වේදිකා මත දිගහැරෙන සජබ,මාලිමා දේශපාලන කෝලම්. – රටේ රාළ

May be an image of 2 people
” ජනාධිපති රනිල් සහ මුදල් ඇමති වික්රමසිංහ ” ලිපියෙන් රටේ රාළ කිව්වේ ජනාධිපති රනිල් කියන ප්රකාශ සහ මුදල් ඇමති විදිහට එයාගේ භාවිතාව අතර තියන වෙනස ගැනයි.ඇත්තටම මේ ප්රශ්නය රනිල්ට විතරක් නෙවෙයි අපේ රටේ හැම පක්ෂ,විපක්ෂ මහජන නියෝජිතයෙකුටම අදාලයි. මේ හැම කෙනාම හදන්නේ තමන්ගේ පෞද්ගලික බල උවමනාව වෙනුවෙන් රටේ ඇත්ත ප්රශ්නය ජනතාවගෙන් වසන් කරන්න.
මහජන නියෝජිතයන් තමන්ගේ භූමිකාව හරියට ඉෂ්ඨ කරනවද කියන සාකච්ඡාවෙදී අපට කෙලින්ම කියන්න තියෙන්නේ නෑ කියලයි. ආණ්ඩුව තමන්ගේ අනෙකා බවට විපක්ෂය පත් කරගෙන,විපක්ෂයත් තමන්ගේ අනෙකා බවට එක්කෝ ආණ්ඩුව නැත්තං විපක්ෂයේම තවත් කණ්ඩායමක් පත් කරගෙන. මෙතනදී ගොඩක් දෙනෙක්ගේ අනෙකාවෙලා ඉන්නේ මාලිමාව.
රටේ රාළ දිගටම කිව්වේ තමන්ගේ අනෙකා බවට වෙනත් පුද්ගලයෙක් හරි කණ්ඩායමක් හරි පත්කර ගැනීම දේශපාලනිකව වැරදියි කියලයි. ඇත්තටම අපේ අනෙකා බවට පත්වෙන්න ඕනි අනුරවත්,සජිත්වත්,රනිල්වත්,දිලිත්වත් නෙවෙයි. මේ රට විනාශ කරපු මේ කාලකණ්ණි system එක.ඒක තමයි අපි හැමෝගෙම පොදු හතුරා. එතනට මේ ප්රශ්නය focus කරන්නේ නැතිව මොනවා කලත් මේ රටට අවශ්ය සමාජ පරිවර්තනය කරන්න බෑ.හැබැයි මේ දේශපාලනය ඇතුලේ එහෙම පදනමකින් මේ ප්රශ්නයට ප්රවිෂ්ඨ වෙන කණ්ඩායමක් තවමත් දකින්න නෑ.
සමාජ පරිවර්තනයක් ගැන රටේ ජනතාවට අවශ්ය කරන මඟ පෙන්වීම ලාංකීය සමාජයට ලබාදෙන්න පුළුවන් මනෝ මූලික සාධකය තවමත් සම්පූර්ණ වෙලා නෑ.ජවිපෙ පැත්තෙනුත් ඒ සාධනීය පියවර තියන්නේ නෑ.ඒ වෙනුවෙන් අරගලයකුත් ජවිපෙ ඇතුලේ නෑ.නිකං හිතන්නකෝ අපි ඩෝලර් බිලියන 90 කට ආසන්න ණයක් තියෙන රටක්.දැන් අපි ණය ගෙවන්නේ නෑ. හැබැයි කොයි වෙලේ හරි අපිට ණය ගෙවන්න වෙනවා.
අපි ඒ ප්රශ්නයට මුහුණ දෙන්න ඕනි.දැන් ණය ප්රති ව්යුහගතකරණය කියලා අපි කරන්නේ ණය ගෙවීම පස්සට දාගන්න එක.හැබැයි අපට කොතැන ඉදන් හරි ගෙවන්න වාරිකයක් හැදෙනවා.තමන් බලය ගත්තම කොහොමද ඒක ගෙවන්නේ කියලා මේ කවුරුත් කට අරින්නේ නෑ. රනිල් කරන්නේ තියනදේ විකුණලා ණය ගෙවන එක කියලා කියන අය ඒක තමන් කරන විදිහ කියන්නේ නෑ.
එයාලගේ ඒ සම්බන්ධව තියන සුදානම මොකද්ද?ඒ ගැන කිසිම දේශපාලන පක්ෂයක නායකයෙක් කතා කරන්නේ නෑ.එයාලා කියන්නේ මට දෙන්න මම ආවම කරන්නං කියලා විතරයි.හැබැයි ඒක කරන්නේ කොහොමද කියලා කියන්න එයාලා දන්නේ නෑ.ඇත්තටම මෙතන ආයෙත් හැදෙමින් තියෙන්නේ ජනතාව මුලා කරන ගෝඨාභය පන්නයේ ඇන්ඳවීමක්.ඒ පන්නයේ කැම්පේන් තමයි කොයි පැත්ත බැලුවත් තියෙන්නේ.
සජිත් කරන්නෙත් ඒක.ඉස්කෝලවලට බස් දෙනවා,කම්පියුටර් දෙනවා,සුහුරු පන්ති කාමර හදනවා.ඉස්කෝලේ ළමයි වටකරගෙන ජොලි සීයා වගේ ලස්සන කතා කියනවා.මම ආවම කරනවා කියනවා මිසක් රටේ සමස්ථය ගොඩනගන විදිහක් එයා ළඟ නෑ.සජිත්ගේ තියෙන්නේ තනි තනි ලස්සන වාක්ය විතරයි. ජවිපෙ ඒකේ තවදුරටත් එහා ගිහින් දැන් වේදිකා උඩ සාහිත්ය දේශන පටන් අරන්.
දැන් ජවිපෙ වේදිකාවල වැඩිපුර රැව්පිළිරැව් දෙන්නේ සාහිත්ය රසය.මාලිමාවේ වේදිකාව රටේ ප්රශ්නවලට උත්තර දෙන වේදිකාවක් නෙවෙයි. දැන් මාලිමාවේ වේදිකාව කියන්නේ සාහිත්ය රසය බෙදන වේදිකාවක්.සාහිත්යය මිනිස්සුන්ට ඕනි.ඒ ගැන තර්කයක් නෑ.රසවින්දනය ඕනි.මිනිස්සු හිනස්සවන්න ඕනි.හැබැයි මේ කරන තොරොම්බල් දේශපාලනය අස්සේ කරන්නේ සංවිධානාත්මකව රටේ ඇත්ත ප්රශ්න ටික වහන එකයි.
රටේ රාළ අහන හෙට දවසේ ගෙවන්න තියන ණය වාරිකය කොහොමද ගෙවන්නේ කියන ප්රශ්නයෙන් පැනලා යන එකයි.ජවිපෙ ඇත්ත ප්රශ්නය කතා කරන්නේ නෑ.කතා කරන්නේ නැත්තේ එයාලට උත්තර නැති හින්දයි.රටේ රාළ අහන්නේ මෙච්චරයි මේ ණය ප්රශ්නය විසදන ඔයාලගේ උත්තරය කියන්න කියලයි.රාජ්ය ආයතන ඇතුලට ඇවිත් තියන මහ බැංකුව පන්නයේ,රේගුව පන්නයේ…. තක්කඩි සංස්කෘතියට දෙන උත්තරය කියන්න කියලයි.
ඒවට මොකද කරන්නේ කියන උත්තරය ඔය කිසිම වේදිකාවකින් එන්නේ නෑ.ඒවා කතා නොකර සාහිත්ය දේශන කරන තැන දක්වා npp එකත් පහුබැහැලා.දැන් ජවිපෙ කරන මේ තොරොම්බල් දේශපාලනය රටට තේරිලා තියනවා.උත්තර නැතිකම වහගන්න මාලිමාවේ වේදිකාවට සාහිත්යය ගෙනත්.ජවිපෙ මහ ලේකම් සියලු කාන්තා සමුළුවලට ගිහින් සාහිත්ය දේශන තියනවා.ටිල්වින් එහෙම කරන්නේ සාහිත්යයට කැමති හින්දා නං නෙවෙයි.එක්කෝ කාන්තාවන්ට කැමති හින්දා නැත්තං ප්රශ්නය යට ගහන්න ඕනි හින්දා.ටිල්වින් ගැන දන්න අය ටිල්වින් එහෙම කරන්නේ මොකටද කියන එක සහ සුද්දෙන්ම දන්නවා ඇති.
විපක්ෂයට විතරක් නෙවෙයි මේ ප්රශ්නාවලිය ආණ්ඩු පක්ෂයටත් අදාලයි.මේ system එකේ තියන වැරදිවලට එරෙහිව හඩනගන්න ආණ්ඩු පක්ෂයටත් අයිතියක් තියනවා.නාමල්ලා කරන්න ඕනි ඒක.එහෙම නැතිව මහින්ද දූෂිතයන් ගන්න හදපු සැලුන් දොරවල් ගැන කියකියා ඉන්න එක නෙවෙයි.මේ තත්වය දකින ඒ ගැන මත පලකරන අය පක්ෂ විපක්ෂ දෙපැත්තේම ඉන්නවා.
ඒ අයගේ දේශපාලනය එක්ක අපි එකඟ නැතිවුනත් මේ system එකේ තියන අවුල පෙන්වාදීම පැත්තෙන් අපි එයාලත් එක්ක එකඟයි.පහුගිය දවස්වල මහින්දානන්ද අලුත්ගමගේ,ඩයනා ගමගේ වගේ කීපදෙනෙක් පාර්ලිමේන්තුදී මේ සිස්ටම් එක විවේචනය කරමින කතා කළා.රටේ රාළ ඒ ප්රවේශයන් අගය කරන්න පසුබට වෙන්නේ නෑ.එහෙම කතා කීපයක්ම පහුගිය පාර්ලිමේන්තු සතියේදී ඇහුණා.
දැන්වත් ආණ්ඩු පක්ෂයේ අය කරන්න ඕනි ආණ්ඩුව කරන හැම third class වැඩකට අත උස්සන එක නෙවෙයි.තමන්ගේ හෘද සාක්ෂියට අනුව හරිදේ වෙනුවෙන් හිටගන්න එකයි.මේ system එකේ තියන කාලකණ්ණිකමට එරෙහි හඩක් නැගීම කියන තැනට ආණ්ඩුව සහ විපක්ෂය දෙකම එන්න ඕනි.ඒ පැත්ත පෝෂණය වෙන්න ඕනි.අද ඒක විපක්ෂයට වඩා යම් පමණකට හරි කරන්නේ ආණ්ඩු පක්ෂය පැත්තෙන්.
විපක්ෂයි ඉන්න ප්රධාන ධරාවන් දෙක වන සජබය සහ මාලිමාව ඒක කරන්නේම නෑ.අනතුර සම්බන්ධ විග්රහක් බොහෝවිට එන්නේ පාඨළී, දයාසිරි වගේ මන්ත්රීවරුන්ගෙන් විතරයි.රටේ රාළ කියන්නේ අඩුම ගානේ පාර්ලිමේන්තුවේ මේ ඉදිරි මාස පහ හය ඇතුලේවත් මහජන නියෝජිතයාගේ ඇත්ත භූමිකාව ඉෂ්ඨ කරන වගකීම මෙයාලට තියනවා.
අඩුම ගානේ මේ රට කඩා වට්ටපු මේ සිස්ටම් එකට අදාල හේතු සාධක හෙලි කරලා ඊට එරෙහි අරගලයක් කරන්න පුළුවන්.ඒකට ආණ්ඩුවද විපක්ෂයද කියලා අදාල නෑ.ඒකයි රටේ රාළ නම් වශයෙන්ම එහෙම කරන අය ගැන කිව්වේ.මේ කතාව පෝෂණය කිරීමෙන් සහ ඒ වෙනුවෙන් අරගල කිරීමෙන් අඩුම ගානේ ඉදිරි මැතිවරණයට මේ සිස්ටම් එක වෙනස් කරන්න පාදක කරගත්ත පුළවන් මැතිවරණ වැඩපිලිවෙලකට හරි දේශපාලන පක්ෂ යොමුවෙන්න පුළුවන්.
එහෙම වැඩපිලිවෙලක් ආවොත් විතරක් ජනතාව ඒ අය නැවත පාර්ලිමේන්තුවට තෝරයි.ඒක නිසා තමන්ගේ අනෙකා ජවිපෙ හරි,රනිල් හරි,සජිත් හරි,දිලිත් හරි කරගන්න එක පැත්තකට දාලා මේ රට විනාශ කරපු මේ system එකේ තියන ජරා ලක්ෂණවලට එරෙහි වැඩපිලිවෙලක් ඉදිරිපත් කරන්න. එහෙම උනොත් විතරක් ජනතාව එයාලා ගැන නැවත සළකා බලයි. එහෙම නැත්තං සොරිම තමයි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ
May be an image of 2 people

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *