අනුර මූසිලයෙක් වූ හැටි – රටේ රාළ

.
May be an image of 3 people
අනුර කුමාර දිසානායක කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයයේ වත්මන් නායකයා.ඇත්තටම අනුර කියන්නේ අද ලාංකීය දේශපාලනයේ පොරක්. අනුර කොයි තරම් පොරක් උනත් අනුරට තවමත් කෙලින් උත්තර දෙන්න බැරි ප්රශ්න තුනක් තියනවා. එකක් අනුරගේ දේශපාලන දර්ශනය මොකද්ද කියන ප්රශ්නය, අනික අනුරගේ ආර්ථික ප්රතිපත්තිය මොකද්ද කියන ප්රශ්නය.තුන අනුර බලය ගත්තට පස්සේ කරන ආර්ථික සහ දේශපාලන ප්රතිසංස්කරණ මොනවද කියන ප්රශ්නය.
ඇත්තටම එහෙම කෙනෙක් ලාංකීය දේශපාලනයේ මහා ලොකු පොරක් උනේ කොහොමද කියන එකයි මෙතන තියන ලොකුම ප්රශ්නය. ලංකාවේ දේශපාලනය ඇතුලේ ගෝඨාභය පොරක් උනේ යම් සේද, එසේම අනුර කුමාරද පොරක් වී ඇත.රැල්ල විසින් අනුරත් ගෝඨාභය පුම්බා උඩ ඇරියාසේම පුම්බ,පුම්බ උඩ අරිමින් තිබේ.රටේ රාළ අද කතා කරන්නේ ඔය ප්රශ්න තුනට අනුරට උත්තර නැත්තේ ඇයි කියන එක ගැනයි.
අනුර ඇතුළු ජවිපෙ හැමෝගේම දේශපාලන ගර්භාෂය උනේ වමේ දේශපාලනයයි.ඒ වෙනකොට වමත් කඳවුරු දෙකට බෙදිලා තිබුණා. එකක් සමසමාජ,කොමියුනිස්ට් පක්ෂ නියෝජනය කරපු පැරණි වමේ ව්යාපාරය.අනික විප්ලවීය දේශපාලන නියෝජනය කරපු ජනතා විමුක්ති පෙරමුණ.ජවිපෙ නැගීමත් එක්ක පැරණි වමේ ව්යාපාරය ක්රමයෙන් අභාවයට ගියා. අනුර ඇතුළු ජවිපෙ හැමදෙනාගේම දේශපාලන ගුරුවරයා උනේ රෝහණ විජේවීර.දර්ශණය බවට පත්වුනේ මාක්ස් – ලෙනින්වාදය. මාක්ස් ලෙනින්වාදයේ ආසන්නම ඉලක්ක උනේ සමාජවාදී සමාජ විප්ලවය.
ඒ කියන්නේ නිර්ධන පන්ති ආඥාදායකත්වය.නිර්ධන පන්ති ආඥාදායකත්වයේ අනිවාර්ය සාධකය වෙන්නේ පන්ති වෛරය. මොනයම් හෝ ක්රමයකට රාජ්ය බලය අත්පත් කරගන්නා නිර්ධන පන්ති පක්ෂය සියලු ධනේශ්වර සබඳතා කුඩුපට්ටම් කර නිර්ධන පන්ති ආඥාදායකත්වයක් සහිත නිර්ධන පන්ති රාජ්යයක් ස්ථාපිත කළ යුතුයි.ඒක තමයි මඟපෙන්වීම.
සරළව කිව්වොත් අනුර ඇතුළු සියලු ජවිපෙ සහෝදර, සහෝදරියන්ගේ දේශපාලන අරමුණ උනේ ඒක.ඒ වෙනුවෙන් ශක්තිමත් මතවාදයක්.ශක්තිමත් සංවිධානය ක්රමයක් සහ කැපකිරීම් සහිත ඉතිහාසයක් ජවිපෙට තියනවා. ජවිපෙ දේශපාලනයට රෝහණ විජේවීර වගේම.පසුකාලිනව සෝමවංශ අමරසිංහත් ගුරුවරයෙක් වුනා.ඉතාමත් තියුණු දේශපාලන ඉවක් සෝමවංශටත් තිබුණා.
විජේවීර,සෝමවංශ ජවිපෙ ගුරුවරුන් උනත් ජවිපෙට සම්බන්ධ වු හැම කෙනාටම පක්ෂය ඇතුලෙත් දේශපාලන ගුරුවරයෙක් හිටියා.ඒ එයාලා ජවිපෙ දක්වා ගෙනැවිත් බොහෝ වෙලාවට පන්ති පහ කරලා එයාලා දේශපාලන වශයෙන් ගොඩනගපු සහෝදරයා හෝ සහෝදරිය.88/89 දී නම් පන්ති පහ කරන්න බොහෝ වෙලාවට එක්කෙනෙකුට බැරිවුනා.එදා එක පන්තියක් කරපු කෙනා ඊළඟ පන්තිය කරන්න ජීවතුන් අතර හිටියේ නෑ.
රටේ රාළට 88/89 පන්ති කරපු වගේම දේශපාලන නායකත්වය දුන්න එක සහෝදරයෙක්වත් අද ජීවතුන් අතර නෑ.රටේ රාළ එච්චර අවාසනාවන්තයෙක් උනාට අනුර දිසානායක ඒ ජාතියේ අවාසනාවන්තයෙක් නෙවෙයි. අනුරට පන්ති කරපු සහ දේශපාලන නායකත්වය දුන්න අය අදත් ජීවතුන් අතර ඉන්නවා.එයාලා අතරින් දැනට නම සදහන් කරන්න පුළුවන් කෙනෙකුට ඉන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයට නායකත්වය දෙන ප්රේම කුමාර ගුණරත්නම් විතරයි.
ප්රේම කුමාර ගුණරත්නම් කියන්නේ අනුරගේ ශිෂ්ය අංශයේ සංවිධායකයා.කොහොම උනත් ජවිපෙ ආධ්යාත්මික ගුරුවරු දෙදෙනා උන විජේවීරට සහ සෝමවංශට අනුර දැන් පිටුපාලා ඉවරයි.අද රෝහණ විජේවීර කියන්නේ අනුරලා විකුණාගෙන කන නමක් විතරයි.රෝහණ විජේවීරගේ බිරිඳ ඇතුළු දරු පවුලත් අද වෙනකොට අනුර සහ ජවිපෙ නායකයන්ගේ නිර්දය වෛරයට පාත්රවෙලා.ඒ වගේම සෝමවංශත් අවසානයේ ජවිපෙ දාලා ගියේ අනුර,ටිල්වින්,ලාල් සහ විජිත කරපු කුමන්ත්රණය හෙලිකරමින්.
සෝමවංශ අනුරලාට කිව්වේ රතු අලි පැටව් කියලා.2007 වෙනකොටත් අනුර හිටියේ රනිල් බලයට ගේන්න ඕනි කියන තැන. අනුරගේ ඒ ප්රකාශය 2007 දී පැලවත්ත මූලස්ථානයේදී කැදවපු රත්නපුර බෝල්ෂෙවික් පක්ෂ කමිටුවේදී කිව්වා.ඒ කමිටුවේ හිටපු රටේ රාළ ඇතුළු හය දෙනාම තවමත් ජීවතුන් අතර ඉන්නවා.දැන් අනුර තමන්ගේ ආධ්යාත්මික ගුරුවරයන්ට විතරක් නෙවෙයි තමන්ගේ පක්ෂ සංවිධායකයාට පිටුපාලා ඉවරයි.
අනුර පසුකාලීනව කිව්වේ ප්රේම කුමාර ගුණරත්නම් කියලා කෙනෙක් අනුර දන්නේ නෑ.එහෙම කෙනෙක් ජවිපෙ හිටියේ නෑ කියලා. අනුර,ටිල්වින්ට ඇතුළු කල්ලිය මේ කුමන්ත්රණය කළේ පක්ෂයේ බලය ඇල්ලන්න.මෙතනදී රටේ රාළට කියන්න ඕනි අනුර ජවිපෙ තුල හිදිමින්ම පක්ෂ නායකත්වයට, දර්ශණයට සහ අරමුණට පිටුපෑවා කියලයි.සෝමවංශ අවසාන කාලයේදී අනුරලා සම්බන්ධව කරපු විග්රහයන්වලින් සහ රත්නපුර බෝල්ෂෙවික් පක්ෂ කමිටුවේදී අනුර කරපු පැහැදිලි කිරීමෙන් පෙනුනේ අනුර ඒ වෙනකොටත් තමන්ගේ දේශපාලන ගුරුවරයා විදිහට රනිලුත් දේශපාලන දර්ශනය විදිහට ලිබරල්වාදයත් පිළිඅරගෙන තිබුණා කියන එකයි.
ඒ කාලේ අනුරගේ මිතුරන් බවට පත්වෙලා හිටියේ මේ රටේ කුප්රකට ව්යාපාරිකයන්.රනිල් අනුර සම්බන්ධය ඉතා කෙටිකාලයක් ඇතුළත වේගයෙන් ලියලා වැඩුනා. ඒ වෙනුවෙන් මලික් විශාල වැඩ කොටසක් කළා.ඒ හරහා අනුර ජවිපෙ ඉඳිමින්ම වේගයෙන් ලිබරල් සංකල්පවලට ඇදීලා ගියා.අද වෙනකොට අනුර සියලු වාමවාදී සළුපිලි ගලවලා එහෙන් මෙහෙන් කෑලි අහුලාගත් ලිබරල්වාදියෙක් වෙලා.ඇත්තටම චින්තනයෙන් වැඩවසම් පෙනුමෙන් ලස්සන ලිබරල්වාදියෙක්.
අනුරගේ මේ වෙමින් තිබුණ වෙනස වඩවඩාත් වේගවත් කරන්න හරිනි, නිමල් අබේසිංහ වගේ අය විදෙස් ඔත්තු සේවාවල සහයෙන් මාලිමා වේශයෙන් කරපු ජවිපෙ ආක්රමණයට පුළුවන් වුනා.
ඇත්තටම අද ඇමරිකානු ඉන්දියානු සැලැස්මේ ගොදුරක් බවට ස්වකැමැත්තෙන් අනුර පත්වෙලා ඉවරයි.ඉතිහාසයයේ අනුර තමන්ගේ වාම දේශපාලනයේ ගුරුවරුන්ට වගේම අද තමන්ගේ ලිබරල්වාදි ගුරුවරයා උන රනිල්ටත් පිටුපාලා ඉවරයි.එදා පටන් අද දක්වාම අනුරගේ පිලිගැනීම් සහ ප්රතික්ෂේප කිරීම් සියල්ල සිද්ධවෙලා තියෙන් අනුරගේ තියන දැඩි උන්නතිකාමි බල තණ්හාවත් එක්ක.එහෙම නැතිව ප්රතිපත්තිමය දේශපාලනයක් අනුර කවදාවත් කරලා නෑ.
ඉතිහාසය පුරාම අනුරට මඟපෙන්වු සියලු ගුරුවරුන්ට අනුර අද මූසිලයෙක් වෙලා.වගේම හරි කෙලින් තමන්ගේ දේශපාලන දර්ශනය සහ ආර්ථික දර්ශනය කියා ගන්න බැරි ගන්ධබ්බයෙක් බවටත් අනුර පත්වෙලා.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
May be an image of 3 people

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *