|

රනිල් ගැන විජිත හේරත්ගෙන් ටොන් පචයක් ! “සැබෑව”ට බය වී දැයි සැකයක් !!

මහ බැංකු වංචාවේ චෝදනාවලින් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මුක්තිය යොදාගෙන නිදහස් වූ බවට ජාතික ජන බලවේගයේ ඉහලම නායකයකු වන විජිත හේරත් මහතා අද කළ ප්‍රකාශය සම්පුර්ණ අසත්‍යයක් බවත්, එබඳු කිසිදු චෝදනාවක් රනිල් වික්‍රමසිංහ මහතාට එල්ල වී නොතිබූ බවත්, දේශපාලන අංශ ප්‍රකාශ කරයි.

මහ බැංකුවේ වංචාව යැයි විපක්ෂය දිගින් දිගට කියන ගනුදෙනුවේ වංචාවක් සිදු වී නැති බව දැන් තහවුරු වී ඇති බවත්, ජනාධිපති කොමිසම රනිල් වික්‍රමසිංහ මහතාගේ නිදොස් බව පැහැදිලිව ප්‍රකාශ කළ බවත් කියන එම දේශපාලන අංශ කුලියාපිටියේ “සැබෑව” රැළියෙන් තැතිගෙන සිටින ජාජබය රනිල්වික්‍රමසිංහ මහතාට මැද ගැසීම ආරම්භ කොට ඇති බව මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වන බවත් කියයි.

මහ බැංකු ගනුදෙනුවට රනිල් වික්‍රමසිංහ මහතගේ හෝ එජාපයේ හෝ සම්බන්ධයක් නැති බව එම සිදුවීම පරීක්ෂා කළ ජනාධිපති කොමිසම ප්‍රකාශ කොට තිබිණි. ඔවුන්ගේ වාර්තාවේ 30 වැනි පරිච්චේදය සම්පුර්ණයෙන් වෙන් කර තිබුණේ එම ප්‍රශ්නය පිලිබඳ තම නිගමන ප්‍රකාශ කිරීමට ය.

සුනිල්හ ඳුන්නෙත්තිගේ සභාපතිත්වයෙන් යුත් කෝප් කමිටුවේ වාර්තාව ද පිළිගෙන නැති ජනාධිපති කොමිසමේ නිගමනය වුයේ එයට එජාප මන්ත්‍රීවරුන් එකතු කළ පාද සටහන් නිවැරදි බව යි.

මහ බැංකු කොල්ලයක් ගැන රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා කළ කිසිවෙකු ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි දීමට ඉදිරිපත් වුයේ නැත. කොමිසමේ කැඳවීමක් අනුව ගිය බන්දුල ගුණවර්ධන මහතා ලිඛිත වාර්තාවක් දීමට පොරොන්දු වුව ද එවැන්නක් නොලැබුණු බව ද කොමිසන් වාර්තාවේ සඳහන් ය.

කරුණු එසේ වී තිබිය දී මේ මොහාතේ පැරණි බොරු චෝදනාව යලි සමාජ ගත කරන්නට විජිත හේරත් මහතා මේ මොහොතේ උත්සහ දරන්නේ දේශපාලන තැති ගැනීමක් නිසා බව දේශපාලන අංශවල විශ්වාසය වී තිබේ.

විජිත හේරත් මහතාගේ ප්‍රකශය දේශපාලනයේ නව වර්ධනයන් තක්සේරු කර ගැනීමට උපකාරයක් බව එකී දේශපාලන අංශවල මතය වී තිබේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *