බැසිල් නෙලුම් මාවතේ සුදු කොඩි ඔසවයි – රටේ රාළ

May be an image of 1 person
පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පහුගිය 20 වෙනිදා පොහොට්ටු මූලස්ථානයේදී පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්රී කණ්‌ඩායම හමුවෙලා තිබුණ බවට මාධ්ය වාර්තා පළවුනා. එතනදී බැසිල් කියලා තිබුණේ ජනාධිපතිධූරයට රනිල් තරම් වෙන සුදුස්සෙක් නෑ කියලා.අරගල කාලේ අපට නිදහසේ එයාපෝට් එකටවත් යන්න බැරිව තිබුණා.ඒ තත්වය මඟහරවලා දුන්න රනිල්ට කළගුණ සළකන්න ඕනි කියලත් බැසිල් කියලා තිබුණා.
ඉදිරි ජනාධිපතිවරණයට අපේකෂකයෙක් නොදා රනිල්ට සහය දෙන්න හරි නැත්තං පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය රනිල්ට පිරිනමන්න හරි සළකා බලනවා කියලත් බැසිල් කියලා තිබුණා. කොහොම හරි මීට සතියකට දෙකකට උඩදී බැසිල් කිව්වේ මේක අපේ ආණ්ඩුවක්ද කියලා අපිටත් හිතාගන්න බෑ කියලයි.එහෙම කියපු බැසිල් කොහොම පහුබැහිල්ලක්ද පහු බැහැලා තියෙන්නේ.තමන් පොහොට්ටුවේ ජනාධිපති අපේෂකයා වෙනවා කියලා තමන්ගේ සැට්ටිඹි රාළලා ලව්ව බැසිල් අඩබෙර ගහගත්ත හැටි ඔයාලටත් මතක ඇති.
නමට අකුරු තුනක් තියන කෙනෙක් ඉදිරි ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් ඉදිරිපත් කරනවා, එයා ජයසක් හඩ මැද්දේ පොහොට්ටුවේ මැයි දින වේදිකාවට වැඩමෙව්වා කියලා ඒ දවස්වල රංජිත් බණ්ඩාර හරිම උජාරුවට කිව්වා ඔයාලට මතක ඇති.රනිල්ට වැඩිය සුදුසු අපේකෂකයෝ ඕනිතරම් පොහොට්ටුවේ ඉන්නවා කියලා සාගර කාරිරවසම් දිගටම කිව්වා.ඊට පස්සේ තමයි බැසිල් ධම්මික පෙරේරා අපේක්ෂකයා කරලා ඇමරිකා ගියේ.
පහුගිය දවස්වල ආයෙත් නාමල් ජනාධිපති අපේක්ෂකයා කරන්න යෝජනා පවා සම්මත කළා. ඒකට ආශීර්වාද ගන්න මහින්දගේ මූලිකත්වයෙන් මැදගොඩ අබේතිස්ස සාදු සංවිධානය කරපු සඟ සමුළුවේ තත්වයත් අපි දැක්කා.ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා මහ මැතිවරණයක් අරන් ඒක දිනලා බැසිල් අගමැති වෙනවා කියාගෙන ආපු උදයංග වගේ බැසිල්ගේ කසකාරයෝ පොහොට්ටු කාරයින්ගෙන් ගුටිකන්න ගිය හැටිත් ආරංචිවුනා.
දැන් සියල්ල අවසානයේ සියලු රෙදි උනා දාලා බැසිල් යටත්වෙලා.දැන් නොලුම් මාවතේ පොහොට්ටු කාර්යාලයේ සුදු කොඩිය උස්සලා. මේක තේරුම් ගන්න බැරි සමහරු බැසිල්ලගේ සහ නාමල්ලගේ බොරු පම්පොරිවලට රැවටිලා වේලාසනින්ම ගිහින් රාජපක්ෂලාට යටත්වුනා.හැබැයි මේ පාර එතන දහයකට පහලොවකට වැඩි පිරිසක් හිටියේ නෑ.රටේ රාළ දිගටම කිව්වේ රාජපක්ෂලාට රනිල්ට යටත්වීම හැර වෙන උත්තරයක් නෑ කියලයි.
රාජපක්ෂලාට තිබුණේ උත්තර දෙකයි.එක්කෝ යටත්වීම,නැත්තං ඉන්න කීපදෙනා එකතු කරගෙන ආණ්ඩුවෙන් ඉවත්වීම.ඒ උත්තර දෙකෙන් රාජපක්ෂලා එයාලට වාසි සහගත උත්තරය තෝරගෙන. යටත්වීම තමයි එතනදී රාජපක්ෂලාට තිබුණ වාසිදායක උත්තරය,රාජපක්ෂලා ඉවත්වීම රනිල්ට තිබුණ වාසිදායකම උත්තරය උනත් මෙතනදී සිද්ධවුනේ රාජපක්ෂලා යටත්වීමයි.
මීට ඉස්සෙල්ලා ලිපියකින් රටේ රාළ කිව්වා මේ වෙලාවේ රාජපක්ෂලාගේ යටත්වීමත් රනිල්ට හානිකරයි කියලා.ඒකෙන් තවමත් රටට පේන්නේ රාජපක්ෂලා විසින් රනිල් මෙහෙයවනවා කියලයි. අනික මේ යටත්වීමත් රාජපක්ෂලාගේ උපක්රමයක්. එයාලට ඕනි පොහොට්ටුව ඇතුලේ සිද්ධ වෙලා තියන බෙදීම එලියට නොපෙන්න ගන්න.ඇත්තටම දැන් පොහොට්ටුව රනිල්ට 90% යි රාජපක්ෂලාට 10% යි විදිහට බෙදිලා ඉවරයි.
ඊළඟට රාජපක්ෂලාට ඕනි මේක ඇතුලට රිංගලා ඇතුලේ ඉඳන් කඳ කාලා විනාශ කරමින් තමන්ට අවස්ථාව එනකං ඇතුලේ කල් මරන්න.මෙතනදී යටත්වෙලා ඉන්න ගමනුත් ගේමක් ගහන්න බැසිල් ට්රයි කරන බව එයාගේ නෙළුම් මාවතේ කතාවෙන් පැහැදිලි වෙනවා.බැසිල් හදන්නේ පොහොට්ටුවේ අපේක්ෂකත්වය රනිල්ට දෙන්න.රටේ රාළ ඔය කතාව කියන්නේ දැන් ගොඩක් කාලෙක ඉඳන්.
රාජපක්ෂලා හැදුවේ සහ තවමත් හදන්නේ පොහොට්ටුවේ මූලිකත්වයෙන් සන්ධානයක් හදලා ඒකේ ජනාධිපති අපේක්ෂකත්වය රනිල්ට දීලා අගමැති අපේක්ෂකත්වය සහ හොඳම ඇමතිකම් ටික පවුලට තියාගන්න. ඉතින් ඕක තේරෙන්නේ නැති දේශපාලන ගොන්නු පොහොට්ටුවේ ඉන්නවා නං රටේ රාළ මෙනවා කරන්නද?රාජපක්ෂලා රනිල්ගේ බෙල්ලට දාන්න හදන උරචක්කර මාලේ ඒක.
ඒක දාගන්නවා කියන්නේ රනිල්ගේ පරාජය නලලේ කොටා ගන්නවා වගේ වැඩක්.රනිල් උතුරේ, නැගෙනහිර,වතුකරයේ ගිහින් ඡන්ද බ්ලොක්වලට කතා කරලා,දාගන්න පුළුවන් තරමක් සාක්කුවේ දාගෙන එන්නේ ආයෙත් රාජපක්ෂලාට ඔටුණු පලන්දන්න නං රනිල්ට ජයග්රහණ දෙන්න කවුරුත් එකඟ වෙන්නේ නෑ.ඊළඟට රාජපක්ෂලා රනිල්ට උපරිම හතුරුකම් කරපු පහුගිය කාලේ රනිල් වෙනුවෙන් හිටපු මිනිස්සු ටික ආයෙත් මල්ලක දාලා ගැටගහලා රාජපක්ෂලාගේ අඟුපිලේ ගිහින් තියනවා නං ඒක පැහැදිලිවම රනිල් කරන පාවාදීමක් කියලා රටේ රාළ කිව්වා.
මේ තත්වය යටතේ රනිල් තියෙන්නෙත් එකම එක උත්තරයයි.රනිල්ගේ මූලිකත්වයෙන් සන්ධානයක් හැදීම විතරයි.හදලා නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා විදිහට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සහ අනාගත සර්වපාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් පෙනී සිටීමයි.ඒ සන්ධානය ඇතුලේ කාටත් ඉන්න පුළුවන්. පොහොට්ටුවටත් ඉන්න පුළුවන්.
පොහොට්ටුව තියාගෙන රාජපක්ෂලා නිහඩ කරලා තියන්න පුළුවන් නං ඒක පොහොට්ටුවේ පාක්ෂිකයන්ට කරන ලොකු උදව්වක් වේවි.මොකද රාජපක්ෂලා උස්සගෙන නං එන්නේ පොහොට්ටුවේ පාක්ෂිකයින්ගෙන් අනිවාර්යයෙන්ම මහ පාරෙදී කන්න වෙනවා.රාජපක්ෂලා ගැන ඒ තරමි වෛරයකින් ඉන්න පොහොට්ටුවේ පිරිසක් ඉන්නවා.ඒ ඡන්ද ටික නැවත පොහොට්ටුවට ගෙන්න ගන්න නං රාජපක්ෂලා සීන් එකෙන් අයින් වෙන්න ඕනි.
දැන් රනිල්ගේ මූලිකත්වයෙන් අරඹන සන්ධානය නිර්මාණය කිරීමේ වැඩ කොටය පටන් ගැනීම තමයි රනිල්ට තියන එකම උත්තරය.ඒ වගකීම එජාපය පැත්තෙන් බාරදීලා තියෙන්නේ රවී කරුණානායකට.දැන් රවී වැඩ පටන් ගන්න ඕනි කාලය ඇවිත්.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 1 person

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *