රාජපක්ෂ Chapter Close – රටේ රාළ

May be an image of 5 people
මේ අවුරුද්දේ ඉස්සෙල්ලා එන්නේ ජනාධිපතිවරණයද නැත්තං මහ මැතිවරණයද කියන සාකච්ඡාව ආයෙත් උඩට ඇවිත්.ඒකට ප්රධාන හේතුව පස් වෙනිදා බැසිල් ආවේ ජුනි/ජූලි වල පැවැත්වෙන මහ මැතිවරණයක් ඉළක්ක කරගෙන පොහොට්ටුවේ කැම්පේන් එක පටන් ගන්න කියන කතාවත් එක්ක.ඒ කතාව කිව්වේ බැසිල්ගේ ළඟම ඥාතියෙක් වෙච්චි උදයංග වීරතුංග.
දැන් ආපහු දේශපාලන සමාජය දෙගිඩියාකට යවන්න බැසිල් සමත් වෙලා තියනවා.උදයංග කියන විදිහට පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයකට යන්න රනිල් බැසිල්ට පොරොන්දු වෙලා තියනවා. උදයංග කියන කතාව ඇත්තක්ද බොරුවක්ද කියලා කියන්න රටේ රාළ දන්නේ නෑ.හැබැයි පාර්ලිමේන්තුව විසුරවලා මහ මැතිවරණයකට යන්න රනිල්ට තියන උවමනාව මොකද්ද කියන එක ගැන අපිට කතා කරන්න පුළුවන්.
නිකං හිතුවොත් දැන් මහ මැතිවරණයකට යෑමේ වාසිය තියෙන්නේ කාටද කියලා. රනිල්ගෙන් පටන් ගත්තොත්,මහ මැතිවරණයකට යෑම රනිල්ට අවාසියි.මොකද දැනට මේ තියන පාර්ලිමේන්තුව රනිල්ට කොන්ට්රෝල් එකක්.ඉතින් එහෙම පාර්ලිමේන්තුවක් තියාගෙන ඇයි රනිල් මහ මැතිවරණයකට යන්නේ?මහ මැතිවරණයෙන් සමහරවිට එජාපට මන්ත්රීධූර කීපයක් වැඩිවෙයි.
හැබැයි සමස්ථ පාර්ලිමේන්තුවේ බලය රනිල්ට අහිමි වෙනවා.සජබය සහ මාලිමාව වැඩි මන්ත්රීධූර ප්රමාණයක් ගනිද්දී පොහොට්ටුව අඩු මන්ත්රීධූර ගාණකට ඇද වැටෙනවා.ඒක නිසා ගොඩවල් කීපයකට බොදුණු පාර්ලිමේන්තු සංයුතියක් තමයි නිර්මාණය වෙන්නේ.ඊළඟට රනිල් මහ මැතිවරණයකට යනවා නම් රනිල් යන්න ඕනි ඊළඟට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නෑ කියන තීරණයත් එක්ක.
මහ මැතිවරණය ඉස්සෙල්ලා පැවැත්වීමෙන් රනිල් ඊළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය අනිවාර්යයෙන්ම අහිමි වෙනවා.මහ මැතිවරණය කැඳවනවා කියන්නේ අනිවාර්යයෙන්ම රනිල් ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නෑ කියන එකයි.මහ මැතිවරණය කියන්නේ රනිල්ට අවාසිදායක option එකක්.රනිල්ට විතරක් නෙවෙයි එජාපයටත් මේ මොහොතේ මැතිවරණයකට යෑම අවාසි සහගතයි.
ඇත්තටම එජාප තවමත් කිසිම මැතිවරණයකට සුදානම් නෑ.මේ වෙලාවේ මහ මැතිවරණයකට යෑමේ වාසිය තියෙන්නේ සජබයට සහ මාලිමාවට. සජබය සහ මාලිමාව සලකද්දී ඒ දෙකම දුවන්නේ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන.මහ මැතිවරණයක් ආවොත් සජබයට ලොකු ප්රශ්නයක් එන්නේ නෑ.ඒකට හේතුව එයාලට හැම දිස්ත්රික්කයකටම අපේක්ෂක ලයිස්තු හදන්න පුළුවන්.
හැබැයි මාලිමාවට දිස්ත්රික්ක මට්ටමින් ශක්තිමත් අපේක්ෂයෝ නෑ.එයාලාට ඉන්නේ රැල්ලට ගසාගෙන ආපු අය.එයාලත් ස්ථාවර නෑ.රැල්ල ඇතුලේ උනත් පීනමින් ශක්තිමත් අපේක්ෂක කණ්ඩායමක් හදාගන්න මාලිමාවට බැරිවුනා. ඇත්තටම එයාලට බර අවි නෑ. තවමත් තියෙන්නේ 88/89 ෂොට් ගන් ටික විතරයි.ජවිපෙ සහ මාලිමාව මෙච්චර කල් කරපු එකමදේ අනුර පුම්බපු එක විතරයි.
ඒක නිසා මාලිමාවට මහ මැතිවරණය කොච්චර වාසි සහගත උනත් ඒ වාසිය ගන්න මාලිමාවට බෑ.අනික මාලිමාව වටේ එකතු වෙලා ඉන්න අය ජවිපෙට විශ්වාසත් නෑ.මාලිමාව කෙලින්ම ජනාධිපතිවරණය කියන අවධානම් තරඟයට බැහැලා තියෙන්නේ. ජනාධිපතිවරණය දිනුවොත් මහ මැතිවරණයත් ගොඩදාන්න මාලිමාවට පුළුවන්.හැබැයි ජනාධිපතිවරණය පැරදුනොත් මාලිමාවට සියල්ල අහිමි වෙනවා.
පොදුජන පෙරමුණ පැත්ත සලකා බැලුවොත් පොහොට්ටුවට මොන ඡන්දය තිබ්බත් අවාසියි.මහ මැතිවරණයට ගියොත් මන්ත්රීධූර 25 කට තිහකට වැඩිය එන්නේ නෑ. මන්ත්රීධූර 145 ක් තිබුණ පොහොට්ටුව 25 කට තිහකට කඩාවැටීම දැවැන්ත පරාජයක්. ජනාධිපතිවරණය ආවොත් එයාලට දාන්න අපේක්ෂකයෙක් නෑ.බැසිල් කීයටවත් පරදින මැතිවරණයක් වෙනුවෙන් තමන්ගේ ඇමරිකන් පුරවැසිභාවය පරදුවට තියන්නේ නෑ.
නාමල් දැම්මත් උඩින්ම පරදිනවා. හැබැයි මෙතනදී මෙහෙම තක්සේරුවකට බැසිල් යන්න පුළුවන්.මේ මැතිවරණ දෙකම පොහොට්ටුවට අවාසි.එහෙම අවාසිදායක මැතිවරණ දෙකකදී අවම හානිය කරගෙන බේරෙන්න පුළවන් මොකෙන්ද කියලා බැසිල් හිතන්න පුලුවන්.එහෙම හිතද්දී ජනාධිපතිවරණයට වඩා මහ මැතිවරණය හොඳයි කියලා බැසිල්ට හිතෙනවා ඇති.හැබැයි ඒ තීරණයට රාජපක්ෂලා හැර පොහොට්ටුවේ කවුරුවත් කැමති නෑ.
මොකද ගොඩක් දෙනෙක් දන්නවා රාජපක්ෂලා මේ කරන්න හදන්නේ මොකද්ද කියලා.එයාලාගේ පවුලේ අවධානම බේරගන්න පොහොට්ටුවේ ඉන්න මන්ත්රීලගේ මන්ත්රීධූරය බිලි දෙන්නයි මේ හදන්නේ.ඒක නිසා මහ මැතිවරණ තිරණයට නොගිහින් පොහොට්ටුවේ බහුතරය ජනාධිපතිවරණයකට කැමති වෙන්න තියන ඉඩ වැඩියි. ජනාධිපතිවරණයට පොහොට්ටුව අපේක්ෂකයෙක් දැම්මත් පොහොට්ටුවේ අති බහුතරය එයාට උදව් කරන්නේ නෑ.
ඒක නිසයි රටේ රාළ කියන්නේ මොන මැතිවරණය ආවාත් රාජපක්ෂලා නං අතුගෑවිලා යනවා. දැනට රාජපක්ෂලා කරමින් ඉන්නේ මහ මැතිවරණය එනවා,පක්ෂ තීරණයෙන් පිට ගියොත් උඹලට අපේක්ෂකත්වය දෙන්නේ නෑ කියන බය පොහොට්ටු මන්ත්රිවරුන් ඇතුලේ හදන එකයි.ඒත් දැන් ඒ ගොන් පාට්වලින් පොහොට්ටුවේ අය බය කරන්න රාජපක්ෂලට බෑ. මොකද පොහොට්ටුවේ අයට ඊට වැඩිය ටිකක් comfortable පාරක් රනිල් පෙන්නලා තියනවා.
ඒ ඉස්සෙල්ලා ජනාධිපතිවරණය තියලා රනිල් දිනුවොත් මේ පාර්ලිමේන්තුවම රනිල්ට ඕනි නං 2025 වෙනකම්ම තියාගන්න පුළුවන් කියන එකයි.ඒක කරන්න නං රනිල්ව දිනවන්න ඕනි.ඒ වගේ තත්වයකදී ඔයාලා හිතනවද පොහොට්ටුවේ බහුතරය රාජපක්ෂලා වෙනුවෙන් බිල්ලට යෑම බාරගනී කියලා.ඒකයි රටේ රාළ කියන්නේ ඉස්සෙල්ලා එන්නේ ජනාධිපතිවරණය කියලා.
රාජපක්ෂලාට තව වැඩිදුර ඔහොම යන්න බෑ.එයාලට තියෙන්නේ රනිල්ට යටත්වීම හෝ රනිල්ගෙන් වෙන්වීම කියන උත්තර දෙක විතරයි.මේ උත්තර දෙකෙන් කොයික තෝරගත්තත් රාජපක්ෂලාගේ chapter close බව කියන්න ඕනි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 5 people

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *