මහින්ද හිටි හැටියේ සිංගප්පුරු ගියේ කළු සල්ලි සුදු කරන්න..!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හිටි හැටියේ සිංගප්පුරු ගිය රහස අනාවරණය කර ගැනීමට රාජ්‍ය බුද්ධි අංශ සමත්ව ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

සෞඛ්‍ය පරීක්ෂණයක් සඳහා ඔහු සිංගප්පුරුවේ මවුන්ට් එලිසබට් රෝහලට ඇතුළු වන බව ප්‍රකාශ වුවද, අදාළ පරීක්ෂණයට පෙර ඔහු එරට ප්‍රධාන බැංකුවකට ගොස් අති විශාල මුදල් හුවමාරුවක් සිදු කර ඇති බව එම ආරංචිමාර්ග පවසයි.

මේවනවිට සිංගප්පුරුවට ගොස් සිටින විදේශ අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා ද මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා හමුව ඇති බවට ලැබුන තොරතුරක් මත ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ද ආරම්භවී ඇත.

මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ (චිචී) හා පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා ද හිටපු ජනාධිපතිවරයා සමග මෙම සාකච්ජාවට එක්ව සිටිති.

මහින්ද රාජපක්ෂ මහතාගේ පුතකු වන යෝෂිත රාජපක්ෂ මහතා විවාහ වීමට නියමිතව ඇත්තේ ලොහාන් රත්වත්ත මහතාගේ දියණියක සමගය.

චිචී ගේ රහස් ගිණුම ?
අභ්‍යාවකාශ ගතවීමේ ව්‍යාපෘතියක් සැලසුම් කරමින් සිටි රෝහිත රාජපක්ෂ මහතා ඊට අදාළ රහස් ගිණුම පවත්වාගෙන ගොස් ඇත්තේ ද සිංගප්පුරු බැංකුවක බව පැවසේ.

වෙනදා සෑම අඟහරුවාදවකම මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවසේ පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂ නායකයින්ගේ රැස්වීම මේවර සඳුදා කැඳවා තිබු අතර, තමා එදින රාත්‍රී විදේශගතවන බව රාජපක්ෂ මහතා පක්ෂ නායකයින්ට දැනුම්දී ඇත්තේ එම අවස්ථාවේදීය.

(ශ්‍රී ලංකා මිරර් )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *