රනිල් කුලියාපිටියේදී කළේ කුමක්ද? – රටේ රාළ

May be an image of 1 person and dais
මාර්තු 10 වෙනිදා කුලියාපිටියේ තිබුණ එජාප රැළිය සාර්ථක එකක් බව කුහක නැතිව කියන්න ඕනි. රටේ රාළ එහෙම කියන්නේ ආපු සෙනඟ දැකලා ඇස් නිලංකාර කරගෙන ඉන්න අපේ එජාප යාළුවෝ වගේ හිතාගෙන නෙවෙයි. ඊළඟ ජනාධිපතිවරණය දිනන්න සෙනඟ පෙන්නලා විතරයක් බෑ කියලා රටේ රාළ දිගටම කිව්වා. ඊළඟ ජනාධිපතිවරණය දිනන්න නං high politics තියෙන්න ඕනි.
රටේ රාළ දිගටම කිව්වේ රනිල් ජනාධිපතිවරණට එනවා කියලයි.ඒ වගේම රටේ රාළ කිව්වේ රනිල් කැම්පේන් එකට බහින්නේ රනිල්ගේ ආර්ථික වැඩපිලිවෙල, ජාත්යන්තර වැඩපිලිවෙල සහ දේශපාලන ගේම් ටිකත් එක්ක ජනාධිපතිවරණ කැම්පේන් එකත් සමපාත කරගෙන කියලා.රනිල් ජනාධිපතිවරණයට එන බව දන්නේ සීමිත කවයක් නිසා මාර්තු මාසේ ඇතුලත රනිල් ජනාධිපතිවරණයට එන බවට ඉඟියක් හරි දෙන්න රනිල්ට සිද්ධ වෙනවා කියලත් රටේ රාළ කිව්වා.
ඇත්තටම රටේ රාළ විශ්වාස කරන්නේ කුලියාපිටියෙන් රනිල් දුන්නේ ඒ ඉගිය කියලයි.රටේ රාළ මේ ලිපිය ආරම්භයේදීම කිව්වේ රනිල්ගේ කුලියාපිටියේ රැළිය සාර්ථකයි කියලා කියන්නේ සෙනඟ දැකලා නෙවෙයි කියලයි.සෙනගෙන් බැලුවත් ඒක සාර්ථක රැස්වීමක්. රටේ රාළ බලන්නේ රනිල් ඒ රැස්වීම දේශපාලන වශයෙන් ගෙනිච්චේ කොතෙන්ටද,රනිල්ගේ ඉළක්ක උනේ මොකද්ද කියන එකයි.
මෙතනදී ගොඩක් අයට හිතෙයි රනිල් ලොකුවටම ටාගට් කළේ සජබය කියලා.ඊට අමතරව ලොකුවට නැතත් රනිල් අනුරටත් පොඩි පොඩි ප්රහාර එල්ල කළා. ඒකෙන් රනිල් කළේ අනුරට ළඟදීම එන මහා ප්රහාරයක් ගැන අනතුරු ඇඟවීම විතරයි.ඒ කියන්නේ රනිල් කිව්වේ Await….අනුර කියලයි.රනිල් මෙතනදී ටාගට් කළේ එජාපය සහ සජබයි.රනිල් එජාපය සහ සජබ දෙකටම ගැහුවා.
හැබයි ගහපු විදිහ වෙනස්.රනිල් ජනාධිපති උනාට පස්සේ එජාප විවෘත රැස්වීමක් අමතපු පළවෙනි වතාව තමයි කුලියාපිටියේ 10 වෙනිදා රැළිය.ඊට කළින් රනිල් ඇමතුවේ එජාප පක්ෂ සම්මේලනය විතරයි.ඒක රනිල් අනිවාර්යයෙන්ම කරන්න ඕනි වැඩක්.රනිල් පහුගිය කාලේ දිගටම කිව්වේ එයා නිර්පාක්ෂික ජනාධිපති කියලයි. රනිල් එයාගේ බලතල යොදලා එජාපය promote කළේ නෑ.
රනිල් ජනාධිපතිවරණයට එන්නේ ස්වාධීන අපේක්ෂකයෙක් විදිහට කියලයි රනිල් තමන්ගේ ළඟම කවයට කියලා තිබුණේ.රටේ රාළ දන්න විදිහට රනිල් unpය promote කරන්නේ නෑ කියන සහතිකයත් පොහොට්ටුවට දීලා තිබුණා.හැබැයි කුලියාපිටිය රැලියේදී ආයෙත් රනිල් unp කාරයෙක් වුනා.ඇත්තටම මෙතන තමයි වැදගත්ම දේශපාලන කාරණය තියෙන්නේ.එහෙම නැතිව ජීඑල්ට සැට්ටිඹි රාළ කියපු එකවත්, නාලක ගොඩහේවාට ගොඩපෙරකදෝරුවා කියපු එකවත් නෙවෙයි.
රනිල් දන්නවා ඔය මොන සන්ධානය හැදුවත් ශක්තිමත් යූඑන්පී එකක් නැතිව රනිල්ට දිනන්න බෑ කියලා.හැදෙන සන්ධාන යාන්ත්රණය වශේම ශක්තිමත් යූඑන්පී යාන්ත්රණයකුත් මහ පොලව දක්වාම තියෙන්න ඕනි.නැත්තං රනිල්ට ඡන්ද තිබුණත් ඒවා පෙට්ටිවලට එන්නේ නෑ.හැබැයි එජාපය හදන්න එජාපයේ දැන් ඉන්න නායකයන්ට බෑ.එහෙම පුලුවන් නම් රනිල් ජනාධිපති විදිහට හිටපු පහුගිය කාලේ ඒක කරන්න ඕනි තරම් තිබුණා.
ඇත්තටම එජාප නායකත්ව මණ්ඩලය කුලල්කා ගන්නවා හැර වෙන දෙයක් කළේ නෑ.සජබය දාලා එජාපයට එකතු වෙන්න ආපු අයට තවමත් හරි උත්තරයක් දෙන්න එයාලට බැරිවෙලා තියනවා. එජාපය ආය හදනවා නං හදන්න පුළුවන් රනිල්ටම විතරයි.රනිල් එක තේරුම් අරන් තමයි ගේමට බැහින්න ඇත්තේ.රනිල් ඒක කරන්න හදන ක්රමයත් දැන් පැහැදිලියි.රනිල් දැන් සජබය එක්ක සාමකාමී එකතුවක් බලාපොරොත්තු වෙන්නේ නැති බව පේනවා.
දැන් රනිල්ගේ උපක්රම වෙලා තියෙන්නේ සජබය දුර්වල කරමින් සජබය කොටස් වශයෙන් එජාපයට අවශෝෂණය කරගන්න එකයි. ඒකට රනිල් සජබ පාක්ෂිකයාගේ හදවතටම කතා කරලා තියනවා. රනිල් කිව්වේ නියම එජාපය සජිත් ළඟ නෑ,සජිත් කරලා තියෙන්නේ එජාපයේ කෑල්ලක් කඩාගෙන ඒක සැට්ටිඹි රාළටයි,ගොඩ පෙරකදෝරුවාටයි යටකරන එක විතරයි කියලා.රනිල් මේ කියන්නේ මම තමයි නියම යූඑන්පීකාරයා, සජිත් කියන්නේ රණසිංහ ප්රේමදාසගේ වැඩවසම් චින්තනය කරගහගෙන යන චරිතයක් විතරයි කියලයි.
ඒක කියන්න රනිල් වෙලාව එනකම් හිටියා.ඔයාලට මතක ඇති රටේ රාළ කිව්වා ඔය පුද්ගල ගැනීම් තමයි සජබයට විනාශය ගේන්නේ කියලා.දැන් සජබය අභයන්තරය වශයෙන් ඉරි තලලා.රනිල් කරන්නේ ඒවාට වතුර දාන එකයි. සජබය ඇතුල දැන් පාලනය කරන්නේ අවස්ථාවාදී රාජපක්ෂලාගේ සැට්ටිඹි රාළලා සෙට් එකක් තමයි.
රෝයල් තෝමියන් ක්රිකට් මැච් එකේදී රනිල් තමන්ගේම පන්තියට කතා කළා.10 වෙනිදා රනිල් කුලියාපිටියෙදී පහළ පන්තියටත් කතාකරන්න පටන් ගත්තා.රනිල් එතනදී යූඑන්පිය උස්සන එක ඇතුලේ පහුගිය දවසක තිබුණ රනිල් – රාජපක්ෂ සාකච්ඡා සාර්ථක නැති බවත් හිතන්න පුළුවන්.රනිල් වෙන භාෂාවකින් කිව්වේ රනිල් කරන වැඩේම කරන්න තමයි සජිත් සහ අනුර එන්නේ.
හැබැයි තීරණාත්මක අභියෝගය ආපු වෙලාවේ දෙන්නම පැනලා ගියා.රනිල්ගෙන් ගන්න ඕනි වැඩේ රනිල්ගෙන් ගන්න,ඒක අනුරටවත්, සජිත්ටවත් බාර දෙන්න එපා, එයාලට ඒ වැඩේ කරන්න බෑ කියලයි.
දැන් මෙතනදී තවත් ප්රශ්නයක් එනවා.රට අර්බුදය ගිය වෙලාවේ රනිල් කරපු වැඩේ සජිත්ටවත්, අනුරටවත් කරන්න බැරි බව ඔප්පු වුනා.ඒත් තාමත් කාටවත් සජිත්ට සහ අනුරට කරන්න පුළුවන් වැඩේ මොකද්ද කියලා හරියටම තහවුරු නෑ.රටේ රාළ කියන්නේ ඒ දෙන්නටම පුළුවන් රාජපක්ෂලාට වගේම පම්පෝරි ගහන්න සහ විනාශය ඉක්මන් කරලා දෙන්න විතරයි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 1 person and dais

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *