සජබ ගමනක අවසානය – රටේ රාළ

May be an image of 6 people and temple
2024 වර්ෂය ආරම්භයත් එක්ක ලොකුම දේශපාලන ගැම්ම ගත්තේ සජිත් ප්රේමදාස කියලා කිව්වොත් ඒක වැරදි නෑ.සජිත් අලුත් අවුරුද්ද පටන් ගත්තේ ශ්රි ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති ගාල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ශාන් විජයලාල් ද සිල්වා සජබයට අරන්.ඒ සිද්ධිය වෙන්නේ ජනවාරි පළවෙනිදා හින්දා අවුරුද්ද පටන් ගන්නවත් එක්කම සජිත් ගේමට බැහැලා කියන මතය තහවුරු වුනා.
හැබැයි දැන් ශාන් විජයලාල්ලා පේන්නවත් නෑ. සජිත් ඊට උඩදී ඩලස්ගේ නිදහස ජනතා සභාවත් කඩලා ජීඑල්,ගොඩහේවා,ඩිලාන්, චන්න ඇතුළු තවත් කණ්ඩායමක් ගත්තා.ඒ අයගෙනූත් ජිඑල් ඇර අනිත් කට්ටිය වැඩිය පේන්න නෑ.ඊට අමතරව විටින් විට ශ්රිලනිපයේ දෙවෙන පෙල නායකයන් කීපදෙනෙකුත් ගත්තා.ඒ වගේම සජිත් විශේෂ බරක් ත්රිවිධ හමුදාවේ ඉහළ තනතුරුවල හිටපු විශ්රාමික නිළධාරීන්ට තියලා තියනවා.
සමහරවිට මාලිමාව හදාගෙන යන ත්රිවිධ හමුදා සාමූහිකවලට count කරන්න එහෙම කළා වෙන්න පුළුවන්.හිටපු හමුදාපති දයා රත්නායක,හිටපු නාවික හමුදාපති දයා සඳගිරි ඇතුළු ඉහළ පෙල් හමුදා නිළධාරීන් කීපදෙනෙක් සජබයට එකතු වෙන හැටිත් අපි දැක්කා.සජිත් මේ සියලු දෙනා ගත්තේ සජබ කෘත්යාධිකාරී මණ්ඩලය සමගි සන්ධානය ගොඩනගන්න සජිත්ට දීලා තියන බලය අවභාවිතා කරලා.
කොහොම උනත් මේ පුද්ගල ගොඩගහගැනීම් කරනකොටම රටේ රාළ කිව්වේ සජිත්ට වරදින්න පටන් ගන්නේ ඔතනින් කියලා.අද වෙනකොට සජබය ඇතුලේ දැවැන්ත අභයන්තර අර්බුදයක් නිර්මාණය වෙලා.දයා රත්නායක ගැනීමත් එක්ක සජබ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා එක්ක හැදුණු ගැටුම දැන් ගොඩක් උඩු දුවලා.ප්රශ්නය සමතයකට පත්කර ගන්න තිබුණ අවස්ථා දෙකක් සජිත්ගේ වැඩවසම් උද්දච්චකම හින්දා නැතිවෙලා ගියා.
දැන් ෆොන්සේකා ඉන්නෙත් ගේමට ගේම කියන තැනක.මේ වගේ තත්වයක් යටතේදී ෆොන්සේකට සජබය ඇතුලේ සජිත් විරෝධී කණ්ඩායම්වල වගේම බාහිර සජිත් විරෝධී කණ්ඩායම්වල සහය හම්බවෙන එක නවත්තන්න බෑ.ඊට අමතරව සජිත් සජබයට ගත්ත බහුතරය රාජපක්ෂලා බලයේ හිටපු කාලේ රාජපක්ෂලාගේ දේශපාලන කුලී හේවායෝ විදිහට කටයුතු කරපු අය.සමහරු අමු ජාතිවාදීන් විදිහට කටයුතු කරමින් ජාතික සමගියට දැඩි විදිහට අකුල් හෙලපු අය.
මෙයාලා ගැනීම විසින් සජබය ඇතුලේ දැවැන්ත විරෝධයක් නිර්මාණය වුනා.එයාලා ගැනීම විසින් සජබ බොහෝ දෙනෙකුට සජබ ධූරාවලියේ අවස්ථා,ආසන සංවිධායක ධූර වගේම ජාතික ලයිස්තුවේ බලාපොරොත්තුත් අහිමි වුනා.ඒ ප්රති විරෝධය තවම සමනය වෙලා නෑ.ඊළඟට මේ එකතු කරගැනීම් හරහා දේශපාලන අර්බුදයකුත් සජබය ඇතුලේ වර්ධනය වෙලා තියනවා.
එක පැත්තකින් රාජපක්ෂලා එක්ක හිටිය දේශපාලන අනාතයෝ වගේම දුෂිත චෝදනා තියන අය අරගෙන දූෂණ විරෝධය ගැන කතා කරන්නේ කොහොමද කියන ප්රශ්නයත්,රාජපක්ෂලා සහ සජිත් අතර තියන වෙනස මොකද්ද කියන ප්රශ්නත් සජබය ඇතුලේ දැන් සංවාද වෙන්න පටන්.අනිත් ප්රශ්නය තමයි සමහර ජාතිවාදීන් සජබය ඇතුලට ගැනීම විසින් සජබ ඇතුලේ ඉන්න දෙමළ සහ මුස්ලිමි පක්ෂ නායකයන් කළකිරිලා.
සජබය ඇතුලේ සහ සජබ පහල සාමාජිකයා ඇතුලේ පවා නිර්මාණය වෙලා තිබෙන බලය ගන්න නං සජබය සහ එජාපය එකතු වෙන්න ඕනි කියන මතය සජබය අභයන්තරය ආක්රමණය කරමින් ඉන්නවා.රටේ රාළ නම් වශයෙන් නොකිව්වත් ඒ මතය දරන කණ්ඩායම සජබය ඇතුලේ සජිත් ගෙනියන වැඩපිලිවෙල promote කරන්නේ නෑ.මේ සියලු ප්රශ්න අතරට සජිත්ගේ උන්නතිකාමී හැසිරීමත් එකතු උනා සජබේ ඉන්න කිසිම කෙනෙකුට දේශපාලන අනාගතයක් පේන්නේ නෑ.
සමහරවිට සජිත් හිතාගෙන ඇත්තේ සක්වල වැඩසටහනෙන් ගොඩයන්න.සක්වල පේන්න පෙන්න ඉස්කෝලවල ළමයින්ට ළමා කතා කිව්වා කියලා සජබය ගොඩයන්නේ නෑ.ඇත්තටම මෙහෙම ඇතුලෙන් දුර්ලවල උන පක්ෂයකට පිටතින් එන ප්රහාරයකට ඔරොත්තු දෙන්න බෑ. හරි පාරක් වැදුනොත් හතර ගාතේ දාලා බිම වැටෙනවා?පහුගිය දවසක එජාප මහ ලේකම් රංගෙ බණ්ඩාර කිව්වේ සජබ ලොකු කණ්ඩායමක් මාර්තු මාසේ ගැලවෙනවා කියලා.
රංගේ කියන්නේ ඒ නිසාම සජිත් ජනාධිපතිවරණට එන්නෙත් නෑ කියලා.ඒ සම්බන්ධව රටේ රාළට ලැබෙන තොරතුරු අනුව නම් එජාපය පැත්තෙන් ලොකු මෙහෙයුමක් දියත් වෙලා තියනවා. සජබ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් විතරක් නෙවෙයි ආසන සංවිධායකයන් ගොඩ දෙනෙකුත් ආයෙත් එජාපය එක්ක එකතු වෙන්න සුදනමින් ඉන්නවා.මෙතනදී එජාපයේ ප්රතිවාදියා බවට සජබය පත්වෙන එක නවත්තන්න බෑ.
එදා බලය වෙනුවෙන් සජිත් එජාපය දෙකඩ කළා නම් ඒ පලුව නැවත එජාපයට එකතු කර ගැනීමේ සාධාරණ අයිතියක් එජාපයටත් තියෙන්න ඕනි.ඊළඟට එජාපයට ගොඩයන්න තියන ළඟම ක්රමයත් ඒක.සමකාමීව එජාප සජබ එකතුවක් සිද්ධ වෙන්න තිබුණ සියලු සීමාව දැන් පැනලා.දැන් සජබය කොටස් වශයෙන් ගැලවීමේ මෙහෙයුමක් ක්රියාත්මක වෙනවා, සමහරවිට රනිල්ලා,රවීලා ඇතුළු එජාප නායකයින් බලාඉන්න ඇත්තේ සජබය අභ්යන්තරිකව දුර්වල වෙනකං වෙන්න ඇති.
ඒත් මෙතන තියන විශේෂය වෙන්නේ රනිල්ලා,රවීලා ඇතුළු එජාප නායකයින්ට සජබේ මාළු ටික අල්ලගන්න වතුර බොර කරලා දෙන්නේ සජිත් වීමයි.දැන හෝ නොදැන සජිත් කරමින් ඉන්නේ ඒක.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
May be an image of 6 people and temple

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *