|

කුලියාපිටියට බයවෙලා ගෙදර යන ගමන් – අස්පට් ෂූටිං

May be pop art of martial arts
ආයුබෝවන් මචංලා…..Sorry ටික දවසකට එන්න බැරි වුනා.ප්රශ්න මචං……මොකද්ද බං අර සජා කියන්නේ අලි – මිනිස් ගැටුමට උත්තරයක් සජා ළඟ තියනවා කියලා.අලි මන්තරයක්වත් තියනවද මන්දා?
මොක තිබ්බත් අපට මොකටද මචං ඒක කරගන්න සජා එනකං බලා ඉන්න එපායෑ.මචං ලපයත් ඔහොමමයි,ඔක්කොටෝම උත්තර තියනවලු.හැබැයි ඒවා දෙන්නේ බලයට ආවොත් විතරයි.
එතකං රටේ ජනතාව අලි ගහලා මැරුණත් කරන්න දෙයක් නෑ. බැරිවෙලාවත් මේ දෙන්නගෙන් කෙනෙක් ආවේ නැත්තං රටේ ප්රශ්නවලට උත්තර නෑ.පුදුම ගුරු මුෂ්ටිකාරයෝ දෙන්නෙක් තමයි.
හරි….මචං සජාට අලි – මිනිස් ගැටුමට උත්තර තියනවාමයි කියමුකෝ.
එත් ඉතින් ඒ උත්තරය කියන්න සජා බලය ගන්නකං ඉන්න එපායෑ.බලය ගන්න නං මචං සජාට අලි – මිනිස් ගැටුමට ඉස්සෙල්ලා අලි – ටෙලිෆෝන් ගැටුම ඉක්මන් විසඳුමක් හොයාගන්න වෙනවා. හැබැයි මචං දැන් නං අලිත් එක්ක ලේසි නෑ.කුලියාපිටියෙදී අලි ඔක්කොම කලප්පු වෙලාලු බං.
සජාගේ අලි මන්තරේ අහයිද නැත්තං නැත්තං අලි පාගලා ටෙලිෆෝන් එක චප්ප කරයිද?වැඩේ කියන්නේ මෙදාපාර වැඩේට බැහැලා තියෙන්නේ තනි අලියා. මචං තනියා භයානක වැඩියි කියනවා නේද?
සජාව 69 ලක්ෂෙන් වට්ටපු සෙට් එකටත් තනියා වැඩේ දුන්නේ තනියමනේ.
එහෙව් තනියට ටෙලිෆොන් එක destroy කරන එක නං මහ වැඩක් නෙවෙයි.දැන් බලපං ඇතුලේ ඉදන් ෆොනී කේෂ් අදිනවා.එළියට ගිහින් ඩයනා කකුල් මාට්ටු දානවා.සජා මෝඩයාවගේ අරගත්ත පවුලේ බැලමෙහෙවර සෙට් එක ඇතුලේ කචල් දාගෙන.
ඒ අස්සේ තනියත් ගේමට බැහැලා. පව්…මචං අපට බැරිද සජාට පොඩියට හරි ෂේප් එකක් ගහලා දෙන්න.සජායි,අපේ නා…මලයයි ඉන්නේ හාමු බය කරලා prime minister කම ලියා ගන්නලු.හැබැයි මචං ඔය දෙකේම බහුතරය දැන් ඉන්නේ හාමුත් එක්ක.
මචං දැන්මම ගියොත් නං සජාට අගමැතිකම කෙසේ වෙතත් කැබිනට් එකක් හරි බේරගන්න පුඵවන් වෙයි.නැත්තං කැබිනටුත් නෑ,විපක්ෂ නායක කමත් නෑ කියලා අස්පට් ෂූටිං අද කිව්වා කියලා ලියලා තියගනිල්ලා.මචං සජාට ඕක පැහැදිලි කරලා දුත්නත් ආර්යාවට ඕක පැහැදිලි කරලා දෙන්න බෑ.
අස්පට් ෂූටිං.
May be pop art of martial arts

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *