|

පිස්සු නැත්තං ෂෝක් – අස්පට් ෂූටිං

May be an illustration
ආයුබෝවන් මචංලා……කිව්වට තරහා වෙන්න එපා මචං……මේ පාර අස්පට් ෂූටිනුත් තීරණය කළා පුතානෝ ජනාධිපතිතුමාගේ දෑත් ශක්තිමත් කරන්න.ඇයි මචං කාලයක් තිස්සේ උඹලා අපි බලා හිටියේ මේ රට ගොඩදාන්න පුඵවන් පස් අවුරුදු සැලැස්මක් තියෙන්නේ කා ළඟද කියලනේ.
මචං….හාමුගේ තියෙන්නේ අයිඑම්එෆ් යෝජනා විතරයි.වෙන මොකුත් program නෑ.විකිණීම,ප්රති ව්යුහගතකරණ විතරමයි.හැමදාම ණයවෙලා,තියනදේ විකුණගෙන කාලා හරියනවද මචං.
අස්පට් ෂූටිං හාමුව රිජෙක්ට් කළා.
ඊළඟට අස්පට් ෂූටිං සලකලා බැලුවේ අපේ ලප කුමාර සහෝදරයාගේ ආර්ථික වැඩපිලිවෙල ගැන.ඒක මචං ෂූවර් නෑනේ.අද කියන එක නෙවෙයි හෙට කියන්නේ.බලපං ගණිකා වෘත්තිය නීතිගත කරනවා කියලා පස්සේ නෑ කිව්වා.දර ලිප අනිවාර්ය කරනවා කියලත් පස්සේ නෑ කිව්වා.
ජෙප්ස්ලගේ එක වචනයක් නෑනේ මචං.වැඩපිලිවෙලත් පැහැදිලි නෑ.
අන්න ඒකට අපේ පුතානෝ.ආය දෙකක් නෑ කෙලින් කතාව.ඔය පොඩි පොඩි ටොයිෂ් වැඩ නෑ. ඔක්කොම මහා පරිමාණ ආයෝජන. ආය නෑ මචං අවුරුදු පහෙන් රට ගොඩ.පුතානෝ ආණ්ඩුව ගත්ත ගමන් මේ රටේ නව ව්යාපාර මිලියනයක් ආරම්භ කිරීමට අවශ්ය වැඩපිලිවෙල දැනටමත් සකස් කරලා ඉවරයි.
ඒකෙන් මචං ආර්ථිකය ප්රසාරණය වෙලා ජනතාව අතර මුදල් සංසරණය වෙන්න පටන් ගන්නවා. අතේ මිටේ සල්ලි ගැවසෙන කොට ජනතාවගේ ක්රය ශක්තිය ඉහළ යනවා.ඒ ඇතිනේ…..මචං…අවුරුදු පහෙන් රට ගොඩනේ.
දැනටත් මේ රටේ කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාර දහ දාහක්වත් ඇතිනේ.අවුරාදු පහක් ඇතුලත මචං තව ලක්ෂ දහයක් හදනවා කියන්නේ කොහොමද?
අලුතෙන් ව්යාපාර දශ ලක්ෂයක් හැදෙනවා කියන ඒකම ඇතිනේ මචං.බලපං එතකොට අවුරුදු පහ ඇතුලත හැම අවුරුද්දකටම නව ව්යාපාර ලක්ෂ දෙකක් ඇති වෙනවා. ඒ කියන්නේ මචං හැම දවසකටම නව ව්යාපාර 547 ක් බිහි වෙනවා.
කොහොමද ඒක.
අවුරුදු පහ ඉවර වෙනකොට කොහොම තියෙයිද?ආය මේක සුරපුරයක් තමා.අපේ රටේ පොඩි ලමයිනුත් එක්ක ජනගහනය මිලියන 22 යි.මචං නව ව්යාපාර දශ ලක්ෂයක් ඇතිවෙනවා කියන්නේ හැම 22 දෙන්නගෙන්ම එක්කෙනක් ව්යාපාර හිමියෙක්.
ඉස්කෝල ටික කෝටිපතියන්ට බාර දුන්නම ඔය ගාන තවත් අඩුවෙලා හැම හත අටකටම ව්යාපාරිකයෙක් හැදෙනවා.
මචං නිකං හිතපං හයක් හතක් ඉන්න පවුලකට කෙලින්ම ව්යාපාරයක් කරගෙන.බය නැතිව ජීවත් වෙන්නත් පුළුවන්.ඕකෙන් මචං ජනගහන වර්ධන වේගයත් ටිකක් වැඩිවෙයි.අත මිට සරු වෙනකොට අපේ එවුනුත් නිකං ඉන්න එකක් නෑනේ.
ඊළගට මචං ඔහොම කළොත් ජනතාව තවත් පහක් දෙනවමනේ. මචං හාමු කියන විදිහට හාමුට දීලා රට සංවර්ධනය කරගන්න 2048 වෙනකං බලා ඉන්න ඕනි නෑ.24 දී පුතානෝට දුන්නොත් 29 දී රට ගොඩ.
පිස්සු නැති අයට ෂෝක් සුරංගනා කතාවක් නේද මචං ඒක.
අස්පට් ෂූටිං.
May be an illustration

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *