|

බොරළුගොඩගෙනුත් වැඩක් ගමු – අස්පට් ෂූටිං.

May be a doodle
ආයුබෝවන් මචංලා……..මොනවද මචං අර නා මලයා කියන කතා.නා මලයයි,අප්පච්චියි, බාප්පොච්චියි මාර විදිහටනේ මල් පොහොට්ටු සෙට් එකට ප්රෙෂර් කරන්නේ.
මචං General එකකට කැමති වෙන්න කියලා උන්ව මරාගෙන කන්න හදනවා.General එකකට යන්න ඕක ඇතුලේ ඉන්න එකෙක්වත් කැමති නෑ.ගියොත් ආය එන්නේ නැති බව ගොඩදෙනෙක් දන්නවා.
වෙන එකක් තියා ලොකු අප්පච්චිවත් කැමති නෑ. එහෙම තියෙද්දී තමයි නා මලයා කියන්නේ ඕනි කෙනෙකුට පෞද්ගලික මත තියෙන්න පුළුවන්,හැබැයි ඔක්කොම අවසානේ පක්ෂ මතයට එකඟ වෙන්න ඕනි කියලා.
ඒක මචං තනිකර තඟ් පාට් එකක්.ඔය පක්ෂේ මතය කියලා කියන්නේ වෙන මොකවත් නෙවෙයි පවුලේ මතය.මචං රට බංකොලොත් කරලා,පාරට බැහැගන්න බැරිව කරමුලටම හිරවෙලා ඉන්න පවුල බේරගන්න බෙල්ල දීපල්ලා කියලනේ ඔය කියන්නේ.
මචං පවුලේ අය තවමත් මල් පොහොට්ටුකාරයින්ට සළකන්නේ වහල්ලුන්ට විදිහට.අස්පට් ෂූටිං කියන්නේ ඒ මිනිස්සුන්ට වහල්ලුන්ට විදිහට සළකණ එක වැරදියි.හැබැයි මචං තවමත් මේ යක්කුන්ගේ වහල්ලු විදිහට ඉන්න එක ඊටත් වැඩිය වැරදියි.ඒකට උන්ට වෙනම අරන් ගහන්න ඕනි.
මචං රෝමයේ වහල්ලුවත් ඔහොම නිවටවුනේ නෑ.තවමත් බයේ කියන කියන එකට අත උස්සනවා නං මේ තමයි නියම නැට්ට තියන වහල්ලු. රටේ සාරය ඔක්කොම පවුලට උරා බීලා.හපේ විතරක් ඉතුරු කරලා. දැන් හපෙත් හපාගෙන කන්න පොටකටනේ ඔය එන්න හදන්නේ.
මචං අපිට බැරිද ඔය මර උගුලෙන් වහල්ලු ටික ගලවාගන්න මාර්ගයක් පෙන්නලා දෙන්න.පව්නේ මචං කොච්චර උනත් මේ රටේ මිනිස්සුනේ.මෙච්චර කල් කාපු එක තව අවුරුදු එකහමාරනේ බං ඕකත් කාලම යන්න කියමු..
අස්පට් ෂූටිං කියන්නද මචං වැඩේ ගොඩ යන විදිහක්.ඔය වලියට හාමු බැස්ස් නං විෂෙන් විෂ නසන්න තිබ්බා.ඔතනදී හාමු නිව්ට්රල් ඉන්න එකත් හොඳයි.
මචං ඔය වැඩේට අල්ලන්න හොඳම කෙනා බොරළුගොඩ.කවුන්සිලේ ඩිස්සෝල් කලොත් බොරළුගොඩට වැලේ වැල් නැතිවෙනවා.ලොකුම ඩැමේජ් එක වෙන්නේ බොරළුගොඩට.පූරුවේ පිනකට හම්බවුන prime minister කම ආය මේ ආත්මේ හම්බ වෙන්නේ නෑ කියලා බොරළුගොඩත් දන්නවා.
මහ පුටුවේ අපේක්ෂකත්වය කවදාවත් බොරළුගොඩට දෙන්නේ නෑ.ඊළඟ පාර තරඟකරලා දිනන්නත් ලේසි නෑ.ලිස්ට් එකට දැම්මත් එන්න හම්බවෙයිද ෂුවර් නෑ.ඒක නිසා මචං බොරළුගොඩ තියන එකම විසදුම පුඵවන් තරම් කාලයක් ඔය තියන පුටුවේ ඉන්න එකයි.
මචං ඒක නැති කරන්න පවුලේ සෙට් එක හදනවා කිව්වම බොරළුගොඩට අසූහාරදාහට නගිනවා.බොරළුගොඩ කොච්චර පතෝල උනත් මේ සටන මඟාරින්නේ නෑ.මේක බොරළුගොඩ වෙනුවෙන් කරන සටනක් කියලා පෙන්නපං.
බහුතරය ඉන්න නිසා බය වෙන්න දේකුත් නෑ.හිටංට,හාමුට පැරදුන පවුලේ සෙට් එක මේ සැරේ බොරළුගොඩටත් පරදිනවා.මචං කට්ටියට කියපං බොරළුගොඩගෙන් ගන්න තියන එකම,හොඳම සහ අවසන් වැඩේ ඕක කියලා.
අස්පට් ෂූටිං
May be a doodle

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *