|

ලෙල්ලමේ සෙල්ලම

 

 

මීගමුව පිටිපන ධීවරයන් පෙබරවාරි 19 වැනිදා කොළඹ අගරදගුරු නිල නිවස ඉදිරිපිට විරෝධතාවයක නිරත වුයේ කතෝලික සභාව තමන් රැකියාව කරනු ලබන ලෙල්ලම පවරා ගැනීමට උත්සාහ දරන බවට චෝදනා කරමින් ය.

මේ ආරවුල කුමක් ද? එය පැරණි එකකි! පිටිපන ලෙල්ලම වසර හැටකටත් වඩා පැරණි එකකි. එම ඉඩම පල්ලියෙන් කොටස් වශයෙන් මුදල් ගෙවමින් පවරා ගෙන ඇත්තේ ඉංගිරිසියෙන් ලියන ලද ඔප්පුවේ තිබෙන්නේ මොනවාදැයි නොදත් දැන් සිටින ධීවරයින් ගේ පියවරුන්ගෙනි.

ඔවුහු  ඔප්පු තිරප්පු ගැන නොදැනම ලෙල්ලම පවත්වාගෙන ගියහ. එය මේ වන විට පවත්වාගෙන යන්නේ ධීවර සමිතිය මගිනි.

2008 වසරේ දී එවකට කොළඹ අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපානන් විසින් පිටිපන එක්සත් ධීවර සමිතියට එරෙහිව නඩු පවරා ඇත්තේ ලෙල්ලම ලබා දීමේ දී පනවා ඇති කොන්දේසි කඩ කළ බවට චෝදනා කරමිනි.

අදාළ ඉඩම කොළඹ අගරදගුරු හිමියන්ට අයත් බවට නියෝගයක් ලබා දෙන ලෙසත් එසේ නියෝගය ලබා දෙන තුරු තම නියෝජිතයෙකු ලෙල්ලමේ පරිපාලනයට හා භාරකාරීත්වයට පත් කරන ලෙසත් කොළඹ එවකට සිටි අගරදගුරු හිමිපානන් පෙත්සමෙන් ඉල්ලා තිබේ.

එම ඉල්ලීමට අනුව 2024. පෙබරවාරි 02 වැනිදා මීගමුව දිසා අධිකරණය විසින් අතුරු නියෝගයක් ලබා දෙමින් ලේලලමේ පරිපාලනයට සහ කළමනාකාරිත්වයට පල්ලියෙන් නියෝජිතයෙකු පත් කරන ලෙස නියෝග කර ඇති අතර එසේ පත්කරන ලද භාරකරුට එම දේපළට අදාළ ගිණුම් සහ අත ඉතිරි සියලු මුදල් ද භාර දෙන ලෙසටත් නියෝ කර තිබුණි.

ධීවර ජනතා වෘත්තිය සංගමයේ ජාතික සංවිධායක ප්‍රසංග ප්‍රනාන්දු චෝදනා කරන්නේ  කතෝලික සභාව ධීවරයන් සතු ලෙල්ලම පවරා ගැනීමට උත්සාහ දරන බවට ය. “අපි ගරු අධිකරණයේ තීන්දුවට ගරු කරන ගමන් අපි කියන්නේ අපි අවුරුදු 65ක් භුක්ති වින්ඳ අපේ ලෙල්ලම අපිට දෙන්න ඕනේ.”

ඔවුන්ගේ ඉල්ලීම එයයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *