මෛත්‍රීගේ රතු කට්ට පැනලා – රටේ රාළ

May be an image of 1 person, dais and text
ගිය 22 වෙනිදා හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන කරපු ආන්දෝලනාත්මක ප්රකාශයක් හින්දා දේශපාලන පිටිය එක පාරටම රත්වුනා.මෛත්රී කිව්වේ පාස්කු ප්රහාරය එල්ල කළේ කවුද කියලා තමන් දන්නවා කියලයි.ඒ ගැන ප්රකාශ කරන්න කියලා අධිකරණයෙන් නියෝගයක් ලැබුනොත් විනිසුරුවන් ඉදිරියේ රහසිගත ප්රකාශයක් කරන්න ලෑස්තියි.ඒ කරන ප්රකාශයේ රහස්යභාවය ආරක්ෂා කිරීමේ වගකීම අදාල විනිසුරුන්ට තියනවා කියලත් මෛත්රී කිව්වා.
පස්සේ 23 වෙනිදා ආයෙත් කෙටි වීඩියෝ එකක් නිකුත් කරමින් මෛත්රී කිව්වේ තමන් රහසිගත ප්රකාශයක් කරන්නේ තමන්ගේ සහ තම දරු පවුලේ ආරක්ෂාව ගැන හිතලා කියලයි.ඒ හෙලි කිරීම මගින් තමන් මරා දාන්න උනත් ඉඩ තියන බව මෛත්රී කිව්වා.කොහොම උනත් මෛත්රීගේ මේ ප්රකාශයට අදාලව දැනටමත් ක්රියාමාර්ග කීපයක් අරන් තියනවා.
සජබ පාර්ලිමේන්තු මන්ත්රී කාවින්ද ජයවර්ධන දැනටමත් මෛත්රීව අත්තඩංගුවට අරන් ප්රකාශයක් සටහන් කරගන්න කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරලා.ඒ වගේම කතෝලික සභාවත් තවත් සංවිධාන කීපයක් මෛත්රී අත්තඩංගුවට අරන් කට උත්තර ගන්න බල කරමින් මාධ්ය සාකච්ඡා තියලා තිබුණා.මෛත්රී කරලා තියන මේ ප්රකාශය පදනම් කරගෙන පරීක්ෂණ පටන් ගන්න කියලා පොලිස් ඇමති ටිරාන් අලස් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට නියෝගය කරලා තියනවා.
මෛත්රී අත්තඩංගුවට ගැනීම කෙසේ වෙතත් මෛත්රීගෙන් කට උත්තරයක් සටහන් කරගන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිද්ධ වෙනවා. එතනදීත් මෛත්රි කියනවා ඇත්තේ ඔය කතාවම තමයි.තමන් බලාපොරොත්තු වෙන්නේ අධිකරණය ඉදිරියේ රහස්ය ප්රකාශයක් කරන්න කියලා. එතකොට CID එකට අධිකරණමය ක්රියාවලියකට යොමු වෙන්න වෙනවා.
කොහොම උනත් මෙතනදී පාස්කු වින්දිතයන්ගේ පැත්තෙන් හිතනවා නං ඇත්තටම කරන්න ඕනි මෛත්රීට ඒ හෙලිදරව්ව කරන්න අවස්ථාව හදලා දෙන එකයි.මොකද පාස්කු ප්රහාරය එල්ල කළේ මෛත්රී නෙවෙයි.මෛත්රී ඒකේ මහ මොළකාරයත් නෙවෙයි.පාස්කු ප්රහාරයේදී මෛත්රීට දඩුවම් හම්බ වෙලා තියෙන්නේ මෛත්රී විසින් පත්කරපු නිළධාරීන්ගේ වගකීම් විරහිත හැසීරීමට අදාලව වගකීමක් මෛත්රීටත් තියනවා කියලයි.
පාස්කු ප්රහාරයට යොදා ගත්ත මිනිස් ඝාතකයන් දැන් මැරිලා. කොහොම උනත් මහ මොළකරු තවමත් ජීවතුන් අතර ඉන්න බව කවුරුත් පිලිගන්න කාරණයක්.ඒ වගේම මේක බලය ලබාගැනීම වෙනුවෙන් ආගමික අන්තවාදීන් යොදාගෙන කරපු ප්රහාරයක් බවට බරපතල සැකයක් සමාජය මත තහවුරුවෙලා තියනවා.මෛත්රීගේ මේ ප්රවේශය නීතිමය පැත්තෙන් බැලුවම නරක දෙයක් නෙවෙයි.ඒක හරි පාරේ ගෙනිහින් පාස්කු ඝාතකයා හෙලි කරගැනීමේ වගකීම තියෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට.
මෛත්රී කරන්න එකඟ මේ හෙලිදරව්ව ගැන සජබයවත් කතෝලික සභාවවත් කලබල වෙන්න ඕනි නෑ.එයාලා කරන්න හදන්නේ ඝාතකයා හෙලි කරන්න එන මිනිහට පොල්ලෙන් ගහන එකනේ.
මේ ප්රශ්නයේ නීතිමය පැත්ත ගැන ඊට වැඩිය කියන්න දෙයක් නෑ. හැබැයි මෛත්රීගේ මේ ප්රවේශයේ දේශපාලන පැත්ත ගැන අපට කතා කරන්න පුළුවන්.මෛත්රීගේ මේ ප්රකාශයෙන් පස්සේ ගොඩක් අය අහන්නේ මෛත්රී මොකක් හරි මානසික අවුලක ඉන්නවද කියලයි. මෛත්රී කරපු මේ ප්රකාශය දිහා බලද්දී රටේ රාළට නං එහෙම දෙයක් හිතෙන්නේ නෑ.මෛත්රීට මානසික පීඩාවන් ඇති.හැබැයි මෛත්රී මේ ප්රකාශය කරන්නේ මානසික පීඩාවෙන් අවුල් වෙලා නං නෙවෙයි.
දේශපාලනිකව හිතද්දී මේක මෛත්රී ගහපු තවත් පොකුරු බෝම්බයක්. මෛතීගේ හොඳට හෝ නරකට මේක දැන් පත්තු වෙනවා.මෛත්රීට තියන එක දේශපාලන තුරුම්පුවක් මේක.මෛත්රී ඉන්න ඇත්තේ තුරුම්පුව අදින්න හොඳම වෙලාව එනකල් වෙන්න ඕනි.සමහරවිට මේක මෛත්රීට තියන අවසාන තුරුම්පුව වෙන්නත් පුළුවන්.රටේ රාළට මෙතන තියන එකම සැකය මේ තුරුම්පුව මෛත්රී අදින්නේ තනියමද කියන එක විතරයි.මෛත්රී පිටිපස්සේ කවුරු හරි මහ මොළකාරයෙක් ඉන්නවද කියන සැකය රටේ රාළට තියනවා.
මෛත්රී ගහන මේ ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් තුන්දෙනෙක් බිම වැටෙන්න තියන ඉඩ වැඩියි.
සමහරවිට ඊට වැඩියෙනුත් වැටෙන්න පුළවන්.මෛත්රී අතේ මේ තුරුම්පුව තියාගෙන දේශපාලන වශයෙන් හුදකලා වෙන්න මෛත්රී කැමති වෙන එකක් නෑ.එතනදී රටේ රාළට පේන පැති කීපයක් තියනවා. මෛත්රී පුද්ගලයෙක් විදිහට පාස්කු ප්රහාරයට අදාල නඩු සිය ගණනක පැටලිලා ඉන්නවා.ඒක මෛත්රීට මානසික පීඩනයක්.පාස්කු ප්රහාරය සම්බන්ධව නිර්මාණය වෙලා තියන සමාජ මනෝභාවයේ වැඩිම අවාසිය සිද්ධවෙලා තියෙන්නේ මෛත්රීට.
යම් විදිහකින් මෛත්රීට ඝාතකයා නිශ්චිතයි නම්,ඝාතකයා නිදැල්ලේ ඉන්නවා නම්,එයා එහෙම ඉන්දැද්දී මම මේ කට්ට කන්නේ මොකටද කියලා මෛත්රීට හිතෙන්න පුළුවන්. පාස්කු ප්රහාරය හින්දා අමාරුවේ වැටුන මෛත්රී පාස්කු ප්රහාරයෙන්ම ගොඩයන්න හිතුවා වෙන්න පුළුවන්.ඒ වගේම නැගීගෙන එන රාජපක්ෂලාගේ දේශපාලන තර්ජනය පාලනයවීමකුත් මේ වැඩෙන් සිද්ධ වෙනවා.ඒක රනිල්ට අමතර වාසියක්.බලය ගැනීම වෙනුවෙන් පාස්කු ප්රහාරය කළා කියන චෝදනාව විවිධ අවස්ථාවලදී රාජපක්ෂලාට එල්ලවුනා.
ආයෙත් අපේ රටේ දේශපාලන න්යාය පත්රය තමන්ට ඕනි විදිහට කරකවන්න රාජපක්ෂලා මැදිහත් වෙමින් ඉන්නවා.ඒ වගේ අවස්ථාවක මෛත්රීගේ පැත්තෙන් මේ වගේ මාතෘකාවක් දැම්මෙන් රාජපක්ෂලා තවත් පරිධියේඈතට වීසිවෙනවා.දැනට බලය ගිලිහුනොත් එතනින් එහාට මොකද කරන්නේ කියලා හිතහිතා ඉන්න රාජපක්ෂලාගේ බය මෛත්රී ගත්ත මේ මාතෘකාවෙන් තවත් වැඩි වෙනවා.
පහුගිය කාලේ මෛත්රී දේශපාලන වශයෙන් හුදකලා වෙලා හිටපු බව පිලිගන්න ඕනි.මෛත්රීට දේශපාලන හුදකලාභාවය ගෙනාවේ පාස්කු ප්රහාරය බව කියන්න ඕනි.මෛත්රීට ඒ තත්වයට අභියෝග කරමින් ආයෙත් සීන් එකට එන්ටර් වෙන්න දොරක් ඇරගන්න මෛත්රී හදනවා. ඒක වෙනුවෙන් තමන් අතේ තියන අවසන් තුරුම්පුව ගැහුවා වෙන්න පුළුවන්.
මෛත්රී හරිය තුරුම්පුව ඇද්දොත් පාස්කු ප්රහාරය සම්බන්ධව මෛත්රීට තියන අවාසි සහගත සමාජ මතවාදය යම් තරමකට හරි වෙනස් වෙන්න ඉඩ තියනවා.ඒකට මෛත්රී අවංකවම පාස්කු ඝාතකයා අල්ලාදීමේ වැඩි වගකීමක් ගන්න ඕනි.මෛත්රී හරියට ඒ සටන කළොත් ඉතිහාසය මෛත්රීට සාධාරණය ඉෂ්ඨ කරාවි.මෛත්රී මේක මියෙම්වා හෝ රැකෙම්වා කියලා ගහන ගේම් එකක්.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 1 person, dais and text

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *