කිරිපිටි මිල පහළට ?

 

ආනයනික කිරිපිටි මිල අඩු කිරීමට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රානාන්දු මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 100ත් 150ත් අතර මිලකින් අඩු කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ලබන සිකුරාදා සිට මෙම මිල අඩු කිරීම සිදු කරන බවත් ඔහු කීවේය. ඩොලරයේ අගය පහළ බැසීම සහ ආනයනික කිරිපිට මිල පහල බැසීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව වාර්තාවේ.

(නිමල කොඩිතුවක්කු)

ලංකාදීප 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *