|

පබේතිස්ස සර්පයා දුටුවාද? අස්පට් ෂූටිං.

May be a doodle
ආයුබෝවන් මචංලා……බුදු හාමුදුරුවෝ දවසක් කිසාගෝතමීයට කියලා තියනවා එයාගේ මැරිච්චි දරුවට පණ අරන් දෙන්න නං කිසිවෙක් නොමල ගෙයකින් අබ මිටක් අරන්න එන්න කියලා.
ඒ කතාව මතකද මචං.
අස්පට් ෂූටිංට ඔය කතාව කියලා දුන්නේ ඒ කාලේ දහම් පාසැලේ ලොකු හාමුදුරුවෝ.මචං අපි,උඹලට තවමත් ඒ කතා මතක තිබුණට දැන් ඉන්න සමහර සාදුලාටත් ඒවා මතක නෑනේ.
බුදු හාමුදුරුවෝ කිසාගෝතමියට එහෙම කිව්වේ හැම කෙනාම මැරෙනවා,මැරුණ කෙනකුට ආය පණ දෙන්න බෑ කියලා වටහලා දෙන්නනේ.මචං ඕක හරි සරල කතාවක් උනාට ගොඩක් අයට තේරුම් ගන්න බැරි එකනේ පුදුමේ.
කිසාගෝතමී පුතා මැරුණ බව දැනගෙන තමයි පණ අරන් දෙන්න කියලා බුදු හාමුදුරුවන්ගෙන් ඉල්ලුවේ.පස්සේ කිසාගෝතමියට තේරුණා ඒක බුදුන්ටවත් කරන්න බැරි වැඩක් කියලා.
මචං අද කාලෙත් කිසාගෝතමී වගේ අම්මලා,තාත්තලා ඉන්නවා. බලපං මචං තමන්ගේ පවුලේ දේශපාලනය මැරිලා තියෙද්දී පුතාගේ දේශපාලනයට පණ දෙන්න හදන අප්පච්චි කෙනෙකුත් මේ දවස්වල එහේ මෙහේ දුවනවා පේනවා නේද?
පව් මචං වලපයයි,ගොඩපයයි තියාගෙන ඔහොම මහන්සිවෙන අප්පච්චිලා හරිම අඩුයි.
ඒත් මචං පිය සෙනෙහස කියන්නේ මාර දෙයක්.අර සින්දුවකුත් තියෙන්නේ පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදී කියලා.මචං පිය සෙනෙහසට මෑන් මොනවා කලත් කමක් නෑ කියමුකෝ.ඒත් මචං මැරිච්චි දේකට පණ දෙන්න බෑ කියලා නොතේරෙන සුදු සමාජයේ අයත් තවම ඉන්න එකනේ පුදුමේ.
මේ ලගදී අපිපච්චිත් එක්ක සාදුලා ටිකක් පුතාගේ මැරිච්චි දේශපාලනයට පණ දෙන්න සඟ සමුළුවක් කැදවලා තියනවා දැක්කද?ඊයා…..මචං සාදුලා පනහක්වත් නෑ.ගිහියෝ 15 ක් නෑ. ලැජ්ජාවේ බෑ මචං.
කොහොමද මචං පණ තියන කාලේ කට්ටිය තියපු සඟ සමුළුයි දැන් තියන සමුළුයි අතර වෙනස. ඉස්සර මුළු සුගතදාසෙම කසාවතින් බබළවනවා නේද?දැන් මචං නාගානන්දේ තියන පුටු දෙතුන් සීයත් වේලෙනවා.
ලැජ්ජාව කියන්නේ ඒකේ මූලිකයා වෙලා තියෙන්නේ අර 20ට කඩේ ගිය පඹේතිස්සනේ.මචං ඉස්සෙල්ලාම මිනිහා අල්ලලා මහණ කලොත් මොකද?එතකොටවත් බුදු බණ ටිකක් හරි අහලා මැරුණ දේවල්වලට පණ දෙන්න බෑ කියලා තේරුම් ගනිනේ.
බලපං මචං අප්පච්චිලට,පුතාලට, පඹේතිස්සලට ඔය ඇත්ත නොතේරුණාට අර දේවදත්තයා වගේ ඉන්න Mr ten percent කාරයාට වැඩේ තේරිලා.අන්න මචං man පාන්දරම හාමුට පේන්න සුදු කොඩිය දාලා.
අස්පට් ෂූටිං.
May be a doodle

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *