|

සිදු – නොවිය – යුතු දේවල් – අස්පට් ෂූටිං

May be a doodle of Superman
ආයුබොවන් මචං……අන්න ලප කුමාර කැනඩාවේ ඉඳන් 88/89 අරගලය පාවා දෙනවා.ලපයා කියන්නේ ඒ කාලේ ගැන කනගාටුයි.අනේ Sorry කියලා.ඒ කාලේ නොවිය යුතු බොහෝ දේ සිද්ධවුනා කියලත් කිව්වා.
මචං……මේකට අඩුම ගානේ මෙහෙම කියන්න තිබුණනේ ” සිදු නොවියුතු බොහෝ දේවල් දෙපැත්තෙන්ම සිද්ධ වුනා ” කියලා. එතකොට මචං දෙපැත්තම අහුවෙලානේ.ලපයා කතා කරන්නෙම මැරිච්චි 60000 නෝන්ඩි කරලා.
ඇයි මචං ඒ.
මචං උඹලා දන්න පරණ ජෙප්ස් කෙනෙක් හොයාගන්න නැද්ද?ලපයලා අතින් සිද්ධවුන සිදු නොවිය යුතු දේවල් මොනවද කියලා දැනගන්න.උඹලා,අපිත් ඒවා දැනගන්න අයිතියක් තියනවනේ
මචං අස්පට් ෂුටිං දන්න උදාහරණයක් දෙකක් කියන්නද?
එදා වගේම අදත් ලපයලා කරන්නේ සිදු නොවිය යුතු දේවල් තමයි.මචං ඒ කාලේ ඇතුලේ හිටලා නිදහස් වෙලා ආපු සහයෙක් හිටියා ලකී අයියා කියලා.
පක්ෂේ වැඩ අලුතෙන් පටන් ගනිද්දී ජෙප්ස්ලට ඕනි කරන සියලු යටිතල පහසුකම් හැදලා දුන්නේ ලකී අයියා.
ඒ කියන්නේ මචං ඉන්න හිටින්න තැන්.හැංගෙන්න තැන්.ඒ ඒ කාලවලට ඉන්න කලී ගෙවල්.මචං ටිංටිංට,කුමාරට,සිරි අයියට ඔය ඔක්කොටෝම උදව් කළේ ලකී.ලකී තමන්ගේ සියලු වැඩ දාලා ඒ වෙනුවෙන් කැපවුනා.
ඒත් මචං ලකී කියන්නේ හරිම unlucky මනුස්සයෙක්.
අවුරුදු හතරක් විතර එකතැන් වෙලා හිටියා.එකෙක් බැලුවේ නෑ.බෙහෙත් පෙත්තක් ගන්න ශත පහක් දීලා තිබුණේ නෑ.මචං පහුගිය දවසක ඒ මනුස්සයා මැරුණා.අඩුම ගානේ මිනිය තියන්න තැනක් තිබුණේ නෑ.අනුන්ගේ ගෙදරක මිනිය තිබ්බේ.
පක්ෂේ වෙනුවෙන් එකතැන් වෙනකං වැඩ කරපු ඒ මනුස්සයට අවසන් ගෞරව දක්වන්නවත් ඔය එකෙක් ආවේ නෑ.
මචං ඒවා නේද නොවිය යුතු දේවල්.
ඒ කාලේ මචං ලපයා හිටියේ කැලේ කදවුරේ.මේ යකා හැමදාම බයේ අඩනවා.මේකගේ කරදරෙන් බේරෙන්න බැරිකමට කදවුරේ හිටපු ලොකු සහෝදරයා ලපයව තඹුත්තේගම ස්ටෑන්ඩ් එකට ගෙනත් දානවා.එයා තවම ජීවතුන් අතර ඉන්නවා.මචං ඒ කාලේ ඔක්කොම අරගලයේ ඉන්න කොට ලපයා බයේ පැනලා යනවා.
ඒවා නේද මචං නොවිය යුතු දේවල්.
මචං අර සංවිධායකයා ලපයට සල්ලිත් කීයක් හරි දීලා කියනවා මේකත් අරන් යන තැනක පලයං, ගිහින් හැංගිලා හිටපන්.උඹ බය උනාට අපි විප්ලවය කරනවා කියලා මිනිහා ආපහු කෑලේ කදවුරට එනවා.
ඇවිත් එයා අතේ තියන ඉතිරි සල්ලි ටික දාන්න කදවුරේ සල්ලි බෙලෙක්කය අරිනවා.එතකොට තමයි මචං මිනිහාත් දැන ගන්නේ යන යකා කොරහත් බිඳගෙන ගිහින් කියලා.ලපයා යනකොට කදවුරේ කැටෙත් මංකොල්ල කාගෙන ගිහින්.
ඉතින් මචං ඒවා වෙන්න ඇති ඔය ලපයා කියන සිදුනොවිය යුතු දේවල්.
මේවා මචං මඩ අවලාද නෙවෙයි.සම්පුර්ණ ඇත්ත.ඕකුන් කරපු තව සිදුනොවිය යුතු දේවල් ගොඩක් තියනවා.ඒවා හිමිහිට කතාකරමු.
අස්පට් ෂූටිං
May be a doodle of Superman

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *