ඩොලරය බැසීමේ, පොලී අඩුවීමේ වාසි විදුලි පාරිභෝගිකයින්ට – ඇමති කංචන විජේසේකර

රුපියල ශක්තිමත් වෙමින් ඩොලරයේ අගය පහත බැසීම, බැංකු පොලී අඩුවීම නිසා ණය සඳහා පොලී ගෙවීම අඩුවීම ඇතුළු රටේ යහපත් ආර්ථික වර්ධනයන් නිසා බලාපොරොත්තු වුවාට වඩා විදුලි ගාස්තු අඩු කළ හැකි වන බව විදුලිබල සහ බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

ගල් අඟුරු සඳහා හොඳ මිලක් ලැබී ඇති බවත්, විදුලිය නිෂ්පාදනයට ගන්නා දැවිතෙල් සහ ඩීසල් ද අඩු මිලට ලබාගත හැකි වී ඇති බවත් ඇමතිවරයා කීය.

මෙලෙස ලැබී ඇති සියලු වාසි ගණන් බලා එය පාරිභෝගික ජනතාවට ලබාදීමට ක්‍රියාකරන බව ඇමතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *