සංසෝධන ගෙනත් කරන්න පුලූවන් දේ සීමා සහිතයි. අපට අවශ්‍ය නව ව්‍යවස්ථාවක් පමණක් නොව නවීන ව්‍යවස්ථාවක් – ජයම්පති වික‍්‍රමරත්න

1978 සැප්තැම්බර් මාසයේ සිට ම පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව එරෙහි විශාල ව්‍යාපාරයක් අරගෙන ගියා. ඒ නිසා පටු දේශපාලන කෝනයකින් මේ ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණය දිහා බලන්නෙ නැතුව, ඒක ජනතාවට අවශ්‍ය, රටට අවශ්‍ය, අපි සියලූ දෙනාට ම අවශ්‍ය කාරණයක් හැටියට ඉතාමත් පුළුල් ලෙස හිතලා මේ ප‍්‍රශ්නය දිහා බලන එක ගැන, ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය ගැන ඇත්තවශයෙන්ම අපිට තිබෙන්නේ ආඩම්බරයක්. අවාසනාවකට වාමාංශිකයයි කියා ගන්නා සියලූම කණ්ඩායම් ගැන එසේ කියන්න බැහැ.
අපි දැක්කා ව්‍යවස්ථා මර උගුල පරාජය කරමු කියන ප‍්‍රධාන සටන් පාඨය තේමාකරගත් රැුස්වීමක් ළ`ගදි නුගේගොඩ තිබුණා. අන්ත ජාතිවාදී කොටස් එක්ක එකතුවෙලා රතු කමිස අඳින සහොදරවරු ගණනාවක් එහි හිටියා. අන්ත ජාතිවාදය වපුරන වේදිකාවේ අපේ වාමාංශිකයයි කියාගන්නා කණ්ඩායම් ද සිටීම කණගාටුවට කරුණක්. එක් අයෙක් කියලා තිබුණා මේ ආණ්ඩුව පෙරළන්න තියෙනවා නම් ව්‍යවස්ථාව මුල් කරගෙන හරි, මොකෙන් හරි කමක් නැහැ ඒක තමයි වැදගත් කියලා. සමහරු මේ ව්‍යවස්ථාව මදි කියල ඊට විරුද්ධව කතා කරපු අය. 1977 සිට දිගටම මේ පිළිබඳව මැදිහත් වෙමින්, මේ කටයුතුවලට සහභාගි වුණු වමේ සහෝදරවරු එවැනි අන්තවාදී ස්ථාවරයකට පත්වෙලා ඉන්න එක ගැන කනගාටුයි.
අපි ජේ.ආර්. ගෙ ව්‍යවස්ථා මරඋගුලෙන් ගැලවෙන්න හදන වෙලාවෙ, පවතින ව්‍යවස්ථා මර උගුලට විරුද්ධව හැමදාම සටන් කරපු අය, නැති මර උගුලක් මවාගෙන නව ව්‍යවස්ථාවට විරුද්ධ වීම ඉතාමත් කනගාටුදායක කාරණයක්. කෙසේ වෙතත්  අද අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් ඇති වී තිබෙනව. මෙය දීර්ඝ කාලයක් තිස්සේ තිබුණ දෙයක්. මෙය අලූත් දෙයක් නෙමෙයි. බොහෝ වෙලාවට පුරවැසි සංවිධාන වල ක‍්‍රියාකාරීන් අහන දෙයක් තමයි. ‘කෝ, ප‍්‍රමාණවත් ලෙස සාකච්ඡුාවක් ඇති වෙන්නෙ නෑ’ කියලා. ඒක දැන් මෝස්තරයක් වෙලා. ‘‘ව්‍යවස්ථා කටයුතු ගැන සාකච්ඡුා වෙන්නෙ නෑනෙ. කෝ අපෙන් අහන්නෙ නෑනෙ.’’ කියලා කියනව. ඊයෙ තිබුණා පුරවැසි සංවිධානවල සාකච්ඡුාවක්. ඉතාම විශාල උනන්දුවක් තියෙනව මේ ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණවලට උනන්දුවෙන අයගෙ. එතනදි මතු වුණා අපිට ආපහු මේ ගැන කතා කරන්න පුලූවන් වෙයිද කියල. මම දුන්න උත්තරේ තමයි ‘පුලූවන් තරම් සාකච්ඡුාවට සහභාගි වෙන්න’ කියන එක.
ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණය ගැන කතා කරන්න, දහස් ගණනින් ලාල් විජේනායක සහෝදරයගෙ කමිටුව ඉදිරියෙ අදහස් ඉදිරිපත් කෙරුව. කරුණු ඉදිරිපත් කරන්න ඉදිරිපත් වෙන්නෙ නැති සමහරු කියනව, ‘කෝ අපෙන් අහන්නෙ නෑනෙ’ කියල. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අනු කමිටු හයක වාර්ථා පිටවෙලා තියෙනව. මානව හිමිකම් පිළිබඳව වාර්තාව හදපු කමිටුවෙ සාමාජිකයෙක් හැටියට මම හිටිය. සුබසිංහ සහෝදරයත් හිටිය. අපි ඉදිරිපත් කරල තියෙන මානව හිමිකම් පිළිබඳව වාර්තාව ලෝකයේ ඉතාමත්ම ඉදිරියට යන වාර්තාවක්. අපි එය ඉදිරිපත් කරල තියෙනව. ඒ යෝජිත මූලික අයිතිවාසිකම් පිළිබඳ පරිච්ෙඡ්දය අපේ ව්‍යවස්ථාවට ඇතුළත් කරන්න පුලූවන් නම්, මුලූ ආසියාවෙම ශක්තිමත්ම මානව හිමිකම් වාර්ථාව බවට පත්වෙනවට කිසිම සැකයක් නෑ. නමුත් ඒවා ක‍්‍රියාත්මක කරන්න කියන තරම් ලේසි නෑ. විශේෂයෙන්ම ආණ්ඩුවේ සහ ආණ්ඩුවෙන් පිට ඉන්න දක්‍ෂිණාංශක කොටස්, ව්‍යාපාරික ප‍්‍රජාව, ධනපති පංතිය මේවට විරුද්ධ වුණා.
අපි යෝජනා කරලා තියෙනවා සමාජ ආර්ථික අයිතිවාසිකම්, වෘත්තීය අයිතිවාසිකම් දැනට තිබෙනවට වඩා හු`ගාක් ඉදිරියට යන ආකාරයට.   වෘත්තිය සමිතියකට බැඳීමට තියෙන අයිතිය පමණක් නෙමෙයි වෘත්තීය සමිතියක කටයුතු කිරීමට තියෙන අයිතිය, ඒ වගේම ආරක්‍ෂාකාරී තත්ත්වය යටතේ වැඩ කිරීමට තියෙන අයිතිය. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අයිතිවාසිකම්, ප‍්‍රමාණවත් ජලය සහ ආහාරවලට ප‍්‍රවේශවීමට තියෙන අයිතිය, සෞඛ්‍යයට ප‍්‍රවේශවීමට තියෙන අයිතිය, අධ්‍යාපනයට ප‍්‍රවේශ වීමට තියෙන අයිතිය, ළමයින්ගේ අයිතිවාසිකම්, දුබලතා තියන අයගේ අයිතිවාසිකම්. එවැනි අයිතිවාසිකම් පිළිබඳව ඉතාමත් ඉදිරියට ගිය යෝජනා අපි ඉදිරිපත් කරල තියෙනව. මට කියන්න කනගාටුයි, මම දැක්කෙ නෑ එකක් දෙකක් හැරෙන්නට මානව හිමිකම් පිළිබඳව උනන්දුවක් දක්වන කණ්ඩායම්, මානව හිමිකම් පිළිබඳ අධ්‍යයනයක් කරල මේවා හොඳයි, මේවට අපි එක`ගයි. එහෙම නැත්නම් මේවා වැරදියි මේවට අපි විරුද්ධයි කියලා සාකච්ඡුාවක් නැහැ. හැම එකකට ප‍්‍රමාණවත් සාකච්ඡුාවක් නැහැ කියලා කියන ෆැෂන් එකකුත් තියෙනව.   නමුත් සාකච්ඡුා සඳහා ලියවිල්ලක් ඉදිරිපත් කරපුවම සාකච්ඡුා සඳහා සම්බන්ධ වෙනවත් අඩුයි.
ජේ.ආර්. ගෙ ව්‍යවස්ථාවට විරුද්ධව පෙළපාලි ගිහිල්ලා ගුටිකාපු අය පවා දැන් කියනවා ‘‘ව්‍යවස්ථාවක් අලූත්ම එකක් අවශ්‍යද?’’ කියල. ‘‘ඇයි අපිට මේකෙ සංසෝධනයක් කරන්න බැරි?’’ කියලා. ඒ අදහස එක්සත් ජාතික පක්‍ෂයෙන් එනව නම් පුදුමයක් වෙන්න දෙයක් නැහැ. එක්සත් ජාතික පක්‍ෂය තමයි මේ කෙහෙල්මල් ව්‍යවස්ථාව හැදුවෙ. දැන් එගොල්ලන්ටත් මේක එපා වෙලා. නමුත් කියන්න කනගාටුයි, මේ ව්‍යවස්ථාවට විරුද්ධව හැමදාම කතාකරපු අය කියනවා ‘‘අලූත ව්‍යවස්ථාවක්  ඕනද? ඇයි අපිට මේක සංසෝධනය කරන්න බැරි?’’  කියල.
මේ ව්‍යවස්ථාව හදල තියෙන්නේ එක්තරා අඩිතාලමක් මත. සියලූ බලතල එක පුද්ගලයෙකුට කේන්ද්‍රගත ව්‍යවස්ථාවක්. ඒ ව්‍යවස්ථාවෙ අඩිතාලම දැන් පුපුරලා ඉවරයි 19 වන සංසෝධනය තුළින් එය පිපිරුවා. එක්තරා විදිහක 17 වන සංසෝධනයෙන් ඒවා ඔක්කොම නිෂේධනය වුනා.  19 වෙනි සංසෝධනයෙන් එහි පදනමට පහරවල් ගණනාවක් ගහන්න අපිට හැකි වුනා. මෙතැනින් එහාට යන්න පුලූවන්ද මේ තියන ව්‍යවස්ථාවට? එකක් නීතිමය ප‍්‍රශ්න තිබෙනව. තිබෙන ව්‍යවස්ථාව තුළ කරන්න හැකි දේවල් සීමාසහිතයි. අනික මූලික ප‍්‍රශ්නයක් වන්නෙ 72 ව්‍යවස්ථාවෙ හා 78 ව්‍යවස්ථාවෙ සුජාත භාවය පිළිබඳ ප‍්‍රශ්නයක් තිබුණා. ඒ කාලේ අපේ රටේ නීතියෙ ජනමත විචාරණ තිබුණෙ නැහැ.
එක කාලයක් තිබුනා ද්‍රෝහින් හැටියට තමයි අපිව සැලකුවෙ. 72 ව්‍යවස්ථාවෙ යම් යම් දුර්වලකම් තියෙනව කියල ලංකා සමසමාජ පක්‍ෂය තුළ අපි කියනකොට ‘‘කොල්වින් සහෝදරය හදපු ව්‍යවස්ථවෙ කොහොමද දුර්වලකම් තියෙන්නේ?’’ කියල අහනව. කොල්වින් සහෝදරයම කිව්වා ව්‍යවස්ථාවක් හදනකොට ඒක හදන්නෙ ව්‍යවස්ථා කටයුතු ඇමති නෙමෙයි කියලා. ඔහුට කෙටුම්පත් කිරීම පිළිබඳව විශේෂ භූමිකාවක් තියෙනව. නමුත් එයාට  ඕන විදිහට ව්‍යවස්ථාව හදාගන්න බැහැ. ඒකට සම්බන්ධවන විවිධ දේශපාලන බලවේගවල සම්ප‍්‍රයුක්තිය තමයි ව්‍යවස්ථාව’’ කොල්වින් සහෝදරයට අවශ්‍ය විදිහට ව්‍යවස්ථාව හදන්න පුලූවන්නම් ඔය විදිහට නෙමෙයි ව්‍යවස්ථාව හදන්නෙ.
1972 ව්‍යවස්ථා හොඳ ලක්‍ෂණ ගණනාවක් තිබුණ. බි‍්‍රතාන්‍ය කිරීටයෙන් සම්පූර්ණයෙන්ම කැඞීම, මූලික අයිතිවාසිකම් පළමුවරට පිළිගැනීම, රාජ්‍ය ප‍්‍රතිපත්ති පිළිබඳ මූලධර්ම ඇතුළත් කිරීම වැනි හොඳ ප‍්‍රගතිශීලි ලක්‍ෂණ ගණනාවක් තිබුණ. නමුත්, සියලූම බලතල එක තැනකට එක්කරපු ව්‍යවස්ථාව තමයි 72 ව්‍යවස්ථාව. ජාතික රාජ්‍ය සභාව රාජ්‍ය බලය පිළිබඳ උත්තරීතර ආයතනය බවට පත්කරල, ව්‍යවස්ථාවට විැද්ධව නීති හදන්න බලය දීලා තිබුණ. හු`ගක් වෙලාවට නීතියට අභියෝග කිරීම පිළිබඳව අපිට තේරෙන්නෙ නීතිය ක‍්‍රියාත්මක වෙනකොට. 1948 ව්‍යවස්ථාවෙන් ඊට ඉඩ දුන්නා. ඒවා සියල්ලම අහෝසි කෙරුව. අද අපේ නීති පොතේ තියෙනව ව්‍යවස්ථාවට විරුද්ධ නීති ගණනාවක්. ඒවා පිළිබඳ අපට කරගන්න දෙයක් නැහැ. මේ 72 ව්‍යවස්ථාවෙත්, 78 ව්‍යවස්ථාවෙත් තියෙනව නීතියක් සම්මත කරන්න ඉස්සර වෙලා මිස නීතිය සම්මත කෙරුවට පස්සෙ අභියෝග කරන්න බෑ කියල. සමහර නීතිවල ක‍්‍රියාකාරිත්වය තේරෙන්නෙ නීතිය ක‍්‍රියාත්මක වෙනකොට. අංජනම දිහා බලවන වගේ කලින් කියන්න බැහැ මේකෙන් ව්‍යවස්ථාව උල්ලංගනය වෙනවද කියල. ඉන්දියාවේ එම බලතල තියෙනව. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය ඉතාමත්ම ප‍්‍රවේශම් වෙනව. විශේෂයෙන්ම යම්කිසි නීතියක් යටතෙ පුරවැසියන්ට යම් අයිතිවාසිකම් ලැබිලා තිබුණොත්, ඒ වගන්තිය නීති විරෝධියි කියනකොට සුදුසු අවස්ථාවලදි ශ්‍රේෂ්ඨාධිකරණය කියනව මේක බලපාන්නේ මේ නඩුවට හා අනාගතයට පමණයි අතීතයට බලපාන්නෙ නෑ කියල. දකුණු අප‍්‍රිකාවෙ ව්‍යවස්ථාවෙ විශේෂයෙන්ම සඳහන් කරල තියෙනව ජනතාවගෙ යම් අවස්ථාවක අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමට අවශ්‍ය වූ විට, යම් වගන්තියක නීත්‍යනුකූල භාවය ඉදිරියට පමණයි කි‍්‍රයාත්මක කරන්න පුලූවන් කියල.
මේ තත්ත්වය යටතේ අපට අවශ්‍ය වන්නේ අදට ඔබින නවීන ව්‍යවස්ථාවක්. නව ව්‍යවස්ථාවක් පමණක් නොව නවීන ව්‍යවස්ථාවක්. නව ව්‍යවස්ථාවක් හදන්න පහසුයි. අමාරු නවීන ව්‍යවස්ථාවක් හදන්නයි.  අද ලෝකෙ තියෙන ප‍්‍රවනතාවය තමයි සමාජ ආර්ථික අයිතිවාසිකම්. වාමාංශිකයන් වන අපට මෙය ඉතාමත් වැදගත්. සමාජ අයිතිවාසිකම්, ආර්ථික අයිතිවාසිකම්, ප‍්‍රමාණවත් ආහාර සහ ජලයට ඇති ප‍්‍රවේශය හිසට වහලක් ලබාගැනීමට තියෙන අයිතිය. ස්ත‍්‍රීන්ගේ හා ළමයින්ගේ අයිතිවාසිකම් මේ වගේ දේවල් ඇතුළත් කරන නවීන ව්‍යවස්ථාවක්. නැගෙනහිර තිමෝරය වැනි ඉතාමත්ම නොදියුණු රටවලවල මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ පරිච්ෙඡ්ද අපට වඩා හැතැප්ම ගණන් ඉදිරියෙන්. නේපාල ව්‍යවස්ථාව, දකුණු අප‍්‍රිකාණු ව්‍යවස්ථාව, කෙන්යා ව්‍යවස්ථා අපිට වඩා ඉදිරියෙන්. අපිට අවශ්‍ය නිකම්ම ව්‍යවස්ථාවක් නෙමෙයි. අනාගත දැක්මක් තියෙනන නවීන ව්‍යවස්ථාවක්.
අපිට ජාතික ගැටළුවක් තියෙනව. අපිට ජනවාර්ගික ප‍්‍රශ්නය පිළිබඳ විශාල ගැටළුවක් තියෙනව. එය විසඳිලා නෑ. යුද්ධය ඉවරයි. ගැටුම ඉවර නෑ. ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණයට විරුද්ධව කතා කරන ජාතිවාදීන්් එක්ක රතු කමිස ඇඳගත්ත අයත් එකතුවෙලා ඉන්න බව කණගාටුවෙන් වුවත් කියන්න  ඕනෙ. මේ න්‍යාචාර්යවරුන් කියන්නෙ මොනවද? රාජ්‍ය බලය බෙදාගන්න එපා කියලයි. ආණ්ඩුකරණයට සංඛ්‍යාත්මක වශයෙන් කුඩා වූ කොටස් සම්බන්ධ කරගන්න එපා කියලයි. ඔවුන් කියන්නේ රාජ්‍ය බලය තිබිය යුත්තේ සිංහල බෞද්ධයින්ට කියලයි. සිංහල බෞද්ධ ජනකොට්ඨාශ්‍යට හැරෙන්නට අනෙක් අයට රාජ්‍ය බලයෙන් කොටසක් නොතිබිය යුතුයි කියලයි. බලය පිළිබඳ ඒකාධිකාරය අපිට තිබිය යුතුයි. මහින්ද රාජපක්‍ෂ කියන්නෙ ඒකයි. ඒකාබද්ධ විපක්‍ෂයෙන් නැෙ`ගන හඬ ඒකයි. එහෙම ව්‍යවස්ථාවක් තිබිල තමයි අපිට මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නෙ.
විධායක ජනාධිපති දුරයේ බලතල පාවිච්චි කරල තමයි යුද්දය කෙරුවෙ කියල කියනව. ඒ අයට අමතකයි ජනවාර්ගික ගැටළුව මේ තරම් උග‍්‍ර වුනේ විධායක ජනාධිපති ක‍්‍රමය තුළ කියල. 1977 ට ඉස්සරවෙලා ගැටුම් තිබුණ. ඇල්ප‍්‍රට් දොරේඅප්පා මැරුවෙ 1977ට ඉස්සර වෙලා. ආයුධ සන්නද්ධව සංවිධානය වෙලා රාජ්‍ය බලයට ආයුධ සන්නද්ධව පහර දීම කෙරුවෙ මේ ව්‍යවස්ථාව යටතේ. විධායක ජනාධිපති ක‍්‍රමයට බැරිවුනා යුද්ධයකට යන්න ඉස්සරවෙලා මෙය නවත්වගන්න. ඊට පස්සෙ බලය පාවිච්චි කරල නැති කෙරුව. නමුත්, ප‍්‍රධාන ප‍්‍රශ්නය තවම තිබෙනව. මොකක්ද ප‍්‍රධාන ප‍්‍රශ්නය. එය තමයි මේ රටේ දේශපාලන බලය පිළිබඳ ප‍්‍රශ්නය. මේ රටේ විවිධ ජන කොටස්වලට ආණ්ඩුකරණයට සම්බන්ධ වීමට තියෙන අයිතිය. ඒක තමයි ප‍්‍රදාන ප‍්‍රශ්නය. ඒක විසඳන්නෙ නැතිව කිසිදෙයක් කරන්නට බැහැ. ඒ නිසා තමයි නව ව්‍යවස්ථාවක්  ඕනෙ. මේ තිබෙන ව්‍යවස්ථාවට එහෙන් මෙහෙන් සංසෝධන දාලා, ටිංකරින් කරල,  කරන්න පුළුවන් දේ සීමාසහිතයි.
මේ ළ`ගදි දෙමළ ජාතික සංධානයේ සම්බන්ධන් සහෝදරයා කිව්වා.  ‘‘අපි ජනමත විචාරණයක් ඉල්ලන්නෙ තවත් හේතුවක් නිසා. අපිට මේ විසඳුමට දෙමළ ජනතාවගේ කැමැත්ත විතරක් නෙමෙයි සිංහල ජනතාවගේ කැමැත්තත්  ඕනෙ. සිංහල ජනතාවගේ කැමැත්ත නැති ප‍්‍රතිසංස්කරණයකින් අපිට වැඩක් නැහැ. මුළු රටම එක`ග වෙන්න  ඕනෙ මේ අලූත් ව්‍යවස්ථාව පිළිබඳව’’ කියලා. ජනමත විචාරණයකට බය වෙන්න දෙයක් නැහැ. අපිට අවශ්‍ය වන්නේ එක`ගත්වයක්. අද අවශ්‍ය ප‍්‍රධාන පක්‍ෂදෙක අතර එක`ගත්වයක්. දෙමළ ජාතික සංධානයට ද පිළිගත හැකි එක`ගත්වයක්. ජනතා විමුක්ති පෙරමුණටත් එක`ග විය හැකි ව්‍යවස්ථාවක්. ජනතා විමුක්ති පෙරමුණ මේ ප‍්‍රශ්නය දිහා ධනාත්මකව බලන බව ආරංචියි. ඔවුන් බලය බෙදාහැරීමට එක්තරා කාලයක තදින්ම විරුද්ධ වූ පිරිසක්.
ජනමත විචාරණයකට සමහරු බයයි. ඒ විරුද්ධව කතා කරන අය මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සමග හිටපු අය නෙමෙයි. එයාට විරුද්ධව හිටපු අය. එයාට පක්‍ෂව හිටපු ඔක්කොම පක්‍ෂයි ජනමත විචාරණයකට යන්න. සිවිල් සංවිධාන, පුරවැසි සංවිධාන, වෘත්තිය සමිති සියල්ල ලෑස්තියි. වාමාංශික පක්‍ෂ ලෑස්තියි මේ වැඬේ කරන්න. අවශ්‍ය කරන්නේ දේශපාලන උවමනාවක් සහ ප‍්‍රධාන පක්‍ෂ තුන හතර තුළ එක`ගත්වයක්.
ආණ්ඩුක‍්‍රම නිල මණ්ඩල සාකච්ඡුාවලට අමතරව, ඊට පිටිනුත් සාකච්ඡුා පටන් අරගෙන තියෙනව. ඒ ඇති වුන සාකච්ඡුා පිළිබඳව අපිට බලාපොරොත්තු තියාගන්නට පුලූවන්. එය ඉතාමත්ම සතුටට කරුණක්.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *