සිවිල් සංවිධාන සහ ජනාධිපති අතර සාකච්ඡාව සාර්ථකයි

පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති කරවීමට එක් වූ හා එහිදි ගිවිසුමක් ඇතිකරගත් සිවිල් සංවිධාන 18ක නියෝජිත පිරිසක් සමග පසුගිය දා පැවති සාකච්ඡාව සාර්තකව නිමා වූ බව යුක්තියට වාර්තාවේ. දැනගන්නට ඇති ආකාරයට සංශෝධනයක් නොව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය බව මෙහිදි ඒ නියෝජිත පිරිස ජනාධිපතිවරයාට පෙන්වා දී ඇති අතර එයට ජනාධිපතිවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණු බව දැනගන්නට ඇත.
විශේෂයෙන්ම එජාපය. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා දෙමළ සන්ධානය සමග එක්වී ඇතිකරගත හැකි එකගතාවය පිළිබඳ කෙටුම්පතක් සකස් කරමින් පවතින බව ජනාධිපතිවරයා මෙහිදි නියෝජිත පිරිසට දැණුම දී ඇති බව කියැවේ.
මෙය අමතරව සෛටම් ආයතනය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය ගැන ද සාකච්ඡා වූ බව සඳහන් වේ. දැනගන්නට ඇති ආකාරයට රාජ්‍ය හා පෞද්ගලික ආයතනයක් ලෙෂ සෛටම් ආයතනය පවත්වාගෙන යෑමට ඇති ඉඩකඩ සොයා බලමින් පවතින බව කියැවේ. ඒ අනුව කවුරුත් කථාකරන එම ආයතනයේ ප්‍රමිතිය පිළිබඳ ගැටලුව නිරාකරනය වනු ඇති බවට එහිද විශ්වසය පලවූ බව ද කියනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *