සනීපාරක්ෂක තුවා බද්දෙන් නිදහස් ; සියයට 40 බදු කතාව බොරු – මුදල් රජය ඇමති රන්ජිත් සියඹලාපිටිය

 

කාන්තා සනීපාරක්ෂක තුවා සඳහා සියයට 42 ක බදු පනවා ඇතැයි කියන කතාව බොරු බවත්, එම තුවා සියයට 92 ක් දේශීය වශයෙන් නිෂ්පාදනය කරන්නේ කිසිදු බද්දකින් තොරව බවත්, මුදල් රාජ්‍ය ඇමති රන්ජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි.

ඉතිරි සියයට 8 ක ප්‍රමාණය ආනයනයේ දී වරාය සහ ගුවන් තොටුපළ බදු, සෙස් බදු සහ සමාජ ආරක්ෂණ බදු ලෙස ගෙවම මුළු බදු ප්‍රමාණය සියයට 22.5 ක් බවත්, එම සියයට අට සඳහා වත් සියයට 42 ක් බදු ගෙවන්න සිදු නොවන බවත් ඇමතිවරයා කියයි.

ඇමතිවරයා කියන්නේ සනීපාරක්ෂක තුවා සියයට 92 ක් ම බදු රහිත් දේශීය නිෂ්පාදන බවයි.

කාන්තා සනීපාරක්ෂක තුවා සඳහා රජය සියයට 42 ක බදු පනවා ඇති බවට විපක්ෂය පසුගිය දා කළ ප්‍රකාශයට ඉහළ අවධානයක් යොමු වී ය. එය සමාජ මාධ්‍යයේ හඳුන්වන ලද්දේ ඔසප් බද්ද වශයෙනි.

ඇමතිවරයා කියන්නේ මෙය සම්පුර්ණ බොරු ප්‍රචාරයක් බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *