වගේ කන්ෂෙප්ට් එකක් එක්ක යන්න අනුරට බෑ.සජිත්ට බෑ.ඒකට එයාලගේ වැඩවසම් චින්තනය ඇතුලේ ඉඩ හැදෙන්නේ නෑ.එයාලා දෙන්නම වේදිකා උඩ දෙසා බාන්නේ මං පොර කතා වස්තුව.
රනිල් මෙතනදී අනිත් අයගේ මත තමයි උස්සන්නේ.ඒක වේගයෙන් ජනප්රිය වෙන ක්රමයක්.සජිත් හරි, අනුර හරි දෙන්නගෙන් එක්කෙන් අද පැන්ෂන් ගිය පොළිස් නිළාරියෙක් ගත්තොත් අනිකා හෙට කොහෙන් හරි පැන්ෂන් ගිය පොලිස් නිලධාරීන් දෙන්නෙක් ගෙනත් පෙන්නනවා.අර කතාවක් තියෙන්නේ පැන්ෂන් ගිය පොලිස්කාරයා වගේ කියලා.දැන් අනුරයි,සජිතුයි දෙන්නම ඒ වගෙයි.
රනිල් කැම්පේන් එක ප්රශස්ථ තලයකට ගෙනාවට එතනත් ප්රශ්නයක් තියනවා.රනිල්ගේ මේ වැඩේ පෝෂණය කරන්න පුළුවන් පිරිසක් ඉන්නවද කියන ප්රශ්නය තියනවා.ඒක කරන්න එජාපයට බෑ. පොහොට්ටුවත් බෑ,රනිල් වටේට ඉන්න අනිත් කණ්ඩායම්වලටත් ඒ දක්ෂතාවය නෑ.එකෙන් රටේ රාළ කියන්නේ එයාලා මොකුත් කරලා නෑ කියලා නෙවෙයි.එයාලා රනිල් වෙනුවෙන් කරපු වැඩ නිසා තමයි දැන් රනිල්ට අතපය දිගෑරලා වැඩකට බහින්න පුළුවන්වෙලා තියෙන්නේ.
රනිල් දැන් එයාගේ කැම්පේන් එක ඇතුලේ අලුත් පෙනුමක්,අලුත් මතයක්,අලුත් හැඩයක්,අලුත් සංවාදයක් හදලා තියනවා.මෙතනදී රනිල් එක්ක ඉන්න අනෙකුත් ධාරාවන්ටත් වගකීමක් තියනවා. එක එක්කෙනා එක එක පාරවල්වලින් ඇවිත් රනිල්ගේ කරට අතදාගන්න හදනවා වෙනුවට තමන්ගේ අනන්යතාවයෙන් වැඩ කරමින් රනිල් කරගෙන යන මේ ක්රියාමාර්ගය පෝෂණය කරන්න ඒකට අවශ්ය දේවල් එකතු කරන්න.
ඇත්තටම එහෙම අදහසක් නැති, එහෙම වැඩපිලිවෙලක් නැති අයට මේ කැම්පේන් එකේ තවදුරටත් පවතින්න අමාරුයි.දැන් නාමල් බැසිල්ව යටකරගෙන හොඳින් හරි, නරකින් හරි තැනට ඇවිත්. කොහොම හරි ඒක මහින්දයි, නාමලුයි දුන්න ගේමක් කියලා පොහොට්ටුව ඇතුලේම අය කියනවා.තවමත් එතන ගැටුමක් තියනවා.නාමල්ගේ ටාගට් එක වෙන්නේ පාර්ලිමේන්තුව විසුරවාගෙන මහ මැතිවරණයකට ගිහින් ඊළඟ ආණ්ඩුවේ වැඩි පංගුව ගන්න.එහෙම අරගෙන රනිල්ව යටත් කරගන්න.
ඒ වෙනුවෙන් තමයි බැසිල් පොහොට්ටුවේ සියලු තීරණ වෙනස් කළේ.ඉස්සර ජනාධිපතිවරණයට පොහොට්ටුවේ අපේක්ෂකයෙක් දානවා කියපු කතා දැන් කියන්නේ නෑ.හැබැයි දැන් එයාලට ඕනි අපේ හයියෙන් තමයි රනිල් ඉන්නේ කියන එක පෙන්වන්න.ඒ සියලු අයිතීන් පොහොට්ටුවට ගන්න.ඒ වෙනුවෙන් තමයි නාමල් රනිල් එක්ක මේ සියලු අඩව් කස්තිරම් අල්ලන්නේ.
මෙතෙන්දී රනිල්ගේ වගකීම වෙන්නේ මේ පොදු ගමන ඇතුලේ නාමල්ගේ කරට අතදාගන්න එක නෙවෙයි.නාමල්ට එයාගේ අනන්යතාවයෙන් එයාගේ ගමන යන්න ඉඩ දෙන එකයි.ඊළග මහ මැතිවරණයේ නාමල්ට ආණ්ඩුවේ වැඩි පංගුව ගන්න බැරි නං නාමල් විපක්ෂයේ වැඩි පංගුව ගන්න හරි ට්රයි කරයි.මොකද නාමල්ට බැසිල්ට වගේ හදිස්සියක් නෑ.නාමල්ට ඒ ගමන යන්න ඉඩදෙනවා වගේම අනිත් කණ්ඩායම්වලටත් ඒ අවස්ථාව දෙන්න ඕනි.
ඔය හැම කෙනාටම තියෙන්නේ මේ පොදු ගමන ඇතුලේ තමන්ගේ අනන්යතාව පෙන්නන්න ගමනක් යන්නයි.එහෙම නැතිව රනිල්ගේ කරට අතදාගන්න ගියොත් ඒකෙන් එයාලගේ භූමිකාවන් අතුරුදහන් වෙන්න පුළුවන්.රනිල්ව තමන්ට ඕනි විදිහට මෙහෙයවන්න හිතන හැම කෙනාටම වරදිනවා. වෙන්න ඕනි අනුර සහ සජිත් වගේ මං පොර සංකල්පයේ ඉන්නේ නැතිව මේ පොදු ගමනට වෙන වෙනම දායක වෙන එකයි.
මෙතනදී රාජපක්ෂලාට කිසිම අයිතියක් නෑ අනෙකාගේ අයිතිය උදුර ගන්න.ඒ හැම කෙනාගේම අයිතිය පිලිගත්ත සන්ධානයකට විතරයි දැන් නැගිටින්න පුළුවන්. ඒක හින්දා ඔය කාටත් තියෙන්නේ රනිල් අයිතිකරගන්න හරි යටත් කරගන්න හරි සටන් කරන එක නෙවෙයි.රනිල්ගේ වැඩපිලිවෙලට සමාන්තර වැඩපිලිවෙලක් එක්ක ඉදිරියට යන එකයි.
මෙතනදී තනි කණ්ඩායමක් අතට මේ බලය කේන්ද්රගත වීම ඉතා භයානක තත්වයක්.මේ වෙලාවේ එජාපය,අනුර ප්රියදර්ශන – නිමල් ලන්සා වගේ කණ්ඩායම්වලට තියන එකම උත්තරය පොදු ගමන ඇතුලේ තමන්ගේ අනන්යතාවක් ගොඩනගා ගැනීමයි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා
මිට
රටේ රාළ.
May be an image of 1 person

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *