මාලිමා රැල්ලට අභියෝග කළ ලන්සාගේ හයිඩ් රැල්ල – රටේ රාළ

May be an image of 4 people
ඊයේ (24) කවුරුත් බලාගෙන හිටියේ ලන්සලාගේ නව සන්ධානය හයිඩ් පිටියේ පවත්වපු රැස්වීම දිහා.ඊයේ සෙනසුරාදා දිනයක් හින්දා සාමාන්යයෙන් කොළඹ පාලුවට යන දවසක්.හැබැයි ඊයේ කොළඹ පාලු වෙන්න ලන්සලා ඉඩදීලා තිබුණේ නෑ.අනුර යාපා – නිමල් ලන්සා සන්ධානයේ දෙවෙනි උද්ඝෝෂණ රැලිය තමයි ඊයේ කොළඹ හයිඩ් පිටියේ පැවැත්වුනේ. ලන්සලාගේ සන්ධානයේ කොළඹ දිස්ත්රික් නායක සුසිල් ප්රේමජයන්ත සහ කොළඹ දිස්ත්රික් සංවිධායක සුගීෂ්වර බණ්ඩාර තමයි රැස්වීම සංවිධානය කරලා තිබුණේ.
ඊට අමතරව සන්ධානයේ මෙහෙයුම් නායක අනුර ප්රියදර්ශන යාපාත් සන්ධානයේ නිර්මාතෘ නිමල් ලන්සා ඇතුළු පිරිසක් සහභාගී වෙලා හිටියා.මේ රැලියේ විශේෂත්වය උනේ ලන්සලාගේ සන්ධානයට අලුත් කණ්ඩායම් ගණනාවක් එකතුවුනා.බහුතරය පොහොට්ටුව දාලා ආපු අය. පොහොට්ටුවේ හිටපු මහ ඈමතිවරු,ඇමතිවරු,පලාත් සභා, ප්රාදේශීය සභා මන්ත්රීවරු 150 ක් විතර ලන්සලාගේ වේදිකාවට අලුතෙන් එකතු වෙලා හිටියා.ඒ වගේම සැලකිය යුතු හික්ෂුන් වහන්සේලා ප්රමාණයකුත් එතන හිටියා.
පිට්ටනියේ දාලා තිබුන පුටු සියල්ල පිරිලා එලියෙත් සෙනග හිටියා. කොහොමත් ඒක අති සාර්ථක රැලියක් බව කුහක නොවී කියන්න ඕනි.ලන්සලාගේ රැලිය අසාර්ථක වෙනවා දකින්න කණ්ඩායම් කීපයක් බලා හිටියා.ඒ අයගෙන් ප්රධාන වෙන්නේ රාජපක්ෂලා. ලන්සලාගේ ජා – ඇල රැස්වීම අසාර්ථක කරවන්න රාජපක්ෂලා උපරිම උත්සාහයක් ගත්තා.
විශේෂයෙන්ම පොහොට්ටුවේ පලාත් පාලන මන්ත්රීවරුන්ට ඒ රැස්වීමට සහභාගී වෙන්න එපා කියලා පුද්ගලිකවම බලපෑම් කරලා තිබුණා.ලන්සලාගේ ජා – ඇල රැස්වීමේ සාර්ථකත්වය ගැන කතා කරපු හැම තැනදීම ඒක යට කරන්න රාජපක්ෂලා වගේම රාජපක්ෂලාට කියලා ඉතිරි වෙලා ඉන්න ගෝලබාලයෝ උපරිම උත්සහයක් ගත්තා.රාජපක්ෂලාගේ ඒ උත්සාහය තවදුරටත් අසාර්ථක කරමින් අනුර යාපා – ලන්සා කණ්ඩායම ඊයේ තවත් පිම්මක් ඉදිරියට පැන්නා.
පොහොට්ටුවෙන් ඉවත්වෙලා ඉන්න රාජපක්ෂ විරෝධී කණ්ඩායම්වලින් දැනට සාර්ථක ඉදිරියක් පෙන්නන්නේ අනුර යාපා – නිමල් ලන්සා කණ්ඩායම විතරයි. රාජපක්ෂලාගෙන් ඉවත් වෙලා ඉන්න විමල් – ගම්මන්පිල – රතන – වාසුලාගේ උත්තර ලංකා සභාගය දැන් බෝඩ් ලැල්ලක් විතරයි.එයාලා මාධ්ය සාකච්ඡාවලට විතරක් සීමා වෙච්චි,ජනතාව අතර දේශපාලනය නොකරන දේශපාලන සභාගයක්.
ඩලස්ගේ නිදහස ජනතා සභාවට අත්වෙලා තියෙන්නෙත් ඊට වැඩිය භයානක ඉරණමක්. අඩුමගානේ විමල්ලට මාධ්ය සාකච්ඡාවක් හරි තියාගන්න පුළුවන්.ඩලස්ලට මාධ්ය සාකච්ඡාවක් තියන එකත් අභියෝගයක් වෙලා.තමන්ගේම කට්ටිය ඒවා මැද්දට පැනලා යකා නටනවා.සජබයට ගිය ඩලස්ගේ කණ්ඩායමටත් ඕනි ඕනි විදිහට මාධ්ය සාකච්ඡාවක්වත් තියන්න බෑ. ජීඑල්ට විතරක් පොඩි අවස්ථාවක් දීලා තියනවා.
ඩිලාන්ලා,නාලක ගොඩහේවලා, චන්න ජයසුමනලා පේන්නවත් නෑ. ඇත්තටම රාජපක්ෂලාට අභියෝග කරමින් එලියට ආපු අයගෙන් අනුර යාපා – නිමල් ලන්සා කණ්ඩායම විතරක් සාර්ථකත්වයක් පෙන්නලා තියනවා.ඒකටත් හේතුවක් තියෙන්න ඕනි.රටේ රාළ හිතන්නේ එයාලා නිදහස ජනතා සභාව වගේ එහෙමත් නැත්තං උත්තර ලංකා සභාගය වගේ කටින් බතල හිටව හිටව ඉන්නේ නැතිව ජනතාව අතරට යන්න තීරණය කළා.
ජනතාව අතරට ගිහින් සිද්ධ වෙච්චි ඇත්ත කතාව කියන්න තීරණය කළා.වෙච්චි වරද නිවැරදි කරන වැඩපිලිවෙලකක් ඉදිරිපත් කරන්න තීරණය කළා. ඒ හින්දා එයාලට දේශපාලන පොර පිටිය ඇතුලේ විසි නොවී පවතින්න පුළුවන් වෙලා තියනවා.දැන් දේශපාලන පොර පිටියට බහු පාර්ශවීය වෙලා.මේ ළඟක් වෙනකම්ම මාලිමාවේ තනි අයිතියට ලියාගෙන තිබුණ ලාංකීය දේශපාලන භූමියේ දැන් තරඟකරුවන් ගොඩක් ඉන්නවා. අනුර යාපා – ලන්සා කණ්ඩායමට අමතරව සජබයත් ජනතාව අතරට යමින් ඉන්නවා.
ඊළඟට ලාංකීය දේශපාලන පොර පිටියට ආපු අලුත් තරඟකරුවන්ගෙන් තවමත් නොදැවී ඉන්න දිලිත්ට පුළුවන් වෙලා තියනවා.දැනට දිලිත් සාර්ථක දිස්ත්රික් සමුළු හතක් තියලා තියනවා.දිලිත්ට ඉස්සෙල්ලා තරඟයට බැහැපු ධම්මික පෙරේරා ලොකු ගාණක් රාජපක්ෂලාට පූජා කරලා සද්ධ නැතිව කඩේ වහලා ගෙදර ගිහිල්ලා.පාඨළීගේ ජනරජ පෙරමුණත්,ශ්රිලනිපයත් ඉදිරි මැතිවරණයක් ඉළක්ක කරගෙන බීමට බැහැලා තියනවා.
නාමල්ලුත් දස බල සේනා හදාගෙන බිමට බැස්සත් රාජපක්ෂලාට තියන විරෝධය ඉස්සරහා සාර්ථක වෙන්න බැරිව ලත වෙවී ඉන්නවා. ලන්සලාගේ මේ සාර්ථකත්වය අනිත් කණ්ඩායම්වලටත් ලොකු අභියෝගයක්.රාජපක්ෂලා හැරුණාම සජබයට සහ මාලිමාවට ලන්සලා අභියෝගයක් වෙලා. ලන්සලා ජා – ඇල රැලිය තියන්න තෝරගෙන තිබුණේ මාලිමාව රැස්වීම කරපු භූමියමයි.
ඒ භූමියම තෝරගෙන ඊට වඩා ලොකු පිරිසක් දාලා.ඊටත් වඩා සංවිධානාත්මක සහ විචිත්රවත් රැස්වීමක් කරන්න ලන්සලාට පුළුවන් වුනා.ඒ වගේම ඊයේ කරපු හයිඩ් පිටියේ රැස්වීම ඊට නොදෙවෙනි එකක්.දේශපාලන පොර පිටියේ තියන රනිල්ගේ නියෝජනය දැනට සපුරමින් ඉන්නේ ලන්සලාගේ සන්ධානය.රනිල් දේශපාලන ගේම් එකට බැහැලා නැතත් රනිල් වෙනුවෙන් ලන්සලාගේ ටීම් එක වැඩ.
දැන් දේශපාලන පිටියේ ප්රධාන තරගකරුවන් සියලු දෙනාම මොනයම් ආකාරයකින් හරි නියෝජනය වෙනවා.රනිල්,සජිත්, අනුර,දිලිත් සහ චම්පික පෙනූමට ඉන්නවා.මේ කණ්ඩායම්වල දේශපාලන ආගමනයත් එක්ක ලොකුම බලපෑම වෙන්නේ මාලිමාවට.හැමදාම දේශපාලන පිටිය රත්වෙන්න ඉස්සෙල්ලා බහින්නේ ජවිපෙයි.ඇත්තටම දේශපාලන පිටියට රත්කරන ආරම්භක පියවර තියන්නේ හැමදාම ජවිපෙයි.
මේ පාර උනෙත් එහෙමයි.ජවිපෙ දැන් පෙනී ඉන්නේ මාලිමාවේ වේසයෙන්.හැමදාම පිටියේ තරඟකරුවන් නැති කාලයට ජවිපෙ ඉදිරියෙන් හිටියා.ඒත් තරඟය පටන් ගත්තට පස්සේ ජවිපෙයට හැමදාම පස්සට යන්න සිද්ධවුනා.මේ පාර තරඟයේ ස්වභාවය වෙනස් වගේම මාලිමාවේ වර්ධනයත් අවතක්සේරු කරන්න බෑ.ඒත් රටේ රාළගේ අදහස ජනාධිපතිවරණ සටන තවමත් විවෘත එකක් කියලයි.
දැන් මාලිමාවට තියන අභියෝගය සියලු තරඟකරුවන් සිටියදී මේ දක්වා මාලිමාව පවත්වාගෙන ආපු වේගය ඉදිරියට පවත්වාගෙන යෑමයි.මාලිමා බලවේගයට දැන් හති වැටිලා. මාලිමාවේ බලවේගය කියන්නේ ඇත්තටම පොහොට්ටුවේම කොටසක්.ඒක මාලිමාවේ වේදිකාව දිහා බැලුවම පේනවා.මාලිමාවේ වේදිකාව සරසලා තියෙන්නේ එදා ගෝඨාභයගේ වේදිකාව සරසපු නළු නිලියන්ගෙන්,ආචාර්ය මහාචාර්යවරුන් ගෙන්.
රැල්ල ආපිට හැරෙන්නේ කොයි මොහොතේද ඔය සියලු දෙනාම කිසිම ලැජ්ජාවක් නැතිව ඒ රැල්ලේ පීනගෙන ආපහු යනවා.රැල්ලට අනුව පීනගෙන එහෙට,මෙහෙට යන එක ඒ අයගේ සිරිතක්.ඒකට අපේ දේශපාලනඥයෝ වගේම ජනතාවත් අහුවෙනවා.කොහොම උනත් ලාංකීය දේශපාලන තුල නිර්මාණය වී තිබෙන මේ නව සන්ධානය නැමති සටන්කරුවා අනිත් දේශපාලන ව්යාපාරයවලට අභියෝගයක් බව එයාලාගේ දෙවන රැස්වීමෙනුත් තහවුරුවෙලා තියනවා.
රටේ රාළ දිගටම කියන්නේ අපේ රටේ දේශපාලන අනාගතය දැන් පරණ සම්ප්රදායික ක්රමයට ලියන්න බෑ.ඒ වගේම බොරුවෙන් ලියන්නත් බෑ.අද අපේ රටේ දේශපාලනයේ මහා චරිත,මහා නායකයෝ,මහා වීරයෝ නෑ.අද මේ රටට අවශය වෙලා තියෙන්නේ ශක්තිමත් සන්ධානයක්.රට ගොඩනැගීමේ ඉලක්කයක් සහ වැඩපිලිවෙලක් සහිත සංවිධානයක්.
ඒ වගේ සන්ධානයක් හැදෙන්න ඕනි ශක්තිමත් බලවේග රැසක එකතුවකින්.එතකොට තමයි සාමූහික නායකත්වයක් යටතේ නිවැරදි වැඩපිලිවෙලක් ක්රියාත්මක කරන්න පුළුවන්.එහෙම නැතිව තවදුරටත් බොරු පුද්ගල පම්පෝරිවලට මේ රට හදන්න බෑ. ලන්සලා එහෙම ගමනක් වෙනුවෙන් ආරම්භක පියවරක් තියලා තියනවා.හයිඩ් පිටියට ඊයේ ගැලු ජනගඟෙන් කියන්නේ එයාලා දිහාත් මේ රටේ ජනතාව අවධානයෙන් බලා ඉන්නවා කියලයි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 4 people

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *