අයි එම් එෆ් කොන්දේසි ක්‍රියාත්මක නොකර වෙන කරන්න දෙයක් නැහැ – දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන්

 

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි ක්‍රියාත්මක නොකර අපට මේ අවස්ථාවේ කළ හැකි වෙනත් දෙයක් නැති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් මහතා ප්‍රකාශ කළේ ය.

කෙසේ වෙතත්, එම කොන්දේසි ක්‍රියාත්මක කිරීමෙන් අපට හානි වන්නේ ද වාසි වන්නේ ද යන්න ඒ ගැන අධ්‍යයනයකින් පසුව තීරණය කළ යුතු බව ද මන්ත්‍රීවරයා කීය.

මුල්‍ය අරමුදලේ වැඩ සටහන් පිළිබඳ තාක්ෂණික වාර්තාව ද තමන්ට ලබා දීමට රජය එකඟ වූ බවත්, එය ලැබුණු පසු අධ්‍යයනය කොට තීරණයක් ගන්නා බව මන්ත්‍රීවරයා පැවසුවේ අද ජනාධිපති මැදුරේ තිබු සාකච්ඡාවට සහභාගී වී ඉවත්ව යන අතර මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම් වලට පිළිතුරු දෙමිනි .

මුල්‍ය අරමුදලේ කොන්දේසි හානිකර බවට සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය කරන ප්‍රකශ ගැන විමසු විට සුමන්දිරන් මහතා කීවේ ඒ ගැන තමන්ගෙන් නොව ඒ අයගෙන් විමසිය යුතු බව යි.

ජාත්‍යන්තර මුලය අරමුදල සමග සාකච්ඡා කිරීමට විපක්ෂයට අවස්ථාවක් දීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද සාකච්ඡාව කැඳවා තිබිණි. එයට සමගි ජන බලවේගය හෝ ජාතික ජන බලවේගය සහභාගී වුයේ නැත.

විපක්ෂය නියෝජනය කරමින් සාකච්ඡාවට සහභාගී වුයේ සුමන්දිරන් මන්ත්‍රීවරයා පමණකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *