ශ්‍රී ලංකා මහ බැංකුවද,නන්දලාල් සහ සමාගම ද? -රටේ රාළ

May be an image of 1 person
මහ බැංකුවේ සියලු ශ්රේණිවල සේවකයන්ගේ වැටුප සියට හැත්තැවකින් ඉහළ දාගන්න ගත්ත තීරණයත් එක්ක මහ බැංකු අධිපති ඇතුළු කාර්ය මණ්ඩලයට දැවැන්ත ජනතා විරෝධයක් එල්ලවෙලා තියනවා.මහ බැංකුවේ වැඩ කරන සුළු සේවකයකුගේ දැන් පඩිය රුපියල් දෙලක්ෂ විසිතුන්දාහකට වැඩියි.මහ බැංකු නිළධාරීන්ගේ මේ අත්තනෝමතික වැටුප් වැඩිකර ගැනීම දැන් දේශපාලන ප්රශ්නයක් බවට පත්වෙලා.
මේ ගැන රජයේ මුදල් කාරක සභාවේ සභාපති හර්ෂද සිල්වා කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියනවා.රජයේ මුදල් කාරක සභාවේ නිර්දේශය වෙලා තියෙන්නේ මුදල් ඇමතිවරයා විසින් පත්කරන ස්වාධීන පාරිශ්රමික කමිටුවක් මගින් මේ සම්බන්ධව සමාලෝචනයක් කරලා තීරණය දෙනතුරු මහ බැංකුවේ වැටුප් වැඩිකර ගැනීමේ ක්රියාමාර්ගය කල්දාන්න කියලයි.
ගිය අවුරුද්දේ ඉදිරිපත් කරපු නව මහ බැංකු පනතෙන් ශ්රී ලංකා මහ බැංකුව ස්වාධීන ආයතනයක් කළා. මහ බැංකු පනතේ මූලික අරමුණ උනේ මහ බැංකුවේ මූල්ය ක්රියාවලිය දේශපාලන ඇගිලි ගැසීම්වලින් තොරව ස්වාධීනව පවත්වාගෙන යන්න.පනතකින් ස්වාධීන උනා කියලා මහ බැංකුව විධායකයට, ව්යවස්ථාදායකයට සහ රටේ ජනතාවට දරන වගකීම අහෝසි වෙන්නේ නෑ.
හැබැයි ඒ සියල්ල පැත්තකින් තියලා මහ බැංකුවේ අධිපති ඇතුළු කණ්ඩායමක් මේ ස්වාධීන කීරීම වල් බූරු නිදහසක් දක්වා ගෙනිහිල්ලා තියනවා.
ඇත්තටම ලාංකීය සමාජයට බෝවෙලා තියන මේ කාලකණ්ණි සංස්කෘතික කුඩුපට්ටම් කළේ නැත්තං මේ රටට තවදුරටත් ගමනක් නං නෑ.දේශපාලනඥයින් සහ රාජ්ය නිලධාරීන් ගොඩදෙනෙක් පුරුදුවෙලා තියන මේ සංස්කෘතිකයෙන් ලාංකීය දේශපාලනය සහ රාජ්ය සේවය බේරගන්න දැන් කාලය ඇවිල්ලා.
අපේ රටේ දේශපාලනඥයින් සහ රාජ්ය නිළධාරීන් තනතුරකට යනකං වගකීමක් ගන්නකං එයාලා තරම් බොධිසත්වයෝ මේ මිහිපිට නැති විදිහට තමයි හැසිරෙන්නේහැබැයි ඒ තනතුරට ගිහින් වගකීම ගත්ත ගමන් එයාලට බෝවෙන ලෙඩක් තියනවා.තමන් මේ වගකීම දරන්නේ කාවෙනුවෙන්ද,කුමක් සදහාද කියන එක එයාලට හරි ඉක්මනට අමතක වෙනවා.ඒක මේ රටේ ජනාධිපතිගෙන් පටන් අරන් පහල දේශපාලනඥයින්ටත්,ජනාධිපති ලේකම්ගෙන් පටන් අරන් පහල නිළධාරීන්ටත් හැදෙන ලෙඩක්.
දේශපාලනඥයා හිතන්නේ එයා මහජන නියෝජිතයෙක් උනේ තමන්ගේ ඉදිරි ඉලක්ක ටික සම්පුර්ණ කරගන්න කියලා, ගොඩක් නිළධාරීන් හිතන්නේ තනතුර හම්බ උනේ තමන්ගේ බඩකට පුරෝගන්න කියලා.ඒ හැමදෙනාටම ඉස්ස්සෙල්ලාම අමතක වෙන්නේ මෙතෙන්ට ආවේ ජනතා සේවයට කියන එක.ඒකට හොඳම උදාහරණය තමයි වර්තමාන මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ.
නන්දලාල් එනකොට ඒ තරම් සත්ගුණවත්,චරිතවත්.විශ්වාසනීය බෝසත් චරිතයක් හිටියේ නැති තරම්.රටේ ආර්ථිකය ගොඩදාන්න සියලුදේ අතහැරලා එන දියසෙන් කුමාරයෙක් වගේ තමයි ආවේ. හැබැයි වගකීම අරන් ටික දවසක් යනකොට නන්දලාල් ඇතුලේ ඉන්න විනාශකාරී සත්වයා එලියට පැන්නා.දැන් නන්දලාල්ලා තුලිනුත් විද්යමාන වෙන්නේ රටේ රාළ කියන අර පාදඩ සංස්කෘතික ලක්ෂණයි.
මෙතෙක් ඉතිහාසේ හිටපු ආණ්ඩු මහ බැංකුව පාවිච්චි කළේ පාලකයන්ට ඕනි ඕනි දේවල් කරන්න.පාලකයන්ට ඕනි විදිහට සල්ලි අච්චු ගැහුවා,මහ බැංකු බැදුම්කර මහ දවල් මංකොල්ල කෑවා.මහ බැංකු අධිපතිලට පැන්ෂන් හදාගත්තා. මහ බැංකු වාර්තාවල පවා වෙනස්කම් කළා.ඒවට එරෙහිව ආපු මහජන විරෝධයත් එක්ක මහ බැංකුව ස්වාධීන කිරීමට එරෙහිව ජනතා විරෝධයක් ආවේ නෑ.
හැබැයි දැන් මහ බැංකුවේ මහ පුටුවේ වාඩිවෙලා ඉන්න නන්දලාල් ඇතුළු කණ්ඩායම ඒකේ අයිතිකාරයෝ වෙලා.දැන් මහ බැංකුව නන්දලාල් සහ සමාගම බවට පත්වෙලා.නන්දලාල් සහ සමාගමට එකතු වෙන මුදල් තමන්ගේ කියලා හිතාගෙන පරිහරණය කරන්න පටන් අරන්. එයාලා තමන්ට කැමති කැමති විදිහට පඩි,දීමනා ඇතුළු වරප්රසාද වැඩි කරගෙන,පට්ට ජොලියේ සමාගම පවත්වාගෙන යනවා.
හැබැයි මීට ටික කාලයකට උඩදී මහ බැංකු අධිපති නන්දලාල් තමයි යෝජනා කළේ වැට් එක 3% කින් වැඩි කරලා18% ක් කරන්න.පඩියට tax ගහන්න.ඒ වෙලාවේ කිව්වේ රටේ යහපැවැත්ම වෙනුවෙන්, ආරක්ෂාව වෙනුවෙන් කැපකිරීම් කරමු කියලා.තවමත් මේ රටේ ආර්ථිකයේ පැහැදිලි වෙනසක් වෙලා නෑ.එදාවෙල කාලා නෙවෙයි ලෙවකකා තමයි මිනිස්සු ජීවත් වෙන්නේ.ඒ සියල්ල එහෙම වෙද්දී නන්දලාල්ලා තමන්ගේ පඩිය සියට හැත්තෑවකින් වැඩිකරගෙන.
එතකොට මේක රටේ රාළ කියන පාදඩ සංස්කෘතිය නෙවෙයි නං වෙන මොකද්ද?නන්දලාල් සෝවාන් වෙලා නැති හින්දා එහෙම කළා කියමුකෝ.හැබැයි කෝ එහෙම කරන එක පාලනය කරන ක්රියාවලිය.එහෙම එකක් මේ රාජ්යය ඇතුලේ නෑනේ.එහෙම නං මහ බැංකුව ස්වාධීන කරනකොට වැරැද්දක් වෙලා තියනවා.ඒ ස්වාධීන කිරීම ඇතුලේ නන්දලාල්ලට වල් බූරු නිදහසක් දීලා තියනවා.එහෙනං පතතේ කොතන හරි අඩුවක් තියනවා. පාර්ලිමේන්තුව දැන් වහාම ඒක නිවැරදි කරන්න ඕනි.
ඒකට ඕනි තුනෙන් දෙක ගන්න පුළුවන්.දැන් නන්දලාල්ලා කියන්නේ පඩි වැඩිකරගත්තේ මේ පනතින් නෙවෙයි 1950 දී හදපු පනතකින් කියලා.මොන පනතට අනුව ගත්තත් මේක සදාචාර විරෝධී තක්කඩි වැඩක්.මේ රට නැත්තටම නැතිවෙන තැනට වැටුන බව අපි කවුරුත් දන්නවා.බෙහෙත් නැතිව,කන්න නැතිව,පෝලිම්වල මිනිස්සු මැරුණ යුගයක් අපි පහු කළා.එහෙම විනාශයකට ගිය රටක් යථාවත් කරන්න දේශපාලනඥයින්, රාජ්ය නිලධාරීන් සහ ජනතාව එකතු වෙන්න ඕනි කියලා රටේ රාළ එදා ඉඳන් කිව්වා.
තවමත් රටේ රාළගේ ස්ථාවරය ඒක.එහෙම කරන්න යෝජනා කරපු නන්දලාල්ලා දැන් මොකද්ද කරලා තියෙන්නේ.රටේ රාළ කියන්නේ රටේ ජනතාව මේ ප්රශ්න නන්දලාල්ගෙන් අහන්න ඕනි. මහ බැංකුව වටකරලා හරි අහන්න ඕනි ප්රශ්නයක් මේක.බොරු බැටළු හම් පෙරවගෙන එන නන්දලාල් පන්නයේ වෘකයෝ ගැන තේරුම් ගන්න මේක හොඳ අවස්ථාවක්. නන්දලාල් කියන්නෙත් වෙනත් වර්ගයක කබ්රාල් කෙනෙක්.
දැන් මේ ප්රශ්නයෙන් පැනලා යන්න ජනාධිපතිටවත් පාර්ලිමේන්තුවංවත් බෑ.මේ ප්රශ්නය හරියට විසඳුවේ නැත්තං වෙන්නේ මහ බැංකුවත් රේගුව, දේශිය ආදයම් දෙපාර්තමේන්තුව,සුරාබදු දෙපාර්තමේන්තුව වගේ අඳුරු කලාප අතරට යන එක විතරයි.මේ ක්රියාවලිය මහ බැංකුවේ වගේම රාජ්ය බැංකුව පද්ධතිය ඇතුලෙත් මේ විදිහට සිද්ධ වෙනවා.එයාලත් තමන්ට ඕනි විදිහට පඩි වැඩිකර ගන්නවා.මේ කවුරුත් මේ තක්කඩි වැඩේ කරන්නේ කම්කරුවන් වෙනුවෙන් හදලා තියන චක්ර ලේඛන අවභාවිතා කරමින්.
මේ තත්වය පරාජය කරන්න මේ රටේ තක්කඩි වෘත්තීය සමිතිවලට උවමනාවක් නෑ.එයාලත් මේ දේශපාලනඥයින්,රාජ්ය නිලධාරීන් වගේම තවත් ගසා කන්නන් පිරිසක් විතරයි.ඒ නිසා මේ තත්වය පරාජය කරන්න නං ජනතාව පෙරට එන්න ඕනි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 1 person

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *