|

ආර්ථිකයේ සියයට 4.5 ක වර්ධනයක්

පසුගිය 2023 වසරේ අවසාන  කාර්තුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සියයට 4.5 ක වර්ධනයක් සිදු වී ඇති බව රජයේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වාර්තා කොට ඇත.

ඒ අනුව වසරේ මුල් කාර්තු දෙකේ දී පිරිහීමක් වාර්තා කළ ආර්ථිකය තුන්වන කාර්තුවේ සිට වර්ධනය වන්නට පටන්ගෙන ඇති බව තහවුරු වෙයි.

මෙම කාර්තුව තුළ කර්මාන්ත ක්ෂේත්‍රයේ සියයට 7.9 ක වර්ධනයක් පෙන්නුම් කොට ඇති අතර සේවා අංශයේ වර්ධනය සියයට 2.8 කි. කෘෂිකර්මයේ වර්ධනය සියයට 0.6කි.

වසරේ මුල් කාර්තුවල ආර්ථික පසුබැස්ම නිසා සියයට 3 ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කළ වසරේ සමස්ත ආර්ථික පසුබැස්ම සියයට 2.4 ක් දක්වා අඩු වී තිබේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල 2024 වසර සඳහා ආර්ථික වර්ධනය ඇස්තමේන්තු කොට තිබුණේ සියයට 1.8 වශයෙනි. ඒ අනුව 2023 වසරේ අවසන් කාර්තුවේ සියයට 4.5 ක වර්ධනයක් ලබා ගැනීම ඉතා ම සතුටුදායක තත්ත්වයක් ලෙස සැලකෙයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *