ශිරාල් ලක්තිලක ම තොප්පිය දාගෙන

පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවීමට සිරිසේන මහතා සමග ගිවිසගත් කරුණු පිළිබඳව සිවිල් සංවිධාන 18 නියෝජිතයින් පිරිසක් පසුගිය දා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපතිතුමා සමග කළ සාකච්ඡාවේ දී ජනාධිපතිතුමාව වටකරගෙන සිටින දඩ බල්ලන්ගෙන් වන ජනාධිපතිතුමාට හා යහපාලන ආණ්ඩුවට වන හානිය පිළිබඳව එම නියෝජිතයින් පෙන්වා දී තිබේ.
සාකච්ඡාව අවසන් වී එළියට පැමිණෙනවාත් සමග ජනාධිපති සම්බන්ධිකරණ ලේකම්වරයෙකු වූ ශිරාල් ලක්තිලක මහතා දඩබල්ලා කිවේ තමන්ට ද යන්න එම නියෝජිත පිරිසගෙන් විමසා ඇති බව වාර්තාවන අතර තොප්පිය හරිනම් ඒක දාගන්නා ලෙස එක් නියෝජිතයෙක් ලක්තිලක මහතාට පවසා ඇති බව ද දැනගන්නට ඇත. තවද චන්ඩි පාට් එකෙන් එන්නේ නම් තමන් එයට ද සූදානම් බව මේ නියෝජිත පිරිසේ සිටි කම්කරු නායකයෙක් ලක්තිලක මහතාට පැවසදූ බව ද තව දුරටත් වාර්තාවේ.
අගමැතිවරයා සමග ලක්තිලක මහතාට ඇති පෞද්ගලික කෝන්තර වෙනම විසඳගන්නා ලෙෂ හා ආණ්ඩුවට හානි පමුණුවන බොරදියේ මාලු බෑම නතර කරන ලෙස ද මෙහිදි අර කියන ලද නියෝජිත පිරිස ලක්තිලක මහතාට පැවසු බව ද දැනගන්නට ඇත.
ජනාධිපති ආරක්ෂක අංශය මැදිහත් වි මේ බහින් බස්විම දුරදිය යෑම වලක්වා ඇති අතර ඒ අවසරයෙන් ලක්තිලක මහතා හිමින් සිරුවේ ඉවත්ව ගිය බව කියැවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *