කොමියුනිස්ට් පක්ෂය ජාතිවාදයට එරෙහිව වෙනම ගමනක ; මැයි දිනයත් තනිවම

මෙතෙක් ලංකා සමසමාජ පක්ෂය හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ සමග එක්ව කටයුතු කළ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය එම පෙරමුණෙන් ඉවත්ව මැයි දිනය තනිවම සැමරීමට තීරණය කොට ඇත . අනෙක් පක්ෂ මහින්ද රාජපක්ෂගේ ජාතිවාදී දේශපාලනයට සහය දැක්වීම මෙම තිරණය ගැනීමට හේතු වී තිබේ . පසුගියදා රැස්වූ පක්ෂයේ මධ්‍යම කාරක සභාව මෙම තීරණය ගෙන ඇත්තේ ඒකමතිකවය . රජ කොල්ලුරේ ඇතුළු පිරිසක් එයට එරෙහිව කරුණු දක්වා ඇතත් පසුව නිහඩ වී ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *