අංගවිකල වමක් කුමටද? – රටේ රාළ

May be an image of 1 person
අපේ රටේ බිහිවුන වමේ ව්යාපාර බොහොමයක දෘෂ්ටිවාදය බවට පත්වුනේ මාක්ස්වාදය.පස්සේ කාලෙක මාක්ස්වාදය මාක්ස් – ලෙනින්වාදය දක්වා සංවර්ධන වුනා.ඒ වගේම මාවෝවාදයත් අපේ රටේ වමේ ව්යාපාරයට දෘෂ්ටිමය වශයෙන් දැවැන්ත බලපෑමක් කළා. ජවිපෙ තමන්ගේ දෘෂ්ටිවාදය විදිහට පිලිගන්නේ මාක්ස් – ලෙනින්වාදය.නැත්තං දයලෙක්තික භෞතිකවාදය.
සාමාන්ය හාවිතයේදී අපි ඒකට කියන්නේ පන්ති දේශපාලනය කියලා.පන්ති දේශපාලනය ඇතුලේ තියෙන්නේ පන්ති වෛරය.නිර්ධන පන්තිය වෙනුවෙන් බලය ලබාගැනීමට කියන්නේ නිර්ධන පන්ති ආඥාදායකත්වයක් ගොඩනැගීම කියලයි. ජවිපෙ පෙනී ඉන්නේ නිර්ධන පන්ති ආඥාදායකත්වයක් වෙනුවෙන්. ජවිපෙ තමන්ගේ අභයන්තර කවවලට නිර්ධන පන්ති ආඥාදායකත්වය ගැන කතා කරනවා.ඔය ඉදලා හිටලා ලාල් කාන්තගෙන් එලියට පනින්නේ ඒවයේ අහුකොන් කෑලි තමයි.
ලාල් කියන්නේ නිර්ධන පන්තිය එයාලට රාජ්ය බලය දෙන්නේ මර්ධනයටත් එක්ක කියලා.නිර්ධන පන්ති ආඥාදායකත්වය ස්ථාපිත කරීම අතිශයින් ප්රචණ්ඩ එකක්. 1977 බලය ගත්ත ජේආර් පොලීසියට සති දෙකකට නිවාඩු දීලා තමයි මර්ධනය පටන් ගත්තේ. ඒ මර්ධනය කොච්චර භයානකද කියලා අපේ වැඩිහිටියෝ දන්නවා. නිර්ධන පන්ති ආඥාදායකත්වයක් ස්ථාපිත කරනවා කියන්නේ ඊට වඩා ලක්ෂ වාරයක් ප්රචණ්ඩ එකක්.
දැන් මේ වැඩේ කරන්න යන ජවිපෙ ඉස්සෙල්ලාම මුහුණ දෙන ප්රශ්නය තමයි කොහොමද නිර්ධන පන්තිය වෙන් කරගන්නේ කියන එක. මොකද ජවිපෙටත් නිවැරදි පන්ති විග්රහක් නෑ.ජවිපෙට විතරක් නෙවෙයි අපේ රටේ කිසිම වමේ ව්යාපාරයකට නිවැරදි පන්ති විග්රහක් නෑ.රටේ රාළ එයාලට කරන පළවෙනි අභියෝග තමයි පුළුවන් නම් ලංකාවේ පන්ති පදනම විග්රහ කරන්න කියලා.
ඔය කියන පන්තිවලට අදාලව සමාජ බෙදීම කොහොමද තියෙන්නේ කියලා පැහැදිලි කරන්න.ධනේශ්වර ක්රමයේ ආරම්භයත් එක්ක ප්රාග්ධනය හිමිකරුවන් සහ එයාලගේ සේවකයෝ කියලා කොටසක් හිටියා.අදත් ප්රාග්ධන හිමිකරුවෝ ඉන්නවා.ප්රාග්ධනය අහිමි කොටසකුත් ඉන්නවා.ඒ වගේම මොකුත්ම නැති පීඩිතයොත් ඉන්නවා.එයාලට රැකියාවක්වත් නෑ.මොකුත්ම නෑ.ඇත්තටම අනාතයෝ.
සමහර වම්මු එයාලා ලුම්පන් පන්තිය කියලත් හදුන්වනවා.පන්ති විග්රහයෙදී ප්රාග්ධනය නැති වැටුප් ශ්රමිකයෝ තමයි නිර්ධනයෝ වෙන්නේ.නිකං හිතන්නකෝ ලංකාවේ වැටුප් ශ්රමිකයෝ කියලා කියන්නේ බොහෝවිට රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයෝ.ඔය කණ්ඩායම් දෙකෙන් ප්රාග්ධනයට හිමිකම් කියන්නේ නැති,වැටුපට අමතර කිසිම ආදයම් නැති සේවකයෝ කොච්චර ඉන්නවද, වැටුපට අමතරව ප්රතිලාභ ලබන අය කොච්චර ඉන්නවද?
එහෙම හිතුවම නිර්ධන පන්තිය කියලා ඉර ගහන්න බැරි ප්රශ්නයක් අපේ සමාජයේ තියනවා. නිකං හිතන්නකෝ රේගුවේ ඉන්න රජයේ නිළධාරීන් ගැන.පඩියට අමතරව රේගු දඩවලින් එයාලට 50% ක් විතර එනවා.ඊට අමතරව තව 20% ක් විතර එයාලගේ සුභසාධන අරමුදලකට යනවා.ඉතිරි ටික තමයි ආණඩුවට එන්නේ.එතකොට මේ අය මොන පන්තියේද?තව උදාහරණයක් ගත්තොත් පොලීසියට වැටුප් ගෙවනවා.
හැබැයි දඩ ගහන එක ඇතුලේ එයාලටත් ලාභයක් තියනවා. ආණඩුවට වගේම එයාලටත් කොටසක් යනවා.විශේශඥ වෛද්ය වරයෙක් වැටුපට අමතරව pp වලින් විශාල මුදලක් හම්බ කරනවා. ගුරුවරු වැටුපට අමතරව ටියුෂන්වලින් හොයනවා.මේ විදිහට ප්රසාරණය වෙච්චි ආර්ථික ඇතුලේ පන්ති බෙදීමක් කොහොමද හදන්නේ කියලා ඇත්ත ප්රශ්නයක් තියනවා.
ඒක නිසා මෙතනින් එහාට කවුරු හරි පන්ති අර්ථයෙන් දේශපාලනය කරනවා නම් එයාලට වරදිනවා. පන්ති අර්ථයෙන් තවදුරටත් ජනතාව ගොනු කරන්න බෑ.පන්ති විග්රහ දැන් මේ තියන සමාජයට ප්රායෝගික නෑ.ඒක නිසා පන්ති දේශපාලනය කියන විග්රහ හදාගත් වම්මු ටික දැන් ඒ දේශපාලනයම තවදුරටත් කරනවද නැද්ද කියන එක රටට කියන්න ඕනි.අපි තවමත් පන්ති දේශපාලනය කරනවා නැත්තං නෑ කියලා කියන්න.
පන්ති දේශපාලනය කරනවා කියලා වෙන දේශපාලනයක් කරලා තමන්ගේ දේශපාලන හතුරන් මරන්න විතරක් පන්ති වෛරය යොදා ගන්න බෑනේ.ඇත්තටම මේ සංකීර්ණ ආර්ථික වටපිටාවක් සහිත සමාජයක් ඇතුලේ පන්ති විග්රහට අනුව දේශපාලනය කරන්න යන ඕනිම කෙනෙකුට වරදිනවා. දේශපාලනය වශයෙන් හුදකලා වෙනවා වගේම බොහොම පටු සීමාවකට කොටු වෙනවා.
ලංකාවේ වමේ ව්යාපාරය කරගෙන තියෙන්නේ ඒ වරද්දා ගැනීම.ඒක නිසා මේ කාරණය නිරවුල් කරගන්නේ නැතිව ලෙනින්ගේ වෙළුම් විතරක් කට පාඩම් කරලා වැඩක් නෑ.දැන් ලාල් කාන්ත කියන විදිහට එයාලා බලය ගන්නේ පන්ති දේශපාලනය ඇතුලේ.ගත්තට පස්සේ ධනපති පන්තියේ උවමනාවන් මර්ධනය කරනවා.ඒ අය සහ ඒ තැන් දැනටමත් මාක් කරගෙන ඉන්නේ කියලා ලාල් කාන්තම කියනවා.ඒ සියල්ල තියෙන්නේ පන්ති විග්රහය ඇතුලේ.
එතකොට එන ප්රශ්න තමයි මේ වගේ ක්රියාමාර්ග සහිත දේශපාලන ධාරාවන් තවදුරටත් වලංගුද කියන එකයි.ඒකයි රටේ රාළ කියන්නේ පැරණි වම වගේම ජවිපෙත් දැන් යල් පැනලා කියලා.ජවිපෙ පන්ති දේශපාලනය තවදුරටත් කරනවාද කියන නිරවුල් කරගැනීම රටට අවශ්යයි.මොකද ජවිපෙත් දේශපාලනය කරන්න ඕනි මිනිස්සු රකින්න මිසක් මිනිස්සු මරන්න නෙවෙයි.ඒ වෙනුවෙන් ජවිපෙ හදන වැඩපිලිවෙලවල් හදද්දී ජවිපෙ ඉන්න ස්ථාවරය වැදගත්.පන්ති දේශපාලනය ඇතුලේ නං ජවිපෙ ඉන්නේ ඔය ඕනිම වැඩපිලිවෙලක ලේ තැවරෙන එක නතර කරන්න බෑ.
ජවිපෙ කියන්න ඕනි එයාලගේ විදිහ නිර්ධන පන්ති ආඥාදායකත්වයද නැත්තං සමාජ ප්රජාතන්ත්රවාදයද මොකද්ද කියලා.ජවිපෙ කොතන හිටගත්තත් රටේ රාළට ප්රශ්නයක් නෑ.හැබැයි ඒක රට දැනගන්න ඕනි. එහෙම නැතිව ජවිපෙ වල්මත් වෙලා ඉන්නවා මදිවට රටත් වල්මත් කරන්න දෙන්න බෑ.දැන් මේ රටට ඕනි නිර්ධන පන්ති ආඥාදායකයක් නෙවෙයි.පොදු ජනතාව ගැන හිතන දේශපාලනයක්.මානව හිතවාදී දේශපාලනයක්.
එතෙන්ට මේ රට ගෙනියන්න ඕනි. ඇත්තටම රටේ රාළ බලකායේ සටන ෆෝකස් වෙන්නේ එතෙන්ට. ඒකට පොදු ප්රයත්නයක් ඕනි.පොදු හඩක් සහ පොදු එකමුතුවක් ඕනි. ඒවායේ පදනම් බවට පත්වෙන්න ඕනි මානවවාදය විතරයි.ඒ මත තමයි සියලු තීන්දු තීරණ ගන්න ඕනි.ඉදිරි මැතිවරණ සන්ධිස්ථානයේදී අපි උඩට ගන්න ඕනි එහෙම ධාරාවන් විතරයි.රට විනාශ කළ වගේම රටේ අනාගතයත් විනාශ කරන බලවේගවලට බලය දෙන්න එපා.
ධනේෂ්වර ආඥාදායක පාලකන් වගේම නිර්ධන පන්ති ආඥාදායකත්වය ඊටත් වැඩිය අතිශයින්ම භයානකයි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 1 person

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *