විල්පත්තුවේ මිනිසුන්ගේ ප්‍රශ්නය දෙස ජාතිවාදීව ආගම්වාදීව බලන්න එපා.- ගාමිණී වියන්ගොඩ

සති දෙකකට පෙර අපි විල්පත්තු ගියා මේ කාරණා සම්බන්දයෙන් හොයලා බැලුවා.ඒ ගමන නිසා අපේ තිබුණු යම් මතයක් සනාථ වුනා. මෙහි කිසියම් වූ ජාතිවාදයක් තියෙනවා. ඒක මෙහෙය වන්නේ යම් යම් දේශපාලනඥයන් විසින් ඒ අයගේ වාසියට මෙහෙයවනු ලබනවා. එල්ටීටීඊ ත්‍රස්තවාදීන් ට විරුද්ධව අද දක්වා වත් සිංහල දකුණේ කථිකාව තුල වැදගත් මාතෘකාව වෙන්නෙ කුමක්ද ? 1990 දි විල්පත්තුව ආශ්‍රිතව ජීවත් වු ජනතාව පලවා හැරීමේ සිදුවීම සම්බන්ධයෙන් දකුනේ මාධ්‍ය වාර්තා කරන්නෙ, එල්ටීටීඊ සංවිධානයට විරුද්ධවඒක ත්‍රස්තවාදී ක්‍රියාවක්.හැබැයි පාලකයින් එල්ටීටීඊ යට විරුද්ධව එහෙම පාවිච්චි කරනකොට එහෙම පලවා හැරිය මිනිස්සුන් නැවත එම ප්‍රදේශ වල පදිංචි කරවීමේදි නැවත ගන්නවා සිංහල ජාතිවාදී කාඩ් එක.ඔන්න මුස්ලිම් අයව ගිහින් දැන්.පදිංචි කරනවා කියලාදේශපාලනඥයන් එකම සිදුවීම අවස්ථා දෙකදී පාලනය කරනවා.මේක තමයි දේශපාලනයේ තියෙන කුහකත්වය
එක දේශපාලනඥයෙක් මෙහෙම ප්‍රකාශ කලා.සිංහල පවුල් කියක් තියෙනවද ? සිංහල පවුල් 26 පදිංචි කරල තියෙන්නෙ. මුස්ලිම් පවුල් සියගානක් පදිංචි කරලා තියෙනවා.ඒක තමයි මේ දේශපාලනඥයගෙ ලොකුම දුක් ගැනවිල්ල.මම ඔහුගෙන් ප්‍රශ්න කලා.

මේ පලවා හැරීන කරන අවස්ථාවේ ඔය ප්‍රදේශයේ ප්‍රතිශතය මොකක්ද සිංහල මුස්ලිම් දෙමල, වැඩි ප්‍රතිශතයක් හිටියෙ මුස්ලිම් සහ දෙමල පිරිස නැවත පදිංචි කිරීමේදීත් ඒ සදහා වැඩි අවධානය යොමු කල යුතුයි. සත්වයා ගේ මෙන්ම මනුෂ්‍යයාගේ පැවැත්ම සදහා පරිසරය අත්‍යාවශ්‍යයි. ඒක ආරක්ශා කරගත යුතුමයි නමුත් ලෝකයේ හැමතැනකම ජනගහනය වැඩිවෙනකොට සංවර්ධනය වේගවත් වෙනකොට ඊට සමානුපාතිකව වන ගහනය ක්‍රමක්‍රමයෙන් අඩුවෙලා තියෙනවා.ලෝකය පුරාතිබෙන ඇත්ත තත්වය මෙයයි. සීමාවෙන් එහාට නොගොස් ස්භාවික සම්පත් ආරක්ශා කර ගැනීමට අපි කැපවිය යුතුයි.පරිසරවේදීන් දක්වන ආකාරයට ලංකාවේ 20% වඩා අඩු වන ගහනය විනාශ වුවහොත් ඒක මේ පොලොවේ වෙසෙන සෑම සත්වයෙකුටම සෘජුවම බලපෑ හැකියී.
අන්තගාමී නොවී තිරසාර ආර්තික ස්ංවර්ධනය වෙනුවෙන් පෙරමුන ගැනීම කල යුතුයි .නඩත්තු කලහැකි ආර්ථික සංවර්දනයක් කලයුතුයි.
ඒහා සමගාමීව පරිසර සංරක්ෂානයක් කල යුතුයි. මේකට අපි සියයට පන්සියයක් එකගයි. ලෝකයේ බොහෝ රටවල මෙය ක්‍රියාත්මක වෙනවා. පරිසර වේදීන් කරපු සමීක්ෂනයකි සම්බන්ධයෙන් ඒ අය පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්තුවා .මුලතිව් වල අක්කර 6000ක් එලි කරල තිබෙනවා.අන්දම්කුලම් සහ කෝකිලායි වල ආශිතව අක්කර 6000ක්.ඒව දීල තියෙන්නෙ ඉඩම් අහිමි උනු අහිංසක ජනතාවට නෙවේ.මහා ලොකු බිස්නස් කාරයින්ට.පදවිය වනරක්ෂිතයේ ඉඩම් අක්කර 32000 කට එලිකරමින් තියෙනවා දැනට2013 දී ගැසට් පත්‍රයක් මගින් ලබල දීල තියෙනවා.මැදිරිගිරිය බිසෝපුර ප්‍රදේශයේ අක්කර 22500ක් එලි කරලා තියෙනවා.වැලිකන්ද අක්කර 20000ක කැලෑ ඉඩම් එලිකරල තියෙනවා. මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට තමයි මේවා බෙදලා දීලා තියෙන්නෙ
කරුම් කාලිපුරම් කියන වනාන්තරයේ අක්කර 5000ක් නිදහස් කරලා තියෙනවා මේ මහවැලි L කලාපයේ සිද්ධ වූ වනාන්තර විනාශය ගැන විතරයි. විල්පත්තුවේ ප්‍රශ්නයට අපට අහියෝග කරන ස්වාමීන් වහන්සේ මේවා ගැන කතා කරන්නේ නෑ
වව්නියාවේ කැලෑ එලිකරලා නාමල්ගම හදලා හම්බන්තොට මිනිස්සු ගෙනල්ල පදිංචි කරනකොට මේ අය කොහෙද හිටියෙ
පරිසරයට ජාතියක් නෑ පරිසරයට ආගමක් නෑ. ඒක හැමාටම පොදු වෙන්න ඕනි. මේ ජාතිවාදී ආගම්වාදියො පරිසරයට ආගම ජාතිය ඔබ්බන්න හදනවා. ඒකටත් දෙමල මුස්ලිම් අහිංසක මිනිස්සුන්ව හසුකරල ඔවුන්ව හංවඩු ගහනවා. ඒක සිංහල බෞද්ධයන් කලොත් ඒකට කට හොල්ලන්නේ නෑ.අපි ඒකට විරුද්ධයි .විල්පත්තුවේ ඒවගේ දෙයක් කරල තියෙනවානම් අපි ඒකට විරුදධයි
හැබැයි අපි එහෙම දෙයක් දැක්කෙ නෑ.

යම්කිසි කෙනෙක් කියනවානම් වැඩිපුර කැලෑ එලිකරල තියෙනවා නම් කැලෑ එලිකරල තියෙනවා,සාක්ෂි සහිතව ඔප්පු කරන්න පුලුවන් නම් අපි ඒකට විරුද්ධව නැගී හිටින්නත් කැමතියි. හැබැයි ජාතිය ගාවගන්න එපා. පරිසරය මුවාවෙන් නැවතත් රටේ යුද්දයක් ඇති කරන්න හදන්න සූදානම් වෙන්න එපා.අපි කියන්නෙ මේ කාරණයඅපිට නොයෙකුත් ආකාරයේ කතා කියනවා.අපි මේ ප්‍රශ්නයට මැදිහත් උනේ ජනතාව වෙනුවෙන්. මුස්ලිම් දෙමල මිනිස්සුන් මේ ප්‍රදේශයෙන් පලවා හැරලා තියෙනවා. ඒ අයට එයාලගේ වාසස්ථාන ලබල දෙන්න ඕනි. ඒ විතරක් නෙවෙයි මේක ඇතුලෙ සිංහල ගම්මානයකුත් තියෙනවා. මාධ්‍යයෙන් කීවෙ මුස්ලිම් මිනිස්සු කැලෑ කපනවා කියලා.සිංහල අය ඉන්න බවක් අපි දන්නෙත් නෑ. මොකද ජාතිවාදී කාඩ් එක ගහල මේක රටේ ලොකූ ප්‍රශ්නයක් කරන්නයි මේ අයට උවමනාව තියෙන්නෙ.
මෙන්න මේ දේශපාලනයට අපි විරුද්ධයි

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *