ලන්සා බැසිල්ගේ ඔත්තුකරුවෙක්ද? – රටේ රාළ

May be an image of 3 people
පොදුජන පෙරමුණෙන් වෙන්වී ගිය කණ්ඩායම් අතරින් අනුර ප්රියදර්ශන යාපා – නිමල් ලන්සාගේ නව සන්ධානයට හිමි වෙන්නේ විශේෂ තැනක්.පොහොට්ටුවෙන් වෙන් උන විමල්ලාගේ උත්තර ලංකා සභාගයේත්,ඩලස්ලාගේ නිදහස ජනතා සභාවෙත් පැවැත්ම තවදුරටත් අභියෝගයට ලක් වෙද්දී ලන්නසලාගේ නව සන්ධානය දේශපාලන කරලියේ පිම් කීපයක් පැනලා.
එක පැත්තකින් සංවිධානය වැඩපිලිවෙලක් එක්ක එයාලා ජනතාව අතරට යන්න පටන් අරන්. ඒ වගේම ශ්රිලනිපය ප්රමුඛ තවත් පක්ෂ ගණනාවක් එක්ක සන්ධාන ක්රියාවලියකටත් අත ගහලා. පොදුජන එක්සත් පෙරමුණ විදිහට එන ඒ සන්ධානය මාර්තු මාසයේ අත්සන් කරන්න නියමිත බවත් කියනවා.ඒ වගේම පෙබරවාරි 24 හයිඩ් පිටියේ පැවති රැලියේ අවසන් කතාව කරමින් නිමල් ලන්සා රට හදන වැඩපිලිවෙලක අවශ්යතාවය ගැන කිව්වා.
ලන්සාගේ නව සන්ධානය මැතිවරණ ප්රචාරක වැඩපිලිවෙලක්, සංවිධාන වැඩපිලිවෙලක් සහ රට හැදීමේ වැඩපිලිවෙලක ගැන සාකච්ඡාවකුත් මතු කරමින් ඉන්නවා.ඇත්තටම පොදුජන පෙරමුණෙන් ඉවත්වුන විමල්ලට සහ ඩලස්ලට මේ සමබරතාවය තියාගන්න බැරිවුනා.ඒ සමබරතාවය වගේම විපක්ෂයේ අනෙකුත් කණ්ඩායම් එක්ක සහයෝගීතාවය පවත්වාගෙන යන්න ලන්සා සමත්වෙලා තියනවා.
ඒ අතර රාජපක්ෂලා තමන්ගේ පවුලේ දේශපාලනය රැකගන්න අවසන් උත්සාහය දරන බව පේනවා.ඒ වෙනුවෙන් පාව්චිචි කර ගන්න පුළුවන් හැම දෙයක්ම පාවිචිචි කරන්න එයාලා පසුබට වෙන්නේ නෑ.දැන් ඒ වැඩේ තාවකාලික කසකරුවා බවට පත්වෙලා ඉන්නේ බැසිල්ගේ කුප්රකට ඥාතියා වන උදයංග වීරතුංග.පහුගිය දවස්වල එක්තරා යූ ටියුබ් නාලිකාවකට කියපු කතාවලින් බැසිල් එන්න හදන ලයින් එක හිතාගන්න පුළුවන්.
එතනදී උදයංග රනිල්ට ගැහුවා. නාමල් සහ සාගරත් රනිල්ට ගහනවා.එතකොට පොහොට්ටුවේ දේශපාලන ලයින් එක බැසිල්ගේ වැඩපිලිවෙලත් එක්ක සමපාත වෙලා බව පේනවා.ඒ වගේම පොහොට්ටුවේ ප්රභලයෙක් විදිහට රනිල්ට සහය පළකරන ප්රසන්නටත් රාජපක්ෂලා දැන් ගහන්න පටන් අරන්.උදයංග ප්රසිද්ධියෙත්,නාමල්ලා දේශපාලන හින්ට්වලිනුත් ප්රසන්නට ගහන බව දේශපාලනය තේරෙන ඕනි කෙනෙකුට තේරෙනවා.
ප්රසන්නට විතරක් නෙවෙයි පොහොට්ටුව ඇතුලේ ඉන්න රනිල්ට සහය දෙන සියලු දෙනාට සියුම්ව ප්රහාරයක් එල්ල වෙමින් තියනවා. හැබැයි රාජපක්ෂලා ඒ ගැටුම පුළුවන් තරම් එලියට නොපෙනෙන්න වග බලාගන්න උත්සහ කරනවා.ඒ වගේම රාජපක්ෂලාගේ උදහසට ලක්වෙලා තියන රනිල්වාදී කණ්ඩායමටත් රාජපක්ෂලා එක්ක විවෘත ගැටුමක් ඕනි නැති බව පේනවා.
එයාලා තව ටික කාලයක් ඔහොම යයි.ඒත් වැඩිකාලයක් යන්න ඉස්සෙල්ලා මේ බෙදුම් රේඛාව පේන්න පටන් ගන්නවා.ඒක පේන එක රාජපක්ෂලාට අවාසියි.මොකද පොහොට්ටුව ඇතුලේ බෙදීම සිද්ධ වෙන්නේ රනිල්ට පක්ෂපාතී 90% යි,රාජපක්ෂලාට පකීෂපාතී 10% ක් විදිහටයි.බැසිල් උපරිම උත්සාහය කරන්නේ මේ 10% හංගගෙන ගේම ගහන්නයි,මෙතනදී රාජපක්ෂලා පොහොට්ටුව ඇතුලට තෝරලා තියන උපක්රමයට වඩා වෙනස් එකක් එලියට තෝරලා ඇති බව පේනවා.
එයාලා පොහොට්ටුවෙන් එලියට ගිය බලවේගවලට ලොකුවට පහර දෙන්නේ නෑ.අඩුම ගානේ විමල්ලට, ගම්මන්පිලටවත් පහර දෙන්නේ නෑ.ඇත්තටම විමල්ලට, ගම්මන්පිලලට දැන් කවුරුවත් ගහන්නේ නෑ.මොකද දැන් එයාලා ලාංකීය දේශපාලනයේ තීරණාත්මක සාධක නෙවෙයි.දස දහස් ගණන් ජනතාවකට එකපාර ඇමතුව විමල් වීරවංශ අද කොළඹ දිස්ත්රික්කයේ ගෙවල් ඇතුලේ විසිපහ,පනහක එකතු කරපු ගෘහස්ථ සාකච්ඡා කරන තැනට වැටිලා.
ඒක නිසා විමල්ලා අද කාගේවත් දේශපාලන ඉළක්කයක් නෙවෙයි. විමල්ට වැඩිය ආකර්ෂණයක් දැන් දිලිත් කොළඹ දිස්ත්රික්කය ඇතුලෙන් දිනාගෙන තියනවා. මෙතනදී රාජපක්ෂලා අනුර යාපා – නිමල් ලන්සා සම්බන්ධව අනුගමනය කරන්නේ වෙනස්ම ක්රමයක්.ඒක යම් ප්රමාණයකට උදයංගගේ කටිනුත් පැන්නා. රාජපක්ෂලා සියුම්ව plant කරලා තියෙන්නේ අනුර යාපා – නිමල් ලන්සලා කරන්නේ රාජපක්ෂලාගේ කොන්ත්රාත්තුවක් කියන අදහසයි.
ඒ කියන්නේ පොහොට්ටුවෙන් ගිලිහෙන ඡන්දදායකයා රදවා ගන්න හදපු අතිරේක තැනක් විදිහටයි එයාලා ලන්සලාගේ කණ්ඩායම පෙන්නන්න හදනවා. පොහොට්ටුවේ ඡන්ද කෙලින්ම මාලිමාවට යන්න නොදී අතර මැදින් තියාගන්න තැනක් විදිහටයි. අන්තිමට ඒ ටික එකතු කරගෙන බැසිල් අයියා හදන සන්ධානයට ලන්සලා එනවා කියලා උදයංග මල්ලී කිව්වා.
ඒ මතය යම් විදිහට රාජපක්ෂලා plant කරමින් ඉන්නවා.රාජපක්ෂලා දිලිත් සම්බන්ධයෙනුත් හදලා තියෙන්නේ එහෙම චිත්රයක්.ඒකෙන් එයාලා බලාපොරොත්තු වෙන්නේ එක පැත්තකින් පොහොට්ටුවට විකල්පය බවට අනුර යාපා – නිමල් ලන්සා නව සන්ධානය පත්වෙන එක නවත්තගන්න.අනිත් පැත්තෙන් එයාලත් එක්ක සන්ධානයකට එකතු වෙන දේශපාලන පක්ෂ අතර එයාලා සම්බන්ධව අවිශ්වාසය හදන්න.
ඒක නිසා ලන්සලාට ඉක්මනින් තව පියවරකට යන්න වෙනවා.ඒකෙදී කරන්න තියන හොඳම දේ වෙන්නේ ඉක්මනින් පොදුජන එක්සත් පෙරමුණ සන්ධානය නිර්මාණය කිරීමයි.පොදුජන පෙරමුණ සන්ධානය අත්සන් කරලා චන්ද්රිකා වගේ චරිත ඒක ඇතුලට ආවට පස්සේ ඒක රාජපක්ෂ විරෝධී සන්ධානයක් බවට පත්වෙන එක නවත්තන්න බෑ.රාජපක්ෂලාට එතනින් එහාට යන්න බෑ.
ඒ වගේම රටේ රාළ බළකායේ තක්සේරුව අනුව අනුර ප්රියදර්ශන – නිමල් ලන්සා කණ්ඩායම වගේම දිලිත් ජයවීරගේ මව්බිම ජනතා පක්ෂය දෙකම පොහොට්ටුවට විකල්ප වැඩපිලිවෙලක් සහිත රාජපක්ෂලාගේ දේශපාලන ප්රතිපත්තිය පදනමින්ම ප්රතික්ෂේප කරන කණ්ඩායම් දෙකක් බව දැනට නම් නිරීක්ෂණය වෙනවා.ආයෙත් එයාලා රාජපක්ෂ ධාරාව ඇතුලේ හිටගන්න තියන ඉඩ ඉතා අඩුයි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 3 people

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *