සජිත් සහ අනුර ගැන කියන ජනමත සමීක්ෂණ – රටේ රාළ

May be an image of 2 people and text
ජනාධිපතිවරණ සටනේ දැනට ඉදිරියෙන්ම ඉන්නේ කවුද ඇහුවොත් අපට එක එක විදිහේ උත්තර හම්බවෙයි.දැනට සටනේ ඉන්න ප්රධාන අපේක්ෂකයෝ හතර දෙනා විදිහට රනිල්,සජිත්, අනුර සහ දිලිත් නම් කරන්න පුළුවන්. අවසන් සටනේ ප්රධාන තරගකරුවන් දෙන්නා ගැනත් තවම අනාවැකි කියන්න බැරි උනත් මේ හතර දෙනාගෙන් දෙන්නෙක් අතර ඒ සටන නිර්මාණය වෙයි කියලා හිතන්න පුළුවන්.
දැන භූමියේ තියන ඇත්ත තත්වය ගත්තොත් වැඩි ground සපෝට් එකක් තියෙන්නේ අනුරට සහ සජිත්ට කියන එක පිලිගන්න වෙනවා.ඒ හින්දා මම තමයි කිරුළට වඩාත්ම කිට්ටු කෙනා කියලා ඒ දෙන්නටම හිතෙනවා ඇති.අනිකා අභිභවා උඩට එන්න අනුර,සජිත් දෙන්න අතර නොනවතින තරඟයක් තියනවා. ජනතාව එකතු කරන ආකෘති වගේම තමන්ට වාසිදායක සමාජ මත නිර්මාණය කරන්න දෙන්නම එක එක උපක්රම යොදනවා.
ඒ වෙනුවෙන් හදාගත්ත විශාල සමාජ මාධ්ය හිමිකමක් සහ මූල්ය බලයක් ඒ දෙන්නටම තියනවා.මේ දවස්වල සජිත් – අනුර සටන සමාජ මාධ්ය ඇතුලේ ලොකුවට ඇවිලෙමින් තියනවා.පහුගිය කාලේ මාලිමාව පැත්තෙන් ජනමත සමීක්ෂණ කරමින් තමන් දැනටමත් දිනුම් කියලා කියන්න උත්සහ කළා. මාලිමාව දිගටම ඉදිරිපත් කරපු ජනමත සමීක්ෂණ වාර්තාවලට අනුව අනුර 51% කේ සීමාව පහුකරලා හිටියා.
ජවිපෙ සහ මාලිමාවේ නායකයින් දිගින් දිගටම ජනමතයට බලපෑමා කරන්න මේ ජනමත සමීක්ෂණ වාර්තා පාවිච්චි කළා.ඒ සමීක්ෂණ වාර්තාවලට අනුව අනුර 51% ක සීමාවේ.සජිත් 35% – 39 % සීමාවේ සහ රනිල් 5% – 9% අතර සීමාවෙත් තියලා තිබුණා.රටේ රාළ දිගටම කිව්වේ මේ සමීක්ෂණ වැරදියි කියලයි.නියදිය තෝරා ගත්ත තැන ඉදින් මේ සමීක්ෂණ වැරදියි.
ඒ කියන්නේ මැතිවරණයක ප්රතිඵලය ආසන්න වශයෙන් හරි ප්රකාශ කරන්න පුළුවන් තරමට දේශපාලන කදවුරු සහ අපේක්ෂකයන් නිශ්චිත වෙලා නැති මොහොතක,ජනමනසේ ලොකු දෝලනයක් තියන වෙලාවක කරන සමීක්ෂණවල ප්රතිපල වැරදියි. ඇත්තටම නියම ප්රතිපල ගන්න යොදාගන්න නියැදිය සහ යොදාගන්න අවස්ථාව නිවැරදි වෙන්න ඕනි.කොහොම උනත් මාලිමාවේ ඡන්ද ප්රතිශතය වර්ධනය වෙලා කියන එක පිලිගන්න වෙනවා.
හැබැයි මේ වෙලාවේ ජනාධිපතිවරණය ජයග්රහනය කරන්න තරම් ඡන්ද පදනමක් මාලිමාවට නෑ.මාලිමාවත් ඉන්නේ ජයග්රහණයට ගොඩක් පිටිපස්සෙන්.මාලිමාව විතරක් නෙවෙයි ජයග්රහණය කියන තැනට තවමත් කිසිම අපේක්ෂකයෙක් ඇවිත් නෑ.දැන් ජනමත සමීක්ෂණ වාර්තා දාලා ජනතාව අන්දන වැඩේට සජබයත් බැහැලා.එයාලා ඒක කරන්නේ මාලිමාවට attack එකටත් එක්ක.පහුගිය දවසක සජබයට වාසි සහගත ජනමත සමීක්ෂණ වාරාතාවක් එලියට ආවා.
ඒකට අනුව දැනට සජිත් 39% ක ප්රතිශතයක් අරන් ඉන්නවා.අනුර 20% ක ප්රතිශතයක ඉන්නවා. පොහොට්ටුව 9% ක් සහ රනිල් 5% ක ප්රතිශතයක ඉන්නවා.මේ සමීක්ෂණයට අනුව තවමත් 24% ක ජනතාවක් තමන්ගේ ඡන්දය සම්බන්ධව අවසන් තීරණය අරන් නෑ.දැන් මේ සමීක්ෂණ වාර්තාව එලියට දාගෙන සජබේ ගොඩහේවලා,මරික්කාර්ලා සජිත්ට වාසිදායක මතයක් ගොඩනගන්න හදනවා.
එයාලා කියන්නේ දැනට ඡන්දය භාවිතා කිරීම සම්බන්ධව තීරණයක් අරන් නැති 24 % න් වැඩි කොටසක් ඉදිරියෙන් ඉන්න අපේක්ෂකයත් එක්ක එකතු වෙනවා කියලයි.ඒ අනුව සජිත් දිනනවා කියලා එයාලා වෙනම කෝවක් හදාගෙන.සජබය පෙනී ඉන්න මේ ජනමත සමීක්ෂණයට නිශ්චිත අයිතිකාරයෙක් නෑ. කොහොම උනත් මාලිමාව පැත්තෙන් ඉදිරිපත් කරපු සමීක්ෂණ වාර්තාවලට වඩා යම් ප්රායෝගිකකමක් මෙතන තියනවා.
මාලිමාවේ වාර්තාවලට අනුව අනුර දැනටමත් දිනලා අවසන්.ඡන්දයක් ප්රකාශ කරලා නැති අවස්ථාවක එහෙම කියන එක අස්වාභාවික තත්වයක්.සජිත් 39% ක් අරන් ඉදිරියෙන් ඉන්නවා කියන සමීක්ෂණ වාර්තාවේ අඩුව විදිහට රටේ රාළ දකින්නේ ඒ ගාන තවත් 10% කින් විතර අඩුවෙලා ඒකෙන් කොටසක් (3%) මාලිමාවට සහ තවත් කොටසක් (7%) ඡන්දය සම්බන්ධව තීරණයක් අරන් නැති ගොඩට එකතු වෙන්න ඕනි කියලයි. මේ සමීක්ෂණ වාර්තා දෙකට අනුව අපට එන්න පුළුවන් පැහැදිලි තීරණයක් තියනවා.
ඇත්තටම මේ සමීක්ෂණ කරන්නේ එයාලම තමයි.ඒවා අමු පක්ෂග්රාහී. තමන්ගේ ගාණ වැඩිකරලා පෙන්නලා තමන්ගේ ඕඩියන්ස් එක ෆෝම් කරගන්න එක තමයි මෙතන ඉලක්කය.මාලිමාවේ සහ ජවිපෙ ඉන්න සාමාජිකයෝ ගොඩදෙනෙක් මේ සමීක්ෂණ වාර්තාවලට මුලා වෙලා.සජබෙ අයත් එහෙමයි. මෙතනදී අනුර සහ සජිත් දෙන්නම දන්නවා එයාලා මොනවා කිව්වත් ඒක ඉස්මුදුනෙන් පිලිඅරන් කර තියාගෙන යන්න ගිරාපෝතක සහ වහල්ලු සෙට් එකක් එයාලට ඉන්නවා කියලා.
මේ ඇන්ඳවීම ඇතුලේ මෙහෙම උපක්රමයක් තියෙන්නත් පුළුවන්. රටේ රාළ දිගටම කිව්වේ අනුරටවත් සජිත්ටවත් මේ රට ගොඩනැගීමේ වැඩපිලිවෙලක් නෑ.අනුරලා කරන විප්ලවයකුත් නෑ.දෙගොල්ලොම කරන්නේ රනිල් කරන දේම තමයි. එතනත් තියෙන ප්රශ්නය මෙයාලට රනිල් කරන මට්ටමින් ඒ වැඩේ කරන්න බැරි එකයි.ඒක දැන් ටික ටික ජනතාවට දැනෙමින් තියනවා. තුන්ගොල්ලොම එකයි කියලා ජනතාව තේරුම් ගැනීම සජිත්ට සහ අනුරට ලොකු ප්රශ්නයක්.
සජිත් කොහොමත් එහෙමයි කියන එක රටම දන්නවා.සජිත්ගේ දේශපාලන ගුරුවරයා රනිල්. භැබැයි අනුර රනිල්ගේ ක්රමය ගෙනියනවා කියලා අනුරට කටක් ඇරලා කියන්න බෑ.ඒක නිසා රනිල් කරන වැඩේම වෙන විදිහකට කියන්න අනුරලා උත්සහ කරනවා. සජිත් වගේම අනුරත් රනිල්ගේ ගෝලයෙක් තමයි.වෙනසකට තියෙන්නේ සජිත් රනිල්ගෙන් පොලිටිකල් ටියුෂන් ගත්තේ Hall Class වල.අනුර රනිල්ගෙන් ටියුෂන් ගත්තේ Group Class වල.ඒ කියන්නේ ගෙදරටම ගෙන්න ගෙන.
එකම ක්රමයක් රකින්න සටන් කරන රනිල්,සජිත්,අනුර තුන් දෙනාගේ තියරිය සමානයි.රනිල් තමන් පිලිගන්න තියරිය ප්රායෝගිකව භාවිතා කරමින් ඉන්නවා.අනුර සහ සජිත් තමන්ට ආවේනික හාෂාවලින් ඒ තියරිය කියව,කියව ඉන්නවා.ඒ දෙන්නගේම ප්රැක්ටිකල් නෑ.ජනතාව ඒ ප්රශ්නය අහන්න හදනකොට බොරු ජනමත සමීක්ෂණ වාර්තා පෙන්නලා දෙන්නම තමන්ගේ සාමාජිකයෝ ගොනාට අන්ඳවා.ඒ සාමාජිකයෝ කෙලින්ම ගොනා වී ඉන්න පට්ට කැමතියි.අඩුම ගානේ එයාලට ගොනාසේ ඉන්නවත් හිතෙන්නේ නෑ.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 2 people and text

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *