සංචාරක ව්‍යාපාරයෙන් ජනවාරියේ ඩොලර් මිලියන 342 ක්

 

සංචාරක ව්‍යාපාරයෙන් පසුගිය ජනවාරි මාසයේ මෙරටට ලැබුණු ආදායම ඩොලර් මිලියන 342 ක් බව මහ බැංකු සංඛ්‍යාලේඛන මගින් පෙන්නුම් කර ඇත.

මෙය 2020 ජනවාරි මාසයෙන් පසු මසක දී ලැබුණු ඉහළම ආදායම ලෙස වාර්තා වී තිබේ.

ජනවාරි මාසයේ මෙරටට පැමිණි සංචාරක සංඛ්‍යාව ද වාර්තා ගත ලෙස ඉහළ ගොස් තිබිණි. එම සංඛ්‍යාව 208,253 ක් ලෙස වාර්තා වී ඇත.

පෙබරවරිමසයේ පැමිණීම එම සංඛ්‍යාව ද ඉක්මවා ගොස් ඇති බව වාර්තා වෙයි. එම සංඛ්‍යාව 218,350  කි.

මාස දෙකෙහි සමස්ත පැමිණීම 426,603 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *