ඥානසාර හිමියන්ට යළි වසර හතරක සිර දඬුවම්

 

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට වසර හතරක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර ඇත.

ඉස්ලාම් ආගමට අපහාස වන අයුරින් මාධ්‍යවත කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ගොනුකර තිබූ චෝදනා වලට අදාල නඩුවේ තීන්දුව දෙමින් කොළඹ මහාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

2016 වසරේදී පැවති මාධ්‍ය හමුවකදී කූරගල විහාරය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඉස්ලාම් ආගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ කළේ යැයි චෝදනා එල්ල වී තිබිණි.

සිරදඬුවමට අමතරව රුපියල් ලක්ෂයක දඩයක්ද ගෙවන ලෙස නියෝග කර ඇත.

මීට පෙරද අධිකරණය විසින් සිරදඬුවම් නියම කර බන්ධනාගාර ගත කර සිටි ඥානසාර හිමියන් විශේෂ ජනාධිපති සමාව යටතේ නිදහස් කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *