ඉදිරි ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කාටද? – රටේ රාළ

May be an image of 3 people and dais
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පහුගියදා මෙරටට පැමිණියේ ලොකු කතා ගොඩක් කියාගෙන.මේ දවස්වල බැසිල් අයියාගේ මාධ්ය ප්රකාශකයා වෙලා ඉන්නේ උදයංග මල්ලී.බැසිල් එන්න ඉස්සෙල්ලා ඉඳන් උදයංග දෙඩවපු වහසි බස් දැන් එකින් එක බොරු වෙන්න පටන් අරන්.උදයංග කිව්වේ රනිල් බැසිල්ට පාර්ලිමේන්තුව විසුරවන්න පොරොන්දුවක් වෙලා තියනවා කියලයි.
උදයංගට අනුව බැසිල් ඇවිත් තියෙන්නේ පොහොට්ටුවේ මහ මැතිවරණ කැම්පේන් එක මෙහෙයවලා අගමැති වෙන්න. හැබැයි බැසිල් ගුවන් තොටුපලෙන් එලියට එනකොට මධ්යවලට දුන්න උත්තරවලින් තහවුරු උනේ බැසිල් සහ රනිල් අතර එහෙම එකඟතාවයක් නැති බවයි.බැසිල් කිව්වේ පාර්ලිමේන්තුවේ බහුතරයකගේ කැමැත්තෙන් පාර්ලිමේන්තු විසිරිලා මහ මැතිවරණයක් ගන්න පුළුවන් කියලයි.
බැසිල්ගේ ඒ කතාවෙන් තේරෙන්නේ පාර්ලිමේන්තුව විසිරවීම බැසිල්ගේ උවමනාව වෙනුවෙන් කරන්න රනිල් ලෑස්ති නෑ කියන එකයි. පාර්ලිමේන්තුව විසිරවීමට මන්ත්රීවරුන්ගේ අත්සන් ගන්න උනත් ලෑස්තියි කියලා පොහොට්ටුව දුන්න පොර ටෝක් සියල්ල ලත් තැනම ලොප්.පාර්ලිමේන්තුව විසුරවන්න අත්සන් කරන්න කිසිම පොහොට්ටු මන්ත්රී කෙනෙක් ඉදිරිපත් වෙලා නෑ.වෙන්නෙත් නෑ. අඩුම ගානේ කිසිම රාජපක්ෂ කෙනෙක්වත් ඉදිරිපත් වෙලා නෑ.
ඊළඟ මහ මැතිවරණයෙන් හම්බන්තොට දිස්ත්රික්කයෙන් රාජපක්ෂලා දෙන්නෙකුට දිනන්න බෑ.එකක් එන්නෙත් පට්ට අමාරුවෙන්.ඒ බව දන්න චමල්වත් පාර්ලිමේන්තුව විසිරවීමේ යෝජනාවට අත්සන් කරන්නේ නෑ. ඇත්තටම එහෙම යෝජනාවක් ඇත්තෙත් නෑ.මේවා ඔක්කොම රාජපක්ෂලාගේ ගොන් පාට් බව ඕනි කෙනෙක් දන්නවා.ඒ සියලු ගොන් පාට්වලින් තහවුරු වෙන්නේ ඊළඟට එන මැතිවරණය ජනාධිපතිවරණය කියන එකයි.
රටේ රාළ කියන්නේ මොන මැතිවරණය ආවත් රාජපක්ෂලා අතුගෑවිලාම යනවා කියලයි.දැන් ජනාධිපතිවරණය ස්ථිර නිසා තවදුරටත් රාජපක්ෂලාගේ බයිලා ගැන කතා කරලා වැඩක් නෑ. ජනාධිපතිවරණයට කට්ටියගේ තියන සුදානම ගැන කතා කිරීම ඊට වැඩිය වටිනවා.ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න සුදානම් වෙන අපේක්ෂකයෝ කීපදෙනෙක්ම දැන් ඉන්නවා.රනිල්,සජිත්,අනුර, චම්පික,දිලිත්,ෆොන්සේකා වගේ අය ඉන් ප්රධානයි.
ඒ කියන්නේ දැනට පිටියේ තියෙන්නේ බහුකොන් සටනක්.රටේ රළ කියන්නේ දැනට සටන බහුකොන් වගේ පෙනුනත් ජනාධිපතිවරණයේ නාමයෝජනා භාරගැනීම වෙනකොට සටන දෙකොන් සටනක් වෙන එක නවත්තන්න බෑ.දැනට එනවා කියන මේ අපේක්ෂකයෝ අතරත් ඉවත්වීම්,ආදේශ කිරීම් වගේම එයාලා ජනාධිපතිවරණයට කරන බලපෑම්වල විවිධ වෙනස්කම් වෙන්න පුළුවන්.මොකද ජනාධිපතිවරණයට තවත් සැලකිය යුතු කාලයක් තියනවා.
රටේ රාළ නං තවමත් කියන්නේ ජනාධිපතිවරණ සටන විවෘත එකක් කියලයි.මේ කිසිම අපේක්ෂකයෙකුට ලේසියෙන් ජනාධිපතිවරණය දිනන්න බෑ.දියුණු උපක්රම පාවිචිචි කරන්න පුළුවන් කෙනාට අවසාන මොහොතේ තරගයෙන් ඉස්සරහට එන්න පුළුවන් වෙයි.ඒත් සියට පනහයි තවත් එක ඡන්දයක් ගැනීම අභියෝගයක්.රනිල්ට ජනාධිපතිවරණය දිනන්න නං රනිල් සමස්ථ රටේ ඉන්න සියලුම ජන කොටස් නියෝජනය වෙන සන්ධානයක් හදන්න ඕනි.
ඒක එජාපය වටා හැදෙන සන්ධානයක් නෙවෙයි.රනිල් වටා හැදෙන සන්ධානයක්.එජාපයත් ඒක ඇතුලේ හිටියි.ඒ වගේ උතුරේ, නැගෙනහිර සහ වතුකරයේ බහුතර ඡන්ද පදනම රනිල්ට ගන්න පුළුවන් වෙන්න ඕනි.ඊට අමතවර රනිල් හදන සන්ධානයට පොහොට්ටුවේ,සජබ සහ ශ්රිලනිප බහුතර බලවේගය රනිල්ට ගන්න පුළුවන් වෙන්නත් ඕනි.මේ කාරණා ටික සම්පුර්ණ කරලා රටේ ජනතාවට ආර්ථික වශයෙන් සහන සලසන වැඩපිලිවෙලකට යන්න පුඵවන් නම් රනිල්ට දිනන්න පුළුවන්.
සජිත්ට දිනන්න නං සජිත් ඉස්සෙල්ලාම කරන්න ඕනි එන මාර්තු,අප්රියෙල් කාලය ඇතුලත සජබයේ මේ තියන මට්ටමවත් ආරක්ෂා කර ගැනීමයි.එහෙම ආරක්ෂා කරගත්තොත් විතරයි සජිත්ට උතුරේ,නැගෙනහිර සහ වතුකරයේ අවධානය දිනා ගන්න පුළුවන් වෙන්නේ.ඒ වගේම සජිත්ට දිනන්න නං රනිල් අනිවාර්යයෙන්ම තරඟයෙන් අයින් කරන්න ඕනි. සජිත්ගේ දේශපාලන චර්යාවේ ලොකු වෙනසක් රටට පෙන්නන්නත් වෙයි.
සජිත්ගේ වන් මෑන් ෂෝ එකයි,යල් පැනපු රණසිංහ ප්රේමදාස සංකල්පයි එක්ක නං කවදාවත් සජිත්ට දිනන්න බෑ.එහෙම උනොත් ජනාධිපතිවරණයෙන් පස්සේ සජිත්ගේ දෙවන වනගත වීමත් අනිවාර්යයි.අනුර දිසානායකට දිනන්න නං එයාලා ඉස්සෙල්ලාම රටට හරි වැඩපිලිවෙලක් ඉදිරිපත් කරන්න ඕනි.අද එලියට දාන එක හෙට නෑ කියන ජාතියේ වැඩපිලිවෙලක් නං හරියන්නේ නෑ. නැත්තං අර දර ලිප් කතාව වගේ උදේ හවස පැහැදිලි කරීම් කරකර ඉන්න වෙනවා.අනුරට දිනන්න නං ජනාධිපතිවරණ සටන තුන් කොන් එකක් වෙන්න ඕනි.
සටන තුන් කොන්,සිව්කොන් වෙන තරමට සටනේ වාසිය තියෙන්නේ අනුරට.ඒ වගේම අනුරලාගේ මෝඩ උද්දච්චකම සහ වැරදි අධිතක්සේරුව පැත්තකින් තියලා බලවේග එකතු කරගැනීමේ මෙහෙයුමකට යන්න ඕනි.අනුරට මෙතනින් එහාට තමයි දුෂ්කරම කාලපරිච්ඡේදය එන්නේ.මොකද අනුරලාට තීරණාත්මක ප්රහාරය එල්ල වෙන්න පටන් ගන්නේ මැයිවලින් පස්සේ.ඒකත් එක්ක බලවේගය පවත්වාගෙන යෑම එයාලට අභියෝගාත්මකයි.
විශේෂයෙන් සුළු ජාතික ඡන්ද පදනම ආමන්ත්රණය කරන්න වැඩපිලිවෙලක් මාලිමාවට තියෙන්න ඕනි.දකුණේ ඉන්න දෙමල,සභ මුස්ලිම් ජනතාවට වඩා වෙනස් මතවාද දරණ දෙමළ සහ මුස්ලිම් ජන කොටස් ජීවත් වෙන උතුරු නැගෙනහිර සහ වතුකරයේ සුළු ජාතික ඡන්ද දිනා ගැනීමේ වැඩපිලිවෙලක් තවමත් මාලිමාවට නෑ.
ඇත්තටම මේ ජනාධිපතිවරණය ජයග්රහණය කිරීමේ දුෂ්කරම තැන ඉන්නේ දිලිත්,චම්පික,සහ ෆොන්සේකා බව පිලිගන්න වෙනවා.
විශේෂයෙන්ම දිලිත්ගේ මතවාදී පදනමේ වෙනසක් නොවී දෙමළ සහ මුස්ලිම් ඡන්ද ආකර්ෂණය කරගන්න බෑ.රටේ රාළ විශ්වාස කරන විදිහට දිලිත්ට,චම්පිකට සහ ෆොන්සේකට තියෙන්නේ එකම වර්ගයක දුෂ්කර අවස්ථා තුනක්. එයාලට දිනන්න නං ප්රධාන කදවුරේ එකතුවකින් එයාලා තුන්දෙනාගෙන් කෙනෙක් පොදු අපේක්ෂකයා වෙන්න ඕනි.ඒ හැර ක්රමයක් දැනට නම් පේන්නේ නෑ.
භරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ
May be an image of 3 people and dais

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *