|

බණ්ඩා ගිහින් කැනඩා – අස්පට් ෂූටිං

May be a doodle of 1 person and text
ආයුබෝවන් මචං……අපේ ලප කුමාර සහෝදරයා පීඩාවක්, කරදරයක් නැතිව කැනඩාවට සම්ප්රාප්ත වෙලා නේද?කැනඩාවෙදිවත් ඇමරිකාවේදි වගේ පීචං නොවී ආවොත් ඇති.
මචං හාමු රට යනවා වැඩියි කියකියා බැන බැන හිටිය ලපයා දැන් ඕෂෙට රට යනවානේ.හාමු ඇවිත් මාස 14 යි,මාස දාහතරට ටුවර් 14 යි.අපරාධි රටේ සල්ලි කියකියා කවුන්සිලේ දෙවනත් කරපු ලපයත් දැන් ඔන්න ලෝක සවාරියේ.
මචං පහුගිය ටිකේ ජෙප්ස්ලා ඔක්කොම වගේ රට ගියා.සුදුහදුන් ගියා,ආචාර්ය සහෝදරී ගියා,යටත් විජිත සහෝදරයා ගියා,බිම්මල් සහෝදරයා පවුල් පිටින් ගියා,ලප කුමාර සහෝදරයා හතර පස් වතාවක් ගියා.
බලනකොට මචං ලපයයි,ලපයගේ සෙට් එකයි හාමුට වැඩිය රට සවාරි ගිහින්නේ.මචං එතකොට ඒවට වියදම් කරන්නේ කවුද?ඒ සල්ලි අපේ සල්ලි නෙවෙයිද?
රටේ නායකයාට එන රාජ්ය තාන්ත්රික ආරාධනාවලට යන එකත් සල්ලි නාස්ති කිරීමක් කියලනේ ලපයා කියන්නේ.
කොච්චර උනත් හාමු ගිහින් රටට ඩොලර් එකක් හරි ගෙනාවා.IMF ණය හරි ගත්තා.ද්විපාර්ශවික ගිවිසුම් ටිකක් හරි ගහගෙන ආවා. ලපයා ගිහින් මොනවද ගෙනාවේ. අඩුම ගානේ ගත්ත ඩොලර් එකක්වත් අරමුලට දුන්නද?
ඕසීවලදී ඩොලර් කොච්චර නං එකතුවුනාද?
මචං දැන් පිටරට යන ජෙප්ස්ලා එකතු කරගන්න ඩොලර් ටික එයාලගේ පරිහරණයට ගන්න කියලා එයාලගේ ව්යවස්ථාවට සමාජවාදී වගන්තියක් එකතු කරලාලු.ඒකනේ මචං ඔච්චර පොරකකා යන්නේ.
ඒ අතින් මචං සිරි අයියලා පට්ට මෝඩයි.මෙච්චර ලොකු පක්ෂයක් හදලා,ලොකුම අරමුදලකුත් හදලා දීලා අන්තිමට ඒ මනුස්සයා බඩගින්නෙනේ මැරුණේ.
මචං අස්පට් ෂූටිං නං කියන්නේ ලප කුමාර සහෝදරයට තව තව රටවල්වලට යන්න වාසනාව උදාවෙන්න ඕනි කියලයි.ලපයා ජනාධිපති වෙන්න ඉස්සෙල්ලා ලෝකේ ඔක්කොම රටවලට යන්න පුළුවන්නම් ඒත් හොඳයි.
ඇයි මචං ජනාධිපති උනාට පස්සේ රට යන එක මුදල් නාස්තියක් කියලනේ ලපයා කියන්නේ.හාමු රටේ නායකයා විදිහට යන එක එච්චර මුදල් නාස්තියක් නං ලපයා යන එක කොච්චර මුදල් නාස්තියක් වෙන්න ඕනිද?
හාමු ගියාට පස්සේ නං මචං කතා කරන්න හරි නායකයෙක් කියලා එකෙක් ඒ රටවල ඉන්නවා. ලපයා ගියා කියලා කතා කරන්නවත් එකෙක් එහේ නෑනේ.මොකද මචං ඒ රටවල නායකයන්ට සිංහල බෑනේ.නිකං බුම්මගෙන හිටලා එන්න තමයි වෙන්නේ.
අර මචං පරණ කතාවක් තියෙන්නේ බණ්ඩා කොළඹ ගියා වගේ කියලා. දැන් ඒක වෙනස් කරලා බණ්ඩා රට ගියා වගේ කියලා දාන්න ඕනි.මචං ඇත්තටම බණ්ඩාර රට යන එක හොදයි.බණ්ඩටත් ලෝකය දකින්න පුඵවන්.බණ්ඩටත් යමක් කමක් ඉගෙන ගන්න පුළුවන්.
පොඩි අස්පට් එකකට තියෙන්නේ බණ්ඩට රට යන්න වාන්ස් හම්බ වෙනකොට බණ්ඩා හිතාගෙන ඉන්නේ බණ්ඩා විතරයි රට යන්න ඕනි කියලා.අනිත් අය යන එක අපරාධයක්,සල්ලි නාස්තියක්.ඒ කියන්නේ මචං බණ්ඩා ලෝකය දැක්කට හරියට දැකලා නෑ.මචං ටයි කෝට් ඇන්දට බණ්ඩා තාමත් වැඩවසම්.
කැනඩාවෙදිවත් වැඩවසම් නැට්ට කපලා එවුවොත් ඒක ලොකු දෙයක්.
අස්පට් ෂූටිං
May be a doodle of 1 person and text

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *