|

පිනට කෑම වහා නවතනු – අස්පට් ෂූටිං

May be an illustration
ආයුබෝවන් මචං…….අපේ සුදුහඳුන් සහෝදරයා කියනවා එයාලට කවුන්සිලේ පඩියත් නොගෙන, පක්ෂේ දීමනාවත් නොගෙන ජීවත් වෙන්න පුළුවන් කියලා.ලපයට, ටිංටිංට,මෝල් කාන්තට,යටත් විජිතට,වපර සිංහට ඔය ඕනි කෙනෙකුට එහෙම පුළුවන්ලු.
මචං උඹලා හිතන්නේ හැමදාම එහෙම කරන්න පුළුවන් වෙයි කියලද?දැන් බලපං එයාලට කන බොන ටික යාලුවෝ දෙනවා.ඇදුම් පැලදුම් ටිකත් යාලුවෝ දෙනවා. වාහනවලට තෙල් ටික ගහලා දෙනවා.එහෙම කරලා අතටත් කීයක් හරි දෙනවා.
ඔහොම තියනවා නං මචං පඩි ඕනිත් නෑ.දිමනා ඕනිත් නෑ.එහෙනං මචං අර කෝටි 900 යේ අරමුදල රජයට බාර දෙන්න පුළුවන්නේ. අස්පට් ෂූටිං නං කියන්නේ ඔය තත්වේ හැමදාම තියෙන්නේ නෑ.
මෙයාලට දෙන ඇදුම් පැළඳුම් ඔක්කොම branded ඒවා.
අපි අදිනවා වගේ දාහේ එකදාස් පන්සීයේ කෑලි නෙවෙයිනේ.ඕවා දෙන්නෙත් අපි වගේ හිඟන්නෝ නෙවෙයිනේ.ඒ ඔක්කොම දළකාරයෝ.මචං මෙතනදී බලන්න ඕනි ඇයි බං උන් ඒවා දෙන්නේ කියලා.මචං සුදුහදුන් ඊළඟ ආණ්ඩුවේ මුදල් ඇමති කියලනේ කියන්නේ.
එතකොට මචං මොන බිස්නස්කාරයද හදුනා අල්ලන්න ට්රයි නොකරන්නේ.ඇවිත් පණ දෙන්න වගේ කතා කරනවා.ඇගේ තියන හැම ඇටයක්ම මිරිකනවා. එන්නෙත් ඇතෙක් බරට අරගෙන. හැබැයි මචං මේ ඔක්කොම කරන්නේ සුදුහදුන් සහෝදරයා මුදල් ඇමති වෙයි කියලා හිතාගෙන.
ජෙප්ස්ලා පෙන්නලා තියන සුරංගනා ලෝකෙට ගොඩක් උන් වහ වැටිලා.මොනවද ඉතින් හදුනා කියන්නේ හදුනා මුදල් ඇමති උන ගමන් බැදුම්කර ගත්ත පිටරට අයට කතා කරන්නේ මචං ඔන්න ඕක අතෑරලා දාපන් කියලලුනේ.මචං ඔය සුරංගනා කතා ඉවර වෙන්න ජෙප්ස්ලට බලය දෙන්නම ඕනි.
අර ප්රාදේශීය සභාවේ කුණු කානු ටික සුද්ධ කරගන්න බැරිවුන ජෙප්ස්ලට රටක් කරන්න බෑ කියලා තේරෙන්නේ එතකොට.හැම කෙනාගෙම සුරංගනා ලෝක කඩාගෙන වැටිලා පෝලිම්වල ඉන්න උනහම තමයි කට්ටියට තේරෙන්නේ,යකෝ අපි ආයෙත් රැවටිලා නේද කියලා.එදාට මචං ඔය ඇඳුම් අරන් දුන්න අය එන්නේ ඇඳුම් ගලවගෙන යන්න.
එදාට අද වගේ සුදුහදුන්ලාට ඇඳුම් දෙන්න කෂ්ටිය පෝලිමේ එනවා වගේ හදුන්ලගේ ඇඳුම් ගලවගෙන යන්නත් පෝලිමක් හැදෙනවා. බොරු සුරංගනා කතා කියලා ජනතාව රවට්ටලා,රටත් අමාරුවේ දාලා,ජනතාවත් අමාරුවේ දාලා ගුටිකාලා යන තැනට වැඩ සිද්ධ කරන්න එපා කියපන්.
මචං ජෙප්ස්ලට අනිත් අයට වගේ නෙවෙයි සැප තියෙන්නේ විපක්ෂයේ ඉන්නකං විතරයි.
ආණ්ඩුව ගත්තට පස්සේ කට්ටියට වැඩේ තේරිලා හොයාගෙන එනවා. ඊට මීට වැඩිය හොදයි දෙන පඩිය අරගෙන,ඒ පඩියට හරියන්න වැඩකරලා කාටවත් අතනොපා ජීවත් වෙන එක.පඩිය වැඩි නං ඒක අඩු කරගත්තට කමක් නෑ.
මචං ජෙප්ස්ලට කියපං බොරුවෙන් හැමදාම ජීවත් වෙන්න බෑ කියලා. තවදුරටත් පිනට කන ජාතියක් හදන්න එපා.මහන්සියෙන් උපයාගෙන සපයාගෙන කන ජාතියක් හදන්න නං ඉස්සෙල්ලා උන්ට කියපං පිනට කන එක නවත්තලා වැඩක් කරලා රටට ණයකරයෝ නොවී ජීවත් වෙන්න කියලා.
අස්පට් ෂූටිං
May be an illustration

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *