|

ජනවාරි මාසයේ අලුත් සමාගම් 1,995 ක් ලියාපදිංචි කරලා – මහ බැංකු අධිපති

 

සමාගම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ වාර්තා අනුව මෙම ජනවාරි මාසයේ අලුතින් සමාගම් 1,995 ක් ලියාපදිංචි කොට ඇති බවත්, එය ආර්ථිකයේ වර්ධනයක් සිදුවන බවට සඥාවක් බවත්, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි.

ව්‍යාපාර වැසීම ගැන සමහරු කතා කළත්, ඇතැම් ව්‍යාපාර වැසී යෑම සහ අලුත් ව්‍යාපාර ආරම්භ වීම සාමාන්‍ය ක්‍රියාවලියක් බවත්, මහ බැංකු අධිපතිවරය කියයි.

පසුගිය කාලයේ ව්‍යාපාර වැසී යෑම සිදු වූ නමුත් දන තත්ත්වය වෙනස් වී ඇති බවට සාක්ෂි ඇති බව ඒ මහතා කියයි.

ශ්‍රී ලංකා බිස්නස් ටී වී හි මාධ්‍යවේදී ජයන්ත කොවිලගොදගේ මහතා සමග සාකච්ඡාවක දී මහ බැංකු අධිපතිතුමා මෙම කරුණු හෙළි කොට ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *