බැසිල්ට කළ හැක්කක් තිබේද? – රටේ රාළ

May be an image of 2 people
පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ලබන 05 වෙනිදා ලංකාවට එන බව ආරංචියි.බැසිල්ගේ ළඟම ඥාති උදයංග වීරතුංග නං කියන්නේ බැසිල් අයියා එන්නේ මහා ලොකු විප්ලවයක් කරන්න වගේ කතාවක්.බැසිල් අයියව කටුනායක ඉඳන් කොළඹට රථ පෙලපාලියකින් වඩම්මගෙන එනවා කියලත් කියනවා.බැසිල් රථ පෙලපාලියකින් කොළඹ ගේන්න බැරිවෙයි කියලා රටේ රාළ කියන්නේ නෑ.
සල්ලි තියනවනං මේ ලංකාවේ ඕවත් වැඩද?හැබැයි රථ පෙළපාලියකින් නෙවෙයි ගුවන් යානා පෙළපාලියකින් ගෙනාවත් ඔය එන්නේ පරණ බැසිල්ම තමයි. රට බංකොලොත් කිරීම සම්බන්ධ බවට ශ්රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරපු බැසිල්ම තමයි. සාමාන්යයෙන් බැසිල් ඔය වගේ ෂෝ දාන්න කැමතියි.එක පාරක් මුදල් ඇමතිකම ගන්න ඇමරිකාවේ ඉදන් එනකොටත් ඔහොම ෂෝ එකක් දාගෙන තමයි ආවේ.
රටේ රාළ කියන්නේ බැසිල්ගේ පැමිණීමෙන් මේ රටේ ජන මනසේ නම් එක දශම අරික්කාලකවත් වෙනසක් සිද්ධ වෙන්නේ නෑ. මහජනතාවගේ රාජපක්ෂලා ගැන තියන වෛරී මතකය තව සැරයක් අලුත් වීමක් නං වෙයි.බැසිල්ගේ පැමිණීමෙන් වෙන්න පුළුවන් එකමදේ රටේ ජනාකීර්ණ තැන්වල ආයෙත් කපුටු කාක්..කාක්.. කාක් කියලා ඇහෙන්න පටන් ගන්න එක විතරයි.
කොහොම උනත් බැසිල්ගේ මේ පැමිණීම තවත් විනාශයක ආරම්භයක් බව නම් කියන්න ඕනි. බැසිල්ගේ පැමිණීම විසින් රනිල්ට තව තවත් ඩැමේජ් වෙන්න තියන ඉඩ වැඩියි.ඒ වගේම රාජපක්ෂ පවුලේ දේශපාලනයට සහ පොහොට්ටුවේ දේශපාලනයටත් ලොකු හානියක් සිද්ධ වෙනවා. උදයංග කියන්නේ බැසිල් එන්නේ පොහොට්ටුව මභ මැතිවරණයකට සුදානම් කරන්න කියලා.
ජනාධිපතිවරණට ඉස්සෙල්ලා මහ මැතිවරණයක් ගෙන්න ගැනීමේ සිහිනයක බැසිල් ඉන්න බව උදයංගගේ කතාවෙන් පේනවා. මොන මැතිවරණය ආවත් පොහොට්ටුව අතුගෑවිලා යන එක නවත්තන්න බෑ.රටේ රාළ කියන්නේ බැසිල්ට ඒ පාඩමත් උගන්නලාම ආයෙත් ලංකාවෙන් යවන්න ඕනි කියලයි.බැසිල් ලංකාවේ නැති දවස්වල නාමල් තමයි දස බල සේනා හදාගෙන පන්සල් ගානේ යමින් පොහොට්ටුව නැගිට්ටවන්න ආසාර්ථක උත්සාහයක් කළේ.
නාමල්ගේ ඒ උත්සාහයට රටේ රාළ කිසිසේත් ගරහන්නේ නෑ.ඒක නාමල්ගේ අයිතියක්.හැබැයි ඒක එයාලට කරන්න බෑ කියන එකත් කියලා තියන්න ඕනි.බැසිල්ගේ පැමිණීමත් එක්ක පොහොට්ටුව ඇතුලේ අලුත් ප්රශ්නක් මතු වෙනවා. ඇත්තටම බැසිල් එන්නේ මෙච්චර කල් නාමල් කරගෙන ගිය වැඩේ දිගට continue කරන්නද?එහෙමත් නැත්තං වෙන ගේමක් ගහන්නද?
රටේ රාළ දන්න දේශපාලනයට අනුව නම් බැසිල්ගේ සහ නාමල්ගේ දේශපාලන අරමුණු එකිනෙකට සමපාත වෙන්නේ නෑ.නාමල් දැන් දස බල සේනා හදාගෙන රනිල් විරෝධී කැම්පේන් එකක් කරගෙන යන්නේ අරමුණු දෙකකට බව ඉතා පැහැදිලියි.එකක් රනිල්ව යටත් කරගෙන ඊළඟ ජනාධිපතිවරණයේ අගමැති අපේක්ෂකයා විදිහට නාමල්ව නම් කරගන්න.නැත්තං ජූනි,ජූලි වෙනකොට ආණ්ඩුවෙන් අයින්වෙලා ඊළඟ මහ මැතිවරණයේදී විපක්ෂ නායක සටනට අවතීර්ණ වෙන්න.
රටේ රාළ කියන්නේ ඔය දෙකම වෙන්නේ නෑ.හැබැයි නාමල්ගේ ට්රයි එක ඒක.එතකොට එන ප්රශ්නය බැසිලුත් එන්නේ ඒකටමද කියන එකයි. උදයංගට අනුව මේ පාර බැසිල් ඇමරිකන් පුරවැසිභාවය ඉවත් කරගන්න ඉඩ තියනවා. එහෙම කරගෙන එන බැසිල් එන්නේ නාමල්ගේ program එක ක්රියාත්මක කරන්න කියලා හිතන්න තරම් රටේ රාළ බබෙක් නෙවෙයි. මොකද ඒ සපෝට් එක නාමල්ට දෙන්න බැසිල්ට ඇමරිකන් පුරවැසිභාවය ඉවත් කරගන්න ඕනි නෑ.
ඇත්තටම එක්තරා තැනකදී බැසිල්ට තියන එකම ගැලවුම ඇමරිකන් පුරවැසිභාවය බව බැසිල් දන්නවා.ඒක නිසා ඇමරිකන් රන් දෙවොල බැසිල් ලේසියෙන් බිම තියන්නේ නෑ.බැසිල් එනවා නම් එන්නේ කරුණු දෙකකට.එකක් රනිල්ට සපෝට් කරලා අගමැතිකම ගන්න පුළුවන්ද බලන්න.ආය නාමල්ට අගමැතිකම අරන් දෙන්න අමාරුවක් බැසිල්ට නෑ.ඒකට සාධාරණ හේතුවක් බැසිල්ට තියනවා.
බැසිල් දන්නවා ආය බැසිල්ට අවස්ථාවක් එන්නේ නෑ කියලා. නාමල් විපක්ෂයට ගිහින් එන්න උනත් කල් තියන හින්දා නාමල් එහෙම ගේම් එකකට ලෑස්ති වෙනවා.හැබැයි බැසිල්ට එහෙම සහනයක් නෑ.ඒක නිසා බැසිල්ගේ පළවෙනි උත්සාහය ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල්ට උදව් කරලා අගමැති අපේක්ෂකයා වීම. ඊට පස්සේ මොන ක්රමයකට හරි ජනාධිපතිවීම.එක්කෝ අනුප්රාප්තික ජනාධිපති නැත්තං 2029 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ජනාධිපති වෙන්න.
බැසිල්ට තියෙන්නේ ඔය හීන දෙක. හැබැයි ඒවා සෑබෑ නොවන හීන බවත් කියන්න ඕනි.මොකද රනිල් බැසිල් අගමැති අපේක්ෂකයා කරන්න එකඟවීම කියන්නේම රනිල් දේශපාලන වශයෙන් සියදිවි නසා ගත්තා වගේ වැඩක්.2024 ජනාධිපතිවරණය දිනන්න රනිල්ට පොඩි හරි අවස්ථාවක් තියනවා නම් ඒක නැති කර ගැනීමක්. ඒක නිසා මෙතනදී රනිල්ගේ භූමිකාව තමයි වැදගත්ම වෙන්නේ.රනිල් තමයි තීරණය කරන්න ඕනි රාජපක්ෂලා තියන්නේ පුටුවේද,බංකුවේද එහෙමත් නැත්තං පැදුරේද කියලා.
රටේ රාළගේ තක්සේරුව අනුව නම් රනිල් කළබල නොවී තව ටිකක් දුර ගියොත් රාජපක්ෂලාට වෙන්නේ රනිල්ට යටත් වෙන්න.යටත්වීම හැර වෙන උත්තරයක් රාජපක්ෂලාට නෑ.හැබැයි ඊට මෙහා බැසිල් සහ නාමල් වෙන වෙනමත් එකට එකතු වෙමිනුත් තමන්ට ගෙඩිය කඩා ගන්න ෆයිට් කරයි. එතනදී නාමල්ට වැඩිය බැසිල් ගොඩක් බලවත්.බැසිල් නැති කාලේ නාමල් ගොඩක් මහන්සි වෙන්න ඇති.ඒත් නාමල්ගේ හැසිරීම අපරිනයි.
මහින්ද පවා ඒ ගැන සතුටෙන් නෙවෙයි ඉන්නවා ඇත්තේ.
රටේ රාළ කියන්නේ මේ ෆයිට් එක තමයි රාජපක්ෂලාට තීරණාත්මක විනාශය ගේන්නේ.අන්තිමට පොහොට්ටුවේ 5% කට වඩා රාජපක්ෂලාට ඉතිරි වෙන්නේ නෑ. රටේ රාළ කියන්නේ ඒ දක්වා යන්න දීමෙන් තමන්ට හිමි තැන පුටුවද, බංකුවද,පැදුරද කියන එක රාජපක්ෂලාම තෝර ගනීවි.රනිල් කරමින් ඉන්නේ තමන්ගේ තැන රාජපක්ෂලාටම හදාගන්න ඉඩදී බලා සිටීමයි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
May be an image of 2 people

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *