|

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ නව යෝජනාවක් ; සාකච්ඡා ලන්ඩනයේ දී

පෞද්ගලික ණය හිමියන් ලෙස සැලකෙන , ජාත්‍යන්තර ඩොලර් බැඳුම්කර හිමියන් වෙත ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ නව යෝජනාවක් ශ්‍රී ලංකා රජය ඉදිරිපත් කොට ඇති බවත්, ඒ පිලිබඳ සාකච්ඡාවක් ඉදිරි දිනෙක ලන්ඩන් හුවර දී පැවැත්වෙනු ඇති බවත්, තතු දත් ආරංචි මාර්ග උපුටා දක්වමින් බ්ලුම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කොට ඇත.

රජයේ නව යෝජනාව ඉදිරිපත් කොට ඇත්තේ සියයට 20 ක ණය කපා හැරීමක් සමග රටේ ආර්ථික වර්ධනයට සම්බන්ධ කළ ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා ණය හිමියන් පසුගිය ඔක්තෝබරයේ දී ඉදිරිපත් කොට තිබු යෝජනාවට විකල්ප යෝජනාවක් වශයෙනි.

රජයේ නව යෝජනාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ උපදේශකයින් ලෙස  කටයුතු කරන ලසාඩ් සමගම මගින් ණය හිමියන් වෙත ලබා දී තිබේ.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණය මේ වන විට අවසන් කොට ඇති අතර විදෙස් ද්වි පාර්ශවික ණය හිමියන් වන චීනය, ඉන්දියාව, සහ පැරිස් සමාජය ඇතුළු අනෙකුත් රටවල් සමග අවබෝධතාවයක් ඇති කරගෙන තිබේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *