|

ජාත්‍යන්තර ණය ගෙවන්න වසර පහක සහන කාලයක් ! වසරක ගෙවීම අඩකින් අඩුවෙයි !! – ජනාධිපති

 

මෙරට විදේශ ණය ගෙවීමේ දී 2023 සිට 2027 දෙසැම්බර දක්වා වසර පහක සහන කාලයක් ලැබෙනු ඇතැයි ද, වසරකට ගෙවන ණය ප්‍රමාණය අඩකින් අඩු වනු ඇතැයි ද රජය අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

එමෙන් ම ණය ගෙවීම සඳහා 2042 දක්වා කාලය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා කී ය.

2022 වසරේ මෙරටට ගෙවන්න තිබු විදේශ ණය ප්‍රමාණය වසරකට ඩොලර් බිලියන 6 කි. දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 9 කි. එසේ වුව ද, ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු මෙම මුදල වසරකට දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 4.5 දක්වා අඩකින් අඩු කර ගැනීමට රජය බලාපොරොත්තු වෙයි.

ආර්ථිකය ස්ථාවර වී තිබෙන්නේ ණය නොගෙවන නිසා බවත්, ණය ගෙවන්න පටන්ගත් විට නැවත ආර්ථිකය කඩා වැටෙනු ඇති බවත් , සමහරු කියන නමුත් එවැන්නක් සිදු නොවන බව ද , ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහතා වැඩි දුරටත් පැවසීය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *