|

ප්‍රතිව්‍යුහගතකරණයේ කාර්මික දෝෂ – අස්පට් ෂූටිං

No photo description available.
ආයුබෝවන් මචංලා…….මොකද මචං ළඟදී ඉඳන් ළඟ ළඟම ෆිලයිට් කැඩෙන්නේ.දැන් කී දවසක් ඔහොම උනද?මොකක් හරි කාර්මික දෝෂයක් එනවාම තමයි.
මේ පාරත් කොරියන් යන්න හිටපු කොල්ලෝ සෙට් එක අනාතයි. බලපං මචං ඔහොම කීදෙනකුට කීපාරක් වුනාද?කොට සිරිපාල ඕක ගත්ත දවසේ ඉඳන් කාර්මික දෝෂ. Air බසුත් සිරිපාල වගේම කන්ඩෙම් වෙලාද බං
හාමු එක්ෆයර් ඒවා එක ගොඩකට දාන්න හිතලා කොට සිරිපාලට ඕක දුන්නද කියලත් හිතෙනවා.හැබැයි මචං උඩින් එක්ස්ෆයර් වගේ පෙනුනට කොට සිරිපාලගේ මැෂින් එක හොඳයි.සජාගේ ඩයිනමෝවට වැඩිය power full.
අපේ ගුවන් සේවය ප්රතිව්යුහගතකරණ කරනවත් එක්ක ආපු ලෙඩක්ද මචං ඕක.
මචං රාජ්ය ආයතන ප්රති ව්යුහගතකරණ කරන්න කිට්ටු වෙනකොටත් කාර්මික දෝෂ වාඩිපුර එන්න පටන් ගන්නවා.
දැන් මචං අපට මොකක් හරි දෙයක් විකුණන්න ඕනි උනා කියහංකෝ. නිකං හිතපංකෝ ගෙයක්,හරි වාහනයක් හරි කියලා.
අපි ඉස්සෙල්ලාම කරන්නේ හොඳ ගානකට දෙන්න වාහනේට පොඩි රෙපෙයාර් පාරක් දාන එකනේ. බලන්ඩ එන එකාට ස්ටාට් කරලා වටයක් ගිහින් එන්න පුළුවන් විදිහට හරි හදලා තියනවා.ගෙයක් නං මචං පොඩියට හරි වයිට් වොෂ් පාරක් දානවා.
එතකොට මචං බලන්න එන කෙනාට උනත් පොඩි ෆිට් එකක් තියනවා.අපිටත් බඩු ඩිමාන්ඩ් කරන්න පුළුවන්.හැබැයි මචං මෙතන වෙන්නේ ඕකේ අනිත් පැත්ත.දැන් ගුවන් සේවය විකුණන්න එනවුන්ස් කරලත් ඉවරයි.
ඕක ගන්න මචං උඹලයි,අපියි යන්නේ නෑනේ.ජාත්යන්තර ගුවන් සමාගමක්නේ එන්නේ.ඒකට ඉතින් මචං හොඳ තත්වයේ ගුවන් යානා සහ හොඳ කීර්ති නාමයක් අපේ ගුවන් සේවයට තියෙන්න ඕනි.
එතකොටනේ ඩිමාන්ඩ් කරලා හොඳ ගානකට දෙන්න පුලුවන්.
මෙහෙම දවසගානේ ෆිලයිට් කැඩෙනකොට කවුද බං ඕක ගන්නේ.කුණු කොල්ලයටවත් ඉල්ලන්නේ නෑ.මචං ඒක කොට සිරිපාලට තේරෙන්නේ නැද්ද?අඩුම ගානේ හාමුත් එක්ක කතා කරලා පොඩි රෙපෙයාර් පාරක් හරි දාගන්න.එතකොට මචං රටට උනත් එකපාර ගානක් ගන්න පුළුවන්නේ.
ඊළඟට ගන්න අයටත් හොඳ සේවයක් නොදී බැරිවෙනවා.මචං ඕකේ තවත් පැත්ත තියනවා. මචං වාහන විකුණනකොට සමහර බාස්ලා අත යටින් ගහනවා. එතකොට මචං ගන්න එකාට පට්ට ලාබයි.මෑන් අරන් බාස්ටත් ලොකු ගාණක් දෙනවා.
එහෙමත් නැත්තං කවුරුවත් ගන්නේ නැති තැනට වාහනය වට්ටලා අන්තිමට බාස්ම ගන්නවා. ඒකට කියන්නේ දේශීය ව්යාපාර නගා සිටුවීම කියලා.මචං කොට සිරිපාලගේ ටාගට් එක ඔය දෙකෙන් මොකක් කියලා හොයලා බලපන්.
ඕක තවත් කාල් ගනු දෙනුවක් වෙන්න බැරිද?
අස්පට් ෂූටිං
No photo description available.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *