ගෝඨාභය රාජපක්ෂ FCID හමුවට

 

යුද ජයග්‍රහණය සිහි කරනු පිණිස අනුරාධපුරයේ ඉදිකළ ‘සඳහිරු‘ සෑයේ තැන්පත් කළ රන් පිළිමවහන්සේලා රත්තරනින් තනවනු වෙනුවට ව්‍යාජ ලෙස රන් ආලේප කර තනවා තැන්පත් කිරීමට කටයුතු කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන සතියේ මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබේ.

මුල්‍ය අපරාධ කොට්ඨාසයට ලැබුණ පැමිණිල්ලක් මත මීට මාස කිහිපයකට පෙර මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කෙරුණි.

ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ඉදිකෙරුන ‘සඳහිරු‘ සෑයේ තැන්පත් කෙරුන නිදන් වස්තු සම්බන්ධයෙන් කටයුතු කළේ ආරක්ෂක අංශයයි. සම්පූර්ණ රත්තරනින් තැනුන බුදු පිළිම වහන්සේලා ‘සඳහිරු‘ සෑයේ තැන්පත් කිරීවට සැල සුම් කර තිබිණි.

ඒ අනුව පිළිමවහන්සේලා තැනීම සිදුවිය. එම පිළිම තැන්පත් කිරීමෙන් පසු උන්වහන්සේලා රත්තරනින් නොව රන් ආලේපනය පමණක් කර තැන්පත් කළ බවට මුල්‍ය අපරාධ කොට්ඨාසයට පැම්ණිල්ලක් ලැබී තිබුණි.

ඒ අනුව මෙම ‘සඳහිරු‘ සෑයේ ඉඳාකිරීම් හා තැන්පත් කිරීම් කටයුතු භාරව ක්‍රියා කළ විවිධ අංශවල නිලධාරීන් ගෙන්වා ප්‍රකාශ සටහන් කරගෙන ඇත. මේ වනවිට එම පැමිණිල්ලට අදාළ පරීක්ෂණ අවසන් වෙමින් පවතී. ගෝඨාභය රාජපක්ෂ හිටපු ලේකම්වරයාගෙන් ප්‍රකාශය සටහන් කිරීම ලබන සතියේ සිදු කිරීමට නියමිතය.

විජයානි එදිරිසිංහ – දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *