|

කමෝන් මෙත්පල් – අස්පට් ෂූටිං

May be a graphic
ආයුබෝවන් මචං…….මොකද්ද බං අර මෙත්පල් අංකල් එක පාරට කියපු කතාව.හාමුලා,සජාලා, ලපයලා ඔක්කොම යට කරගෙන පෙත්පල් ලොක්කා පීක් එකට ඇවිත්.
මචං ඕක hit වෙන්න කියලා හිතාගෙන කරපු ප්රකාශයක් වෙන්න බැරිද?hit වීම කෙසේ වෙතත් කීපදෙනෙක් hit wicket නං වෙයි. මෙත්පල් කියන්නේ ප්රහාරය එල්ල කරපු එකා දන්නවා කියලා.ඒ කියන්නේ මහ මොළකරු මෙත්පල් දන්නවා.
පහුගිය කාලෙත් මෙත්පල් ඔය වගේ ටෝක්ස් දිදී හිටියා.මාව හිරේ දැම්මොත් මම ඔක්කොම කියනවා කියලත් කිව්වා.හැබැයි මචං මේ පාර නං මෙත්පල් හොඳටම සැරවෙලා.
මෙත්පල් අලුත් කඩේදී කිව්වේ ප්රහාරය ගැන හාන්කවිසියක්වත් දන්නේ නෑ කියලනේ.
මේකත් මචං මාර කතාවක්.ප්රහාරය ගැන දන්නේ නෑ,ඒ උනාට ප්රහාරය එල්ල කරපු එකා ගැන දන්නවා.ඒක දැනගෙන තියෙන්නේ දැනට සති තුනකට උඩදී.
මචං මොකද මෙත්පල් එකපාරට මේ ගහපු බෝම්බේ.ඔන්න මචං දෙබරෙට ගල් ගැහුවා වගේ එලියේ වැඩේ පත්තුවෙලා.ඕකත් අර කෙහෙලිගේ වැඩේ වගේ වෙන්න බැරිද?
එතනත් මචං ලේකමා සියල්ල වමාරන්න පටන් ගත්තේ ඇතුලට දැම්මට පස්සේනේ.දැන් මචං මෙත්පල්ටත් කෝටි ගානක punishment එක දීලනේ තියෙන්නේ. ඔන්න ඔහේ යන වත්තක් පාරේ යන්න කියලා කියලා දාන්න හිතුවද දන්නේ නෑ.
මචං මෙත්පල් ඕක දන්නවා කිය කියා කාව හරි බ්ලැක් මේල් කරනවාවත්ද?මෙත්පල්ගේ ඔය කතාව පිටිපස්සේ මහ මොළකාරයෙක් ඉන්න බැරිද?මචං භාමුවත් මෙත්පල්ට සෙට් උනාවත්ද පවුලේ කට්ටිය දඟලනවා වැඩියි කමක් වගෙත් තියනවා.
කොහොම උනත් එහෙම එකක් දැනගෙන නොකියා ඉන්නවනං ඒක වැරදියි.ඒ අපරාධය කරපු එවුන්ට දඩුවමක් තියෙන්න ඕනි.අහිංසක ජීවිත සිය ගානක් බිලිගත්ත එවුන් තවම යහතින් ඉන්නවා නම් ඒක ප්රශ්නයක්.
මචං අස්පට් ෂූටිං නං කියන්නේ පරක්කු වෙලා හරි මෙත්පල් ඒක කියන්න ඉදිරිපත් වෙච්චි එක හොදයි.දැන් කරන්න තියෙන්නේ මෙත්පල්ට කතාව කියන්න අවශ්ය යටිතල පහසුකම් ටික හදලා දෙන එකයි.
දැන් මචං මේ රටේ ජනාතාව ගොඩක් දේවල් දන්නවා. ජනතාවගේ මුදල් කාබාසිනියා කළේ කවුද කියලා දන්නවා.රට බංකොලොත් කළේ කවුද කියලා දන්නවා.ඉතින් ඕකත් දැනගත්ත කියලා ලොකු අවුලක් නැනේ.
මචං අස්පට් ෂූටිංට මෙහෙමත් හිතෙනවා.රටේ සල්ලි මංකොල්ල කාලා,රට බංකොලොත් කරපු සෙට් එකමද ඔය ප්රහාරයත් එල්ල කළේ කියලා.
ඒක මෙත්පල්ගෙන් දැනගන්න පුළුවන් නං ඒක නොකර ඉන්නේ මොන මෝඩයද බං.
අස්පට් ෂූටිං
May be a graphic

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *